CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2860 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Titan: The OceanGate Submersible Disaster (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Titan: The OceanGate Submersible Disaster (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 06, 2025USA112 Min.
Your rating: 0
8.3 9 votes
Titan: The OceanGate Disaster (2025) | ටයිටන්: යළි නොපැමිණි ටයිටැනික් ගවේෂකයෝ…

 

මං අරගෙන ආවේ 2025 අලුත්ම වාර්තා වැඩසටහනක්. ඒ තමයි Titan: The OceanGate Disaster (2025). 2023 වසරේ ටයිටැනික් නෞකාවශේෂය නරඹන්න සිදුකළ ගැඹුරු සාගර ගවේෂණයකදී අන්තර් විදාරණය වීමෙන් විනාශ වුණු OceanGate Expeditions සමාගමට අයත් සුප්‍රකට ටයිටන් සබ්මැරීනය එළෙස විනාශ වෙන්නට බලපෑ හේතුන් විග්‍රහ කරන හොඳ සාරගර්භ වාර්තා වැඩසටහනක් මේක. මාක් මොන්රෝ විසින් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ Titan: The OceanGate Disaster (2025) මුල්වරට නිකුත් කෙරුණේ 2025 ජුනි 06 වැනිදා Tribeca සිනමා උළලේදි. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් Netflix නාළිකාව ඔස්සේ විකාශය කෙරුණේ 2025 ජුනි 11 වැනිදා. Rotten Tomatoes වෙබ් අඩවියේ Tomatometer 74% ක අගයකුත්, Popcornmeter 65%ක අගයකුත් ගන්නට සමත් වුණු මේ වාර්තා වැඩසටහන ලබාගත් IMDb දර්ශක අගය 6.7/10ක්.

2023 ජුනි 18 වැනිදා, ඇමරිකානු සංචාරක සහ ගවේෂණ සමාගමක් වන OceanGate විසින් ක්‍රියාත්මක කරන ලද ටයිටන් ගිල්ලුම් යාත්‍රාව, කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළට ඔබ්බෙන් උතුරු අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා කළ ගවේෂණයකදී අධික පීඩනයට ඔරොත්තු දීමට නොහැකිව අන්තර් විදාරණයට ලක් වුණා. මේ ගිල්ලුම් යාත්‍රාවේ ගමන් කළ OceanGate හි ඇමරිකානු ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ්; ප්‍රංශ ගැඹුරු මුහුදේ ගවේෂකයෙකු සහ ටයිටැනික් විශේෂඥයෙකු වන පෝල්-හෙන්රි නාජලේ; බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙකු වන හමිෂ් හාඩින්; පාකිස්ථාන-බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙකු වන ෂාසාඩා ඩාවුඩ්; සහ ඩාවුඩ්ගේ පුත් සුලේමන් යන අය එය අන්තර් විදාරණය වීමේදී ක්ෂණිකව මරණයට පත් වුණා. ටයිටන් සහ එහි මව් නෞකාව වන එම්වී පෝලර් ප්‍රින්ස් අතර සන්නිවේදනය එම කිමිදීමෙන් පැය 1 යි මිනිත්තු 33 කට පසු අහිමි වුණා. ඕෂන්ගේට් නිළධාරීන් මේ ගැන බලධාරීන්ට දැනුම් දෙනු ලැබුවේ ඒ යානය නියමිත වේලාවට නැවත මතුපිටට පැමිණීමට අපොහොසත් වූ පසුවයි.

දින හතරක් තිස්සේ ගිල්ලුම් යාත්‍රාව අතුරුදහන් වීමෙන් පසු, දුරස්ථව ක්‍රියාත්මක වන දිය යට වාහනයක් (ROV) මඟින් ටයිටැනික් නෞකාවේ ඇණියෙන් මීටර් 500 (අඩි 1,600) පමණ දුරින් පිහිටි ටයිටන් යාත්‍රාවේ කොටස් අඩංගු සුන්බුන් ක්ෂේත්‍රයක් සොයා ගැනුණා. මෙහි රොබෝ හසුරු හස්තයන් (Robotic Manipulative Arms)මඟින් සුන්බුන් මතුපිටට ගෙන එනු ලැබුවා. යානයේ කාබන් තන්තු (Carbon Fiber) බඳ අධික ජල පීඩනය හමුවේ බිඳී යාමෙන් මෙය සිදුවුණු බවටයි පසුව හෙළි වුණේ. මේ වාර්තා වැඩසටහනෙන් මේ ව්‍යසනයට හේතු වුණු ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයාගේ ක්‍රියාකලාපයන් ගැන විස්තර කෙරෙන්නේ යාත්‍රාව ගැන තාක්ෂණික කරුණු ද ප්‍රේක්ෂකයන් හමුවේ අනාවරණය කරමින්. ගිල්ලුම් යාත්‍රා කර්මාන්තයේ බොහෝ විශේෂඥයින් නෞකාවේ ආරක්ෂාව පිළිබඳව අනතුරු හැඟවීම් පළ කර තිබුණද, රෂ් ඇතුළු ඕෂන්ගේට් විධායකයින් ටයිටන් සඳහා අවශ්‍ය නෛතික සහතික ලබාගෙන නොතිබුණේ, දැඩි ආරක්ෂක ප්‍රොටෝකෝල සහ රෙගුලාසි නවෝත්පාදනයට බාධාවක් බව තර්ක කරමින්. එහෙම නම් අපි මේක සිංහල උපසිරැසි සහිතව බලලා වැඩිදුර කරුණු දැනගනිමු.

එසේනම් මේ ඇරයුම යළි නොපැමිණි ටයිටැනික් ගවේෂකයන්ගේ ඉරණම විසඳූ මාරාන්තික ව්‍යසනය ගැන නිමැවුණු මේ අපූරු වාර්තා වැඩසටහන නරඹන්නටයි….

Titan: The OceanGate Submersible Disaster (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titan: The OceanGate Submersible Disaster (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titan: The OceanGate Submersible Disaster (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titan: The OceanGate Submersible Disaster (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titan: The OceanGate Submersible Disaster (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 6.7 /10 7,786 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Mark Monroe
Director

Cast

Stockton Rush isSelf (archive footage)
Self (archive footage)
Paul-Henri Nargeolet isSelf (archive footage)
Self (archive footage)
Matt McCoy isSelf (archive footage)
Self (archive footage)

Similar titles

Masterpiece (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Untangled (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Samurai (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Society of the Snow (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meri Pyaari Bindu (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Your Name (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Despatch (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fire (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Acid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lost and Delirious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel I. Presage Flower (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published