CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2236 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Devil’s Bath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Devil’s Bath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 08, 2024Austria121 Min.
Your rating: 0
5.5 6 votes
The Devil’s Bath AKA Des Teufels Bad (2024) | දෙවියන්ගේ නාමයෙන් වෙසෙන යක්ෂ මිනිසුන්

ලෝකයේ තිබෙන මූලීකම මිනිස් අයිතිවාසිකමක් තමයි තමන් කැමති ආගමක් ඇදහීමට තිබෙන නිදහස. ඒත් යම් මිනිස් කොට්ඨාශයකට මිත්‍යාව මුසු උන මිලේච්ඡ ආගමික මූලධර්ම මත පදනම් උන ආගමක් ඇදහීමේ නිදහස ලැබුනොත් කොහොමට හිටීවිද? ඒකට හොඳම උදාහරණ අපේ අසල්වැසි ඉන්දියාවෙන් අහන්න ලැබෙන අවස්ථා බොහෝමයි. සැමියා මියගිය පසු බිරිඳව පණපිටින් පිළිස්සීම, ගැහැණු බිළිඳියන් අසුභ බව පවසා මරා දැමීම සහ වෙනත් ආකාරයේ ආගමික අවශ්‍යතායන්ගේ නාමයෙන් සිදුවූ මනුශ්‍ය ඝාතන පිළිබඳ ඔබ අසා ඇතුවාට සැකයක් නෑ. ඉතිං මෙවැනි දේවල් සිදුවුනේ ඉන්දියාව වගේ තුන්වෙනි ලෝකයේ රටවල් වල විතරමද? කණගාටුවෙන් උනත් උත්තරය විදියට කියන්න වෙන්නේ නෑ කියලා තමයි. මොකද අද වන විට දියුණුයයි කියා සම්මත යුරෝපා රටවලත් මෙවැනි අපරාධ බොහෝමයක් සිදුවෙලා තියෙන බවට සාක්ෂි තියෙනවා. හැබැයි ඒ ගොඩක් සිදුවීම් වෙලා තියෙන්නේ අතීතයේ මිසක් මෑත කාලයේ නෙමෙයි කියලත් කියන්න ඕන.

ඉතිං 18 වෙනි සියවසේදී මේ වගේ මිත්‍යා විශ්වාස නිසා ඔස්ට්‍රියාවේ සිදුවුන බිහිසුණු ඛේදජනක සිදුවීම් පෙළක නිර්මාණාත්මක රූප පෙළක් තමයි මම මේ අද අරන් ඇවිත් තියෙන්නේ. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්‍යවරියක් වන කැතී ස්ටුවට් විසින් සත්‍ය සිදුවීම් අළලා රචනා කරන ලද Suicide by Proxy in Early Modern Germany: Crime, Sin and Salvation නම් කෘතියයි.Horror/ Historical යන කාණ්ඩයන්ට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.6 වැනි ඉහළ අගයකුත්, Rotten Tomatoesහි 91%ක දැවැන්ත අගයකුත් හිමි කරගන්න සමත් වෙලා තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Veronika Franz සහ Severin Fiala යන අධ්‍යක්ෂක දෙපළ විසිනුයි. රංගනයෙන් දායක වෙන්නෙනම් අපිට නුපුරුදු ඔස්ට්‍රියානු නළු නිළි කැලක් තමයි ඒත් ඔවුන්ගේ රංගන කුසලතායන් ගැනනම් කිසි සැකයක් ඇති කරන්න එපා.

චිත්‍රපටයේ කතාව ගැනනම් කියන්නේ නෑ. 17 වන සියවසේ ඔස්ට්‍රියාවේ පිටිසර ගම්මානයක සිටින ඇග්නස් කියන තරුණියට මුහුණ දෙන්න සිදුවන සිදුවීම් පෙළකින් මේ නිර්මාණය සමන්විතයි. දැඩි ලෙස දෙවියන් අදහන මේ ගම්මානයේ ඉන්න මිනිසුන්ගේ අමුතු චාරිත්‍ර එක්ක ඇග්නස් ගැටෙන විදිය ඔයාලට බලාගන්න පුළුවන්. සමහරවිට මේක බලලා ඉවර උනාට පස්සේ ඔයාලට මහ එපා කරපු මූසල හැඟීමක් දැනෙන්නත් පුළුවන් හැබැයි ඒකට මටනම් දොස් කියන්න එපා. ඒ වගේම මේ නිර්මාණයට නිරුවත් දසුන් සහ නැරඹීමට අපහසු ප්‍රචණ්ඩකාරී දර්ශන තියෙන නිසා ඔන්න මම ඒ ගැනත් කලින්ම දැනුවත් කලා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 6.6 /10 6,975 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Love Li (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]
Idiyan Chandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sergeant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jananam 1947 Pranayam Thudarunnu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Marry My Dead Body (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Updated
Ninnu Chere Tarunam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)
Son (2021) Sinhala Subtitles
Ek Villain Returns (2022) Sinhala Subtitles | “අවුරුදු 8කට පස්සෙ බිහිවුණ දුශ්ටයෙක්” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published