CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1247 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Extraordinary Journey of the Fakir (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Extraordinary Journey of the Fakir (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 09, 2018France96 Min.
Your rating: 0
9.8 8 votes
The Extraordinary ජර්නි ඔෆ් ෆකීර් (2018) | අජාගේ අපුරු ජිවන චාරිකාව…

2013දී Romain Puértolas කියන ප්‍රංශ ජාතිය ගත් කතුවරයා ලියනවා නවකතාවක්. ඒකෙ නම “L’ extraordinaire voyage du fakir qui était resté coincé dans une armoire Ikéa” කියවගත්තද? 😀 ඊට පස්සේ Sam Taylor කියන පරිවර්තකයා මේක ඉංග්‍රීසි බසට පරිවර්තනය කරනවා “The Extraordinary Journey of the Fakir Who Got Trapped in an Ikea Wardrobe” නමින්. ප්‍රංශ නමේ ඉංග්‍රීසි තේරුම ඕක.මේ හරි අපුරු කතාව Luc Bossi සහ කෘතියේ මුල් නිර්මාණකරු Romain Puértolas දෙන්න එකතු වෙලා තිර පිටපතකට නගනවා. ඒ සියල්ල අධ්‍යක්ෂණය කරන්න බාර වෙන්නේ Ken Scottට. මේක ඇවිල්ල සංකෘතින් බොහොමයක එකතුවක්. ඒ කියන්නේ මේක ඇවිල්ල බෙල්ජියානු-ප්‍රංශ-ඉතාලියානු-කැනේඩියානු-සහ ඉන්දියානු සාමුහික නිෂ්පාදනයක්. නිෂ්පාදක රට විදියට සඳහන් වෙන්නේ ප්‍රංශය. ප්‍රංශ සිනමාව ඇවිල්ලා හරි අපුරු සිනමාවක්. අමුතුම කලාවක්. මතකනේ Amélie (2001) එහෙම.ඉතිං මේ නිර්මාණය ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ 2018 ජුනි 1 වෙනිදා ඉඳලා වියදම විදියට ඩොලර් මිලියන 20ක් සඳහන් වෙනවා ඒත් බොක්ස් ඔෆිස් ආදායම නම් හොයාගන්න නැහැ හරි ආකාරයකට.ඒ වගේම කියන්න ඕනා මේ කතාවට IMDB 7.1 ක් ලැබෙනවා. ඒ කියන්නේ ඉහල මට්ටමේ අගයක් 😀 හැබැයි ඉතිං මේකට ආව ඉංග්‍රීසි උපසිරැසිය ඇවිල්ලා “කමින් කලර් නො ගුඩ් අන්ගිරිසියේ එකක්” අඩුගානේ ඉංග්‍රීසියෙන් කියන දේවල්වත් හරියකට නැහැ. ඉතිං ආව උපසිරැසිය හෙමින් හෙමින් අහගෙන කළා දවසට 100 ගානේ වගේ හොඳ එකක් ආව ගමන් සෙනික දීලා දානවා කියල. කොහෙද ෆිල්ම් එක ඇවිල්ලා දැන් සතියකටත් වැඩියි මම හිතන්නේ තාම හොඳ උපසිරසියක් නැහැ. ඒකයි වැඩේ මෙතරම් පමා උනේ නැත්නම් මේක ෆිල්ම් එක එනකල් මග බලන උනන්න ෆිලුමක්. එහෙනම් පොඩ්ඩක් ඒ ගැන විස්තරයට හැරෙමු ආයේ.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය විදියට වැඩි දෙනෙක් දන්නා ධනුෂ් තමා එකතු වෙන්නේ. ඒ නිසාම තමා මම මේක කරන්න බාරගත්තෙත්. මොකද කවදාවත් දනුෂ්ගේ ෆිල්ම් එකකට සබ්ග කරන්න වෙන්නේ නැහැ. කණගාටුවෙන් සහ ලජ්ජාවෙන් උනත් කියන්න ඕනා දනුෂ්ට කැමැත්තක් තිබුනට කවදාවත් දමිල සිනමා පටයකට උපසිරසි ගන්වන්න හරි හැටි දමිල දැනුමක් නැති නිසා තමා එහෙම වෙන්නේ කියල. ඉතිං මේක නිෂ්පාදනය ආරම්භ කරපු කාලේදී කිව්වේ Alexandra Daddario, Uma Thurman සහ Gemma Artertonද මේ සිනමාපටයට සම්බන්ධ වෙනවා කියල. කොහොම නමුත් ඒ වැඩේ නම් උනේ නැහැ. ඒ වෙනුවෙට Bérénice Bejo,Erin Moriarty, Barkhad Abdi, Ben Miller, පිරිස තමා සෙසු ශිල්පින් හැටියට මේ වැඩේට දායක වුනේ.

මේ තමා අජාගේ කතාව. අජා, එහෙමත් නැත්නම් අජටාෂතෘ ලවේෂ් පටෙල් කියන්නේ තනිකඩ අම්ම කෙනෙක්ට ඉන්න එකම සම්පත. අම්ම කරන්නේ ඉන්දියාවේ තියෙන රෙදි සේදුම්පලක රෙදි සෝදන්නියක් විදියට වැඩකරන එක. අම්ම නම් අජාට පොඩි කාලේ කිව්වේ අජා ඉපදුනේ ආශ්චර්යයකින් කියල. හරියට නිකම් රෝස කැලෙන් ඇහින්ද ළමෙක් වගේ කතාවක් ඒක. 😛 ඒත් හැබැයි අම්ම කියනවා අම්මට පැරිසියේ අයිෆල් කුළුන ගාවට යන්න ඕනා කියල. අජාගේ ආසාව අම්මව එහෙ එක්කන් යන එක. මේක ඇවිල්ල හරි අපුරු කතාවක්. ඒ නිසා මෙකතව ගැන මම මෙතනින් එහාට නොකියා ඔයාලට බාර කරන්නම් ඇයි මේ අයිෆල් කුලුන මේ තරම් වැදගත් මොකක්ද මේ ෆිල්ම් එකට මේ නම දාන්න හේතුව ආදී දේවල් ගැන දැන කියාගන්න 😀

ප.ලි : අපෝ වැඩක් නැහැ කියල නොබලා ඉන්නවා නම් ඉතිං කරගන්නේ ලොකු අපරාධයක්.
ඒ වගේම උපසිරසියේ හින්දි දෙබස් ටික දාල දුන්නු ආසිරි අයියාටත් බොහොම ස්තුතියි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [විමා] (Baiscopelk)
IMDb 6.8 /10 8,894 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ken Scott
Director

Cast

Dhanush isAjatashatru Lavash Patel
Ajatashatru Lavash Patel
Bérénice Bejo isNelly Marnay
Nelly Marnay
Ben Miller isOfficer Smith
Officer Smith
Abel Jafri isCaptain Fik
Captain Fik

Similar titles

Memories of Murder (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deadpool (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Time Freak (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mayaanadhi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kyaa Kool Hain Hum 3 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Temple of Doom (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mujhse Dosti Karoge! (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhala Thandanana (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tom and Jerry (2021) Sinhala Subtitles | Watch Online

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published