CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2156 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Holocaust (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Holocaust (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 13, 2025India79 Min.
Your rating: 0
8.9 10 votes
Holocaust (2025) | “ යුදෙව් ආත්මයේ පලිගැනීම ”

 

මිතුන් කියන්නේ සිනමාකරුවෙක්. එයාගේ බිරිද තමයි ජෙසී කියන්නේ. ජෙසී කියන්නේ පොඩිම කාලේ අම්මයි තාත්තයි නැතිවෙච්ච කෙනෙක්. මිතුනුත් එහෙමයි. ජෙසිට නංගි කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජෙනි. ජෙනි සිනමා ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන කෙල්ලෙක්. මෙයා එක්තරා නාලිකාවක කෙටි චිත්‍රපට උළෙලක අවසන් වටයට තේරෙනවා.මෙයාට ලැබිලා තියෙන විෂය තමයි හොරර් විෂය. මෙයා තිර රචනයත් ඉවර කරලා තිබ්බේ. මේකට හරියන තැනක් හොයාගන්න එක ලේසි වැඩක් නෙවෙයි ඉතින්. තැන් ගොඩක් හෙව්වත් ජෙනීට හරියන තැනක් හොයාගන්න හම්බවුනේ නෑ. ඉතින් මිතුන්ගේ යාලුවෙක් හරහා කේරලයේ වගමොන් වල ගෙදරක් හොයාගන්න සමත් වෙනවා. ඉතින් මේ ගෙදර ජෙනීගේ හිත ඇදී යනවා.දවසක් මිතුන්ගේ යාළුවා වෙච්ච විනෝත් වගේම මිතුන්ගේ පවුලයි කට්ටිය රෑකදි මේ ගෙදර ඉදපු කෙනෙක්ගේ විස්තරයක් කියනවා. ඒ ඔස්සේ අහම්බෙන් හම්බවෙන වෙනස් අක්ෂර සහිත පෙට්ටියක් ජෙනිට හමුවෙනවා. නමුත් ජෙනි දන්නේ නෑ මේ පෙට්ටිය හින්දා ජෙනිටත්, ජෙසී වගේම මිතුන්ටත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි කියලත්…

මොකක්ද මේ ප්‍රශ්නය කියලා දැනගන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් යමු විස්තරේ දිහාට..

2025 ජුනි 13 වෙනිදා තමයි මේ “Holocaust” කියන චිත්‍රපටය නිකුත් කලේ. අධ්‍යක්ෂණය විෂ්ණු චන්ද්‍රන්ගෙන්. රචනය විෂ්ණු චන්ද්‍රන් එක්ක මනෝජ් කුමාර්ගෙන්. සංගීතය ශ්‍යාම් මෝහන්ගෙන්. නිෂ්පාදනය එබින් එම් බේබි, බබින් මට්ටතිල්, රතිශ් පට්ටිමට්ටෝම් යන තුන්දෙනාගෙන්.

රංගනයෙන් මලයාලි රංගන ශිල්පීයෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක් වන ජයක්‍රිෂ්නන්, චර්මිලා, ප්‍රීති ගිනෝ, නස්රීන් නසීර් , නන්දන් උන්නී, මිදුන් වෙම්බලක්කල්, තාන්වී විනෝද් යන අය රංගනයෙන් දායක වෙනවා.

මේකට ලබාදීලා තියෙන IMDB අගය 5.7/10ක්. ඒ වගේම මේකේ තිර කාලය පැය 1යි විනාඩි 31ක්.

මේකේ OTT නිකුත් කරන්නේ Simply South හරහා ජූලි 11 වෙනිදා. (Narivetta ත් නිකුත් වුනේ එදාමයි.)

Holocaust (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Holocaust (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඕෂද එරංග (Cinerulk )
IMDb 5.3 /10 15 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Alone (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uyir Por (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DD Returns (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Out Come the Wolves (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Level Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dunki (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sucker Punch (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dark Nature (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Demon’s Bride (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published