CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
964 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Pad Man (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pad Man (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 09, 2018India140 Min.
Your rating: 0
9.9 7 votes
Padman (2018) | උත්සාහය අත් නොහරින තුරා ඔබ පරාද නැත.

ඉතිං මේ සිනමාපටය IMDB 8.3, කුණු තක්කාලි දර්ශකයේ 100% වැනි ඉහල අගයන් වාර්තා කළා වගේම ඉන්දියානු රුපියල් බිලියන 1.2ක ඉහල ආදායමක් ලබාගත්ත. මේ නිර්මාණය අක්ෂේ කුමාර්, රාධිකා ආප්තේ, සෝනම් කපුර්. (සෝනම් නම් ඊයේ පෙරේදා දවසක විවාහ උනා ඒ දුක තාම තියෙනව 🙁 ) ආදීන්ගෙන් හැඩවෙලා තියෙනවා. එහෙමනම් ඉතිං මං ගැන විස්වාසය තිබ්බ හැමෝටම බොහොම ස්තුතියි, උපසිරසිකරණයේදී උදව් වෙච්ච ගයේෂා සත්සරණීටත් බොහොම ස්තුතියි, කලින් කිව්වා වගේ සිංදු ටික එයා තමයි කරල දුන්නේ. ඉතිං මේක හැම දෙනෙක්ම බැලිය යුතු ඉතාම වැදගත් කතාවක්, තමන්ගේ උපන් බිමට ආදරය කරන, මිලියන ගානක් හොයන්න පුළුවන්කම තියාගෙන ඉතාම අඩු මුදලකට තමන්ගේ මිනිස්සුන්ට විතරක් නෙමේ ලෝකේ රටවල් 6ක මිනිසුන්ට තමන් දුක් විඳලා හොයාගත්ත නව නිර්මාණයෙන් පිහිට ලබාගන්න හයියක් වෙච්ච දිරිය මිනිසෙකුගේ කතාවක්. ඒ විතරක් නෙමේ හැම විශිෂ්ඨ මිනිසෙකුගේම පසුපස බිරිඳක් ඉන්නවනම් ඒ බිරිඳ මහා කැපකිරීමක් කල ගැහැනියක් කියල කියනවනේ. ඒත් මේ කතාවේදී නම් ඒ දේ හරියටම එහෙම වෙන්නේ නෑ.කාන්තාවන් වෙනුවෙන් කැපවුණු පිරිමියෙකුට ඔහුගේ බිරිඳ විසින්ම උපකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම පුදුමයක් වෙන්නත් බෑ ඉතිං එක අතකට.ඒත් ඉතිං හැම කන්තවම එහෙම නෑ. එහෙම නොවන කෙනෙක් නිසා තමා අද මේ විදියට ලෝකය ඉදිරියේ කතා කරන්න පුළුවන් මිනිහෙක් බිහිවෙලා තියෙන්නේ. ඉතිං මේ වෙනුවෙන් ඔවුන් හරි අපුරු ප්‍රචාරක ව්‍යාපාරයක් අරගෙන ගියා. ඒ තමා සැනිටරි පෑඩ් එකක් එක්ක තමන්ගේ චායාරුපයක් පලකරන්න කියල එකිනෙකාට අභියෝග කරගැනීම. ඉතිං ඒ අභියෝගය බාරගත්ත පිරිසකගෙන් කොටසක් තමයි මේ ඉන්නේ.

පහුගිය මැයි 28දා ඔසප් ස්වස්ථතාව පිළිබඳ ජාත්‍යන්තර දිනය ලොව පුරා පැවැත්වුණා. සෞඛ්‍ය ප්‍ර‍වර්ධන කාර්යාංශයේ සේවය කරන ප්‍ර‍ජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍ර‍නාන්දු මහත්මිය සහ පුෂ්පා ජයවර්ධන මහත්මියගේ සහභාගිත්වයෙන් කලුතර දිස්ත්‍රික්කයේ 10 ශ්‍රේණියේ පාසල් ශිෂ්‍යාවන් අතර කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වූ පරිදි එම ගැහැණු ළමයින්ගෙන් 44.4%ක් ඔසප් දිනවලදී පාසල් යාම මගහරින බව අනාවරණය වෙලා තියෙනවා. එසේම, ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් තිබුණේ දිස්ත්‍රික්කයේ පාසල් අතරින් 48.9%ක පමණක් කියලත් ඒ සමීක්ෂණයේදී එයාල හොයාගෙන තියෙනව. ඉතිං එදින උත්සවයේ පැවති දේශනය අමතමින් වෛද්‍ය අසන්ති ප්‍ර‍නාන්දු බලපිටිය මහත්මිය පැවසුවේ ඒ පිළිබඳ විවෘතව කතා කිරීම වැදගත් බවයි. එතුමිය කරපු කතාව තමා මම පහලින් සඳහන් කරන්නේ.

“සමාජයේ මිථ්‍යා මත තිබෙනවා. මේ පිට වන්නේ අපිරිසිදු රුධිරය බව කියන එක එවැනි මතයක්. එය වැරදියි. මෙහිදී සිදු වන්නේ ගැබ් ගැනීම සඳහා සූදානම් වුණ ගර්භාෂ බිත්තිය, ගැබ් ගැනීමක් සිදු නොවීම නිසා ගැලවී රුධිරය සමග ඉවත්ව යාම යි. ඔසප් වීම සිදු වන දිනවල පිරිසිදුකම ඉතා වැදගත්. ඔසප් දිනවලදී නාන්නට හොඳ නැහැ වගේ අදහස් තියෙනවා. ඒ වුණාට මේ දිනවල නාලා පිරිසිදු වෙන එක ඉතා වැදගත්. අප කියන්නේ සනීපාරක්ෂක තුවා හෝ රෙදිකඩ පැය හතරකට වරක් මාරු කරන්න ය කියලා යි. එහෙත්, සමහර විට, පාසල් දරුවන්ට එහෙම ඒ සඳහා පහසුකම් නැති නිසා උදේ පාසල් පැමිණ, සවස පන්ති ගොස් එනතුරුත් එක ම සනීපාරක්ෂක තුවාය පාවිච්චි කරන අවස්ථා තිබෙනවා. ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සමාජ වගකීමක්. ඒ වගේ ම, ඒ දිනවලදී ඔවුන් මුහුණ දෙන ශාරීරික, මානසික ගැටලුවලදී ඔවුන්ට විශේෂයෙන් ම සැමියා, දරුවන් ඇතුළු පවුලේ අයගෙනුත්, සමාජයෙනුත් උපකාර අවශ්‍ය යි. ඒ නිසා ඔසප් ස්වස්ථතාව කියන්නෙ කාන්තාවන්ගේ ගැටලුවක් නෙමෙයි. එය සමාජමය කාරණයක්.”

ඉතිං මං පෞද්ගලිකව හිතනවා මේ ස්භාවික සංසිද්දිය ලජ්ජාවට පත්වෙන්න ඕන කාරණයක් නෙමේ කියල. අපි කන බොන හුස්ම ගන්නවා වගේම ඔපස් වීමත් ස්ත්‍රී පාර්ශවයට පමණක් සිදුවන ඉතාම ස්භාවික සංසිද්දියක්. ඒ වගේම එම සංසිද්දිය වෙනුවෙන් පළඳින සෞඛ්‍ය ආරක්‍ෂිත පළඳනාවක් තමා මේ සැනිටරි පෑඩ් එක. ඉතිං වෛද්‍යතුමිය කිව්වා වගේ මේ පිළිබඳව විවෘතව කතා කිරීම කලයුතු දෙයක් වගේම කිල්ලට අහුවෙන දෙයක්වත් පිළිකුල් දෙයක්වත් ලජ්ජාවට පත්වෙන්න ඕන දෙයක්වත් නෙමේ කියන පණිවුඩය හිතේ තියාගෙන එහෙනම් අපුර්ව මිනිසෙකුගේ කතාවක් බලන්න පෙළ ගැහෙමු.

පිරිමියෙක්ගෙන්, පැය භාගයක් ගැහැණියෙකගෙන් වගේ ලේ ගියෝතින්,
ඒ පිරිමියා එතනම මැරිල වැටෙනව.
– Padman (2018) –

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [විමා] (Baiscopelk)
IMDb 7.9 /10 30,484 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

R. Balki
Director

Cast

Akshay Kumar isLakshmikant Chauhan
Lakshmikant Chauhan
Radhika Apte isGayatri Chauhan
Gayatri Chauhan
Jyoti Subhash isSubhadra Chauhan
Subhadra Chauhan
Mrinmayee Godbole isSonali Chauhan
Sonali Chauhan
Soumya Vyas isAabha Chauhan
Aabha Chauhan
Riva Bubber isAsha Varma
Asha Varma
Urmila Mahanta isSavitri Modi
Savitri Modi
Suneel Sinha isTejas Walia
Tejas Walia

Similar titles

Dracula Untold (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Machante Malakha (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kooman (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Munna Michael (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tom and Jerry (2021) Sinhala Subtitles | Watch Online
Now You See Me 2 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Passion of the Christ (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Free Guy (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Substance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kesari Chapter 2: The Untold Story of Jallianwala Bagh (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Antim: The Final Truth (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published