CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
0 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Raja Hindustani (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Raja Hindustani (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 15, 1996India177 Min.
Your rating: 0
8 1 vote
Raja Hindustani (1996) | දුප්පත් පොහොසත් ආදරේ…

 

1996 වර්ෂයේ තිරගත උනු මේ චිත්‍රපටිය IMDb අගය 6.1 වෙනවා. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Mela, Dhadkan, Haan Maine Bhi Pyaar Kiya Hai වැනි චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Dharmesh Darshan විසින්. මේ චිත්‍රපටිය 1965 වසරේ තිරගත වූ Jab Jab Phool Khile චිත්‍රපටියේ නැවත නිශ්පාදනයක්. ඒ වගේම 1996 වසරෙ වැඩිම ආදායමක් ලබා ගන්නෙත් මේ චිත්‍රපටියම තමයි.

රංගනයෙන් දායක වෙන්නෙ අමීර් කාන් සහ කරිශ්මා කපූර් (මේ චරිතය සඳහා මුලින්ම අයිශ්වර්‍යා රායි නිර්දේශ උනත් එයාගෙ අධ්‍යාපන කටයුතු නිසා බාරගෙන නැහැලු. ඊටත් පස්සෙ දීල තියෙන්නෙ ජුහී චව්ලාට. එයත් කොහොම හරි බැහැ කියල ඊට පස්සෙ තමයි කරිශ්මට ලැබිල තියෙන්නෙ.) මේ චරිතෙ නිසා කරිශ්මාට හොඳම නිළියට හිමි Filmfare සම්මානයද හිමි උනා. ඒ වගේම අමීර් කාන්ටද හොඳම නලුවාට හිමි Filmfare සම්මානය හිමි උනා (මේ ඔහුගේ පලවෙනි සම්මානයයි).

මෙහි සංගීත අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Nadeem-Shravan විසින්. ලස්සනම ලස්සන සිංදු 8ක් ම මෙහි තියෙනවා. හැබැයි ඒ සිංදු වලින් 4කට විතරයි සබ් නම් තියෙන්නෙ. ගීත ගායනා කරන්නෙ Alka Yagnik, Kumar Sanu, Udit Narayan, Sapna Awasthi, Alisha Chinai, Sapna Mukherjee සහ Suresh Wadkar. මෙහි එන Pardesi Pardesi ගීතය වෙනුවෙන් Udit Narayanට හොඳම ගායනයට හිමි  Filmfare සම්මානයද හිමි උනා.

කතාව ගැන කියනව නම්, රාජා හින්දුස්තානි කියන්නෙ පාලන්කේට් වල ඉන්න අහිංසකම අමුතුම විදිහෙ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්, සංචාරක මග පෙන්වන්නෙක්. දවසක් එයාට එයාර්පෝර්ට් එකේ ඉඳන් හයර් එකක් ලැබෙනවා ලස්සන ගෑනු ලමයෙක්ව එක්කගෙන යන්න පාලන්කේට් වලට. ඒ තමයි ආරතී. ආරතී මේ ගමට එන්නෙ එයාගෙ ආරක්ශකයො දෙන්නත් එක්ක. ආරතී කියන්නෙ ගොඩක්ම පෝසත් පවුලක කෙනෙක්. පොඩි කාලෙම අම්ම නැති වෙලා කුඩම්මයි තාත්තයි එක්ක ජීවත් වෙන්නෙ. එයාල වෙන් කරපු හෝටලේ ඉඩ නැති නිසා රාජා එයාලව එක්කගෙන යනවා රාජාගෙ ගෙදරට. ආරතීව පාලන්කේට් වල ඇවිදින්න එක්කන් යන්නෙ රාජා තමයි. මේ අතරෙ ආරතී රාජාට ආදරේ කරන්න පටන් ගන්නවා.

ආරතීගෙ තාත්තා එනව ආරතීව ආපහු එක්ක ගෙන යන්න ආවම දැන ගන්නව මේ දෙන්නගෙ ආදර කතාව. ආරතීගෙ තාත්තා මේ කසාදෙට කැමති වෙනව හැබැයි කොන්දේසියකුත් දාල. ඒ තමයි රාජා ආරතීගෙ ගෙදර ගිහිල්ල එයාලගෙ සමාජෙට ගැලපෙන විදිහට හැඩ ගැහෙන්න ඕනෙ කියන එක. රාජා ඒකට කැමති වෙන්නෙ නෑ ආරතීට තීරනයක් ගන්න කියනවා. ආරතී තමන්ගෙ ආදරේ අතාරින්න කැමති වෙන්නෙ නෑ. ආරතී රාජා එක්ක නවතින අතරෙ ආරතීගෙ තාත්තා යනවා. ඉතින් මේ දෙන්නා කසාද බඳිනවා. ඊට පස්සෙ හිතපු නැති විදිහට තව ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සෙ වෙන ටික නම් මම කියන්න යන්නෙ නෑ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දහරා මුතු අමා (Cinerulk )
IMDb 6.1 /10 8,857 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Aamir Khan isRaja Hindustani
Raja Hindustani
Karisma Kapoor isAarti Sehgal
Aarti Sehgal
Johnny Lever isBalvant Singh
Balvant Singh
Suresh Oberoi isMr. Sehgal
Mr. Sehgal
Archana Puran Singh isShalini Sehgal
Shalini Sehgal
Navneet Nishan isKamal Singh
Kamal Singh
Kunal Khemu isRajnikant
Rajnikant
Veeru Krishnan isGulab Singh
Gulab Singh

Similar titles

Janaki Jaane (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangster Squad (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Killing Joke (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Blind Side (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Achcham Yenbadhu Madamaiyada (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oxygen (2021) Sinhala Subtitles | Watch Online
Kingdom: Ashin of the North (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pelli Choopulu (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Malaal (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape from Mogadishu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shuddh Desi Romance (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Under Your Bed (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published