CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2091 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 19, 2025India185 Min.
Your rating: 10
8.8 33 votes
Kuberaa (2025) | මනුසත් බව අයදින නීච ජීවිත

 

ධනුෂ් රංගනයෙන් දායක වන Kuberaa දෙමළ චිත්‍රපටය සුප්‍රකට අධ්‍යක්ෂක ශේඛර් කම්මුලා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. මෙම චිත්‍රපටය, තෙළිඟු සහ දෙමළ භාෂා සමාන්තර නිර්මාණයක් ලෙසින් පසුගිය ජුනි 20 දා තිරගත වූවා.

මෙහි ධනුෂ් සමඟින් ටොලිවුඩ් සිනමාවේ ප්‍රවීණ නළු කින්ග් නාගාර්ජුන අක්කිනේනි ද කරට කර ප්‍රධාන චරිතයක් රඟ දක්වනවා. ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන රාශ්මිකා මන්දනා මෙහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරනවා. බොලිවුඩ් නළු ජිම් සර්බ් මෙහි දුෂ්ඨ චරිතය රඟ දක්වනවා. තවද K. භාග්‍යරාජ්, සයාජි ෂින්ඩේ, හරීෂ් පේරඩි, සුනේනා, අලගන් පෙරුමාල්, නසාර් යන නළු නිළියන් චරිත රඟ දක්වනවා. මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ ටොලිවුඩ් රොක්ස්ටාර් දේවි ශ්‍රී ප්‍රසාද් විසිනුයි. ඔහුගේ සංගීතය චිත්‍රපටයේ ගලායාමට සහ හැඟීම් ප්‍රකාශ කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. විශේෂයෙන් මසාලා නොවන චිත්‍රපටයක් නිසාවෙන් ප්‍රේක්ෂකයින් උත්ප්‍රාය කිරීමට ඔහුගේ කාර්‍ය භාරය මෙහි කැපී පෙනෙනවා.

මේ කුබේරයා නැත්නම් කුවේරාව ධනයට අධිපති දෙවියන් යන නමින් හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ වෙසෙන අයට කුබේරා කියන්නෙ කවුද කියලා හඳුන්වලා දෙන්න ඕන නැහැනේ. දවසට පස් වතාවක් කුබේරා කියලා නම කියන්න. ඔයාලටත් ධනය, සෞභාග්‍යය උදා වේවි ද කියලා කියන්න දන්නෙ නැහැ. නිකමට කිව්වෙ. කැමති නම් කියලා බලන්න.

ධනුෂ්-කම්මුලා එකතුවෙන් ධනුෂ්ගේ තෙළිඟු සිනමා ප්‍රවේශය සනිටුහන් කිරීමට නියමිතව තිබුණත් මෙහි නිෂ්පාදන කටයුතු පසු වීමත් සමඟ Vaathi (2023) චිත්‍රපටයෙන් ධනුෂ් තම තෙළිඟු සිනමා ප්‍රවේශය ලබා දුන්නා. කුබේරා චිත්‍රපටය ධනුෂ්ගේ වෘත්තීය ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වන්නේ ඔහු ඉදිරිපත් කරන පළමු හිඟන චරිතය මෙයයි. ධනුෂ් ඔහුගේ පෙර නිර්මාණවලින් ඔහුගේ වාණිජ සිනමා රංගනය වගේම චරිතාංග රංගන හැකියාව අනගි ලෙසින් පෙන්වා දුන්නා. තරු ගණයේ නළුවෙක් හිඟන චරිතයක් පිළිගැනීමම සුවිශේෂී කාරණාවක්. ධනුෂ්ව හඳුන්වා දෙන දර්ශනය විචාරක සහ ප්‍රේක්ෂක සැමගේම ප්‍රශංසාවට ලක් වුණා.

තෙළිඟු සිනමාවේ ජ්‍යේෂ්ඨ නළුවන් අතර එක් කුළුණක් ලෙස නාගර්ජුනා අහංකාරයකින් තොරව ධනුෂ්ගේ චිත්‍රපටයේ රඟපෑමට එකඟ වීම අගනීයයි. ඔහු සුපර් ස්ටාර් රජිණිකාන්ත්ගේ Coolie චිත්‍රපටයේ අත්‍යාවශ්‍ය චරිතයක් නිරූපනය කරනවා. බොහෝ දුරට ඔහුගේ චරිතය දුෂ්ඨ චරිතය බවට පැවසෙනවා. කුබේරා සහ කූලී චිත්‍රපටයේ නාගර්ජුනාට ඇති විශේෂ සම්බන්ධයක් වන්නේ, කුබේරා හි ධනුෂ්ගේ චරිතය දේවා වන අතර කූලි හි රජිණිගේ චරිතයේ නමද දේවායි. කූලී චිත්‍රපටයේ සයිමන්ගේ චරිතය පිළිබඳ තෙළිඟු ප්‍රේක්ෂකයින් අතිශයෝක්තියක් තබාගෙන තිබෙනවා.

මගේ අදහස නම් මේ කතාවේ දුෂ්ඨ චරිතය දක්ෂ ලෙස ලියූ ප්‍රතිමල්ලව චරිතයක්. ගොඩක් දුරට මට දැනුනෙ ඇන්ටි-හීරෝ කෙනෙක් විදියට. මේ චරිතයේ කටින් පිටවෙන්නෙ හුදෙක් දෙබස් නෙවෙයි. ඒවායේ ගැබුරු අර්ථයක්, සත්‍යයක් තිබෙනවා. ඇතැම් අවස්ථා මේ චරිතයේ දුෂ්ඨ ගතිය පෙන්වන්නම බලෙන් ඇතුලත් කරපු බවක් පෙනුනා. දකුණු ඉන්දියානු චිත්‍රපටවල නිතර දකින සුදු කරපටි චරිතයක් වුණත් ජිම් සර්බ් මේ චරිතය අද්විතීය ලෙසින් රඟ දැක්වූවා. ධනුෂ් නාගර්ජුනාගේ චරිත පවා මේ තරම් හොඳින් ලියලා තිබුණේ නැහැ. සමාජ මාධ්‍යයේ කතා වෙනවා වගේ ධනුෂ්ට හොඳම නළුවට ජාතික සම්මානය ලැබෙයිද කියන්න දන්නෙ නැහැ. ජිම් සර්බ්ගේ රංගනයට ජාතික සම්මාන වලින් හොඳම දුෂ්ඨ චරිතයට නිර්දේෂයක් වත් වෙනවා කියලා අනුමාන කරන්න පුළුවන්.

අධ්‍යක්ෂක ශේඛර් කම්මුලාගේ පෙර නිර්මාණ සැලකීමේදී Anand (2004), Leader (2010), Godavari (2006), Happy Days (2007), Fidaa (2017) යනාදී අනර්ඝ සිනමාකෘති බිහි කර තිබෙනවා. ඔහුගේ කතාවල යථාර්ථවාදී සහ ගැඹුරු කතා වස්තුවක් අන්තර්ගත වනවා. ඔහුගේ චිත්‍රපට සාමාන්‍යයෙන් සමාජ යථාර්ථයන්, මානව සබඳතා සහ චිත්තවේගීය අරගලයන් පිළිබඳව ගවේෂණය කරනවා. ශේඛර් කම්මුලාගේ ආධිපත්‍යයෙන් නිමැවුණු මේ පැය 3ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයට සම්බන්ධ වූ සියල්ලන්ම ඉහළම දායකත්වය ලබා දී තිබෙනවා. එක් අඩුවකට තිබෙන්නේ නිසි ලෙස අවසානයක් ලබා නොදීමයි. පැය 2.30ක් පුරාවට අද්විතීය තිර රචනයකින් උච්චතම ලෙසින් ගෙන ආ කතාවේ අවසන් පැය භාගයක පමණ කාලයේ බලාපොරොත්තු නොවූ අයුරින් කඩා වැටීමක් පැහැදිලිවම පෙන්නුම් කළා. අවසානය වන තුරුම එකම ලෙසින් තිර රචනය ගෙන ගියා නම් බොහෝ දුරට මේ චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපටය වනවා නොඅනුමානයි. මේ චිත්‍රපටයෙන් කම්මුලා හිඟන්නන් මිනිසුන් ලෙසින් බැලිය යුතු බව, හිඟන්නන්ටද මේ ලෝකය අයිති බව, ධනපතියන් උදවු කළ හොත් හිඟන්නන්ට යම් තරමකින් හෝ යහපත් ජීවිතයක් ලගා කර ගත හැකි බව මතුකර දක්වනවා.

කුබේරා තිරගත කර පලමු දින ඉ.රු. කෝටි 30ක් උපයා ගනු ලැබුවා. දින පහක් තුළ කුබේරා ඉ.රු. කෝටි 100 ඉක්මවූ ආදයමක් උපයා ගත්තා. ඒ අනුව කුබේරා ධනුෂ්ගේ 5වැනි කෝටි 100 චිත්‍රපටය වනවා. මීට ලැබුණු Imdb රේටින් අගය 7.2ක්. තවද TOI – 3.5/5ක්, Indiam Express – 3.5/5ක්, Cinema Express – 3.5/5ක්, Pinkvilla – 3/5ක්, Cinema Today – 3/5ක් ලෙස තම අගය කිරීම් ලබා දුන්නා.

දෙමළ සිනමාවේ වැඩිම චිත්‍රපට පෙළගැස්මක් තියෙන නළුවා වෙන්නෙ ධනුෂ්. ආනන්ද් එල් රායිගේ Tere Ishk Mein හින්දි චිත්‍රපටය, රාජ්කුමාර් පෙරියසාමිගේ D55, අරුන් මාදේෂ්වරන්ගේ Ilaiyaraja, ඕම් රවුත්ගේ Kalam (අබ්දුල් කලාම් චරිතාපදානය), වෙන්කි අට්ලුරි සමඟ චිත්‍රපටයක්, වෙට්‍රිමාරන් සමඟ චිත්‍රපටයක්(Vada Chennai 2 විය හැකියි), මාරි සෙල්වරාජ්ගේ D56, Por Thozhil විග්නේෂ් රාජා සමඟ චිත්‍රපටයක් යනාදී ලෙසින් ඉදිරියේදී පැමිණීමට නියමිතයි. ඒ වගේම ධනුෂ්ගේ සිව්වන අධ්‍යක්ෂණය Idly Kadai මේ වසරේ පැමිණීමට නියමිතයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු නවින් (Baiscopelk)
IMDb 6.8 /10 4,317 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Dhanush isDeva Kallam
Deva Kallam
Jim Sarbh isNeeraj
Neeraj
Dalip Tahil isNeeraj's Father
Neeraj's Father
Sunaina isDeepa
Deepa
Bagavathi Perumal isBeggar Trainer
Beggar Trainer
Sayaji Shinde isSI Ashok Godbole
SI Ashok Godbole

Similar titles

The Devil’s Bath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Orion and the Dark (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Platform 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sister Midnight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wonder (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder on the Orient Express (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhoom 2 (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Havoc (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ. | 18+
Chhorii 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published