
මෝහිත් සූරි කියන්නේ බොලිවුඩයේ ආදර කතා වලට, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් ආදර කතා වලට, අලුත් ජීවයක් දුන්න අධ්‍යක්ෂකවරයෙක්. “Aashiqui 2”, “Ek Villain” වගේ චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ඔහු, යෂ් රාජ් ෆිල්ම්ස් (Yash Raj Films) එක්ක එකතු වෙලා අලුත්ම ආදර කතාවක් අරගෙන එනවා, ඒ තමයි “සයාරා”. මේ චිත්‍රපටය විශේෂ වෙන්නේ ආහාන් පාණ්ඩේ (Ahaan Panday) සහ අනීත් පද්දා (Aneet Padda) කියන අලුත්ම නළු නිළි යුවළක් බොලිවුඩයට හඳුන්වා දීම නිසයි.
කතාව ගැන කෙටියෙන් (ස්පොයිල් නැතුව):
“සෛයාරා” කියන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් ලෝක දෙකක ජීවත් වෙන කලාත්මක ආත්ම දෙකක්, සංගීතය හරහා එකට බැඳෙන කතාවක්. ක්‍රිෂ් කපූර් (ආහාන් පාණ්ඩේ) කියන්නේ ටිකක් කැරලිකාර, සංගීතයට පිස්සුවෙන් වගේ ආදරය කරන තරුණයෙක්. වානි බත්‍රා (අනීත් පද්දා) කියන්නේ ටිකක් සංයමයෙන් ඉන්න, සංගීතය තුළින් තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන තරුණියක්. මේ දෙන්නා මුණගැහුණම, එයාලගෙ ලෝක දෙක එකතු වෙනවා. සංගීතය එයාලගෙ ආදරයේ භාෂාව බවට පත් වෙනවා.
හැබැයි, මේ ආදර කතාව එච්චර සරල එකක් නෙවෙයි. සමාජයේ තියෙන වෙනස්කම්, සහ එයාලගෙ ජීවිතේ එන අභියෝග මේ බැඳීමට ලොකු බලපෑමක් කරනවා. කතාව දිග හැරෙන්නේ මේ බාධක මැද, එයාලගෙ ආදරය කොයිතරම් දුරට ශක්තිමත්ද කියන එක පෙන්වමින්.
විශේෂත්වය සහ හයිප් එක:
ඒවගේම මේකෙ ආරම්භක දින ආදායම කෝටි 21 පසු කරමින් මෙහෙම වාර්ථාවක් තබා තියෙනවා.
Saiyaara grossed a record-breaking ₹21 crore on its opening day, the highest ever for a Hindi film starring a debutant in the lead role.
“සෛයාරා” කියන්නේ නිකම්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. ඒක සංගීතයෙන්, වේදනාවෙන් සහ හැඟීම්වලින් පිරුණු ගමනක්. මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණය, හිතට වදින සංගීතය සහ අලුත් නළු නිළි යුවළකගේ රංගනය නිසා මේක 2025 වසරේ අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක් බවට පත්වෙලා තියෙනවා. ආදර කතා වලට කැමති, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් චිත්‍රපට වලට කැමති අයට “සෛයාරා” කියන්නේ අමතක නොවන අත්දැකීමක් වේවි.
Options | Quality | Language | Size |
---|---|---|---|
HD CAM 480p | 800 MB | Hindi | |
HD CAM 720p | 1.6 GB | Hindi | |
HD CAM 1080p | 3.3 GB | Hindi |