CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4293 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 17, 2025USA170 Min.
Your rating: 0
9.6 26 votes
Mission: Impossible – The Final Reckoning (2025) | තීරණාත්මක මෙහෙයුම

2025 මැයි මස 14 වැනිදා Cannes සිනමා උළෙලේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය වූ Mission: Impossible – The Final Reckoning චිත්‍රපටය විනාඩි 170ක් පුරා දිගහැරෙන අතර මෙය Ethan Huntගේ දිගු ගමනේ අවසාන අදියර වශයෙන් සැලකෙනවා. Christopher McQuarrie විසින් අධ්‍යක්ෂණය කර, Tom Cruiseගේ අභියෝගාත්මක ජීවිතයේ තවත් අමරණීය ගමනක් වශයෙන් මෙම සිනමා කෘතිය සැලකෙනවා. මෙය Mission: Impossible චිත්‍රපට මාලාවේ අටවැනි සහ අවසාන කොටස බවද කියවෙනවා.

රූගත කිරීම් 2022 මාර්තු මාසයේදී ඇරඹුනත්, COVID-19 ප්‍රතිවිපාක සහ 2023 වසරේ දියත් කළ SAG-AFTRA වැඩ වර්ජනය හේතුවෙන් රූපගත කරන්න හිතුවට වඩා කාලයක් ගත වෙලා තියෙනවා. මෙම චිත්‍රපටිය එංගලන්තයේ, මෝල්ටාවේ, නෝර්වේ සහ දකුණු අප්‍රිකාවේ Kruger ජාතික වනෝද්‍යානය ඇතුළු විවිධ දර්ශන තලවලදී රූගත කර තියෙනවා. මේ සඳහා ඩොලර් 300–400 මිලියන පමණ වියදම් වී ඇති අතර, මෙය ඉතිහාසයේ ඉතාමත් වියදම් සහගත චිත්‍රපටයන්ගෙන් එකක් බවට පත් වෙලා තියෙනවා.

ප්‍රධාන චරිත ලෙස Tom Cruise ඊතන් හන්ට් වශයෙනුත්, Hayley Atwell ග්‍රේස් වශයෙනුත්, Ving Rhames ලූතර් වශයෙනුත්, Simon Pegg බෙන්ජි වශයෙනුත්, ප්‍රධාන චරිත රඟ දක්වන අතර, Esai Morales, Pom Klementieff, Henry Czerny, සහ Angela Bassett ද මෙහි සෙසු චරිත වශයෙන් රඟ දක්වනවා. මෙම චිත්‍රපටය IMDb හි 7.4/10 සහ Rotten Tomatoes හි විවේචක අගයන් 80% සහ ප්‍රේක්ෂක අගයන් 88% ලබා ඇති අතර ප්‍රදර්ශනය ආරම්භ කළ දින සිට මේ දක්වා ලෝක ව්‍යාප්තව ඩොලර් මිලියන 595 කට වැඩි ආදායමක් උපයාගෙන තියෙනවා.

කතාව ගැනත් ටිකක් කිව්වොත් ඊතන් හන්ට් සහ ඔහුගේ IMF කණ්ඩායම, “Entity” ලෙස හැඳින්වෙන අති බලගතු, නවීන, කෘතීම බුද්ධි (AI) පද්ධතියක් මත පදනම් වූ ගෝලීය තර්ජනයකට මුහුණ දෙන සිද්ධියක් තමයි මේ චිත්‍රපටියෙන් පෙන්වන්නේ. මෙම AI පද්ධතිය ලෝකයේ සමුද්‍ර යාත්‍රා, අධි තාක්ෂණික ආරක්ෂණ පද්ධති සහ රටවල් වල අනාගතය පාලනය කළ හැකි තරම් බලය ලබාගෙන තිබෙනවා. එය විනාශ කිරීමට හෝ පාලනය කිරීමට හැකි මූලික යතුර කැබලි දෙකක් විදිහට බෙදලා වෙන වෙන තැන් වල රඳවලා තියෙන්නෙ. ඒ කොටස් දෙක හොයාගෙන මෙම AI පද්ධතියේ මූල කේත (Source Code) නැවත මුල් තත්වයට පිහිටුවීමෙන් තමයි මෙම තර්ජනය මැඩ පවත්වලා ඒ තුලින් මනුෂ්‍යයන්ගේ පැවැත්ම තීරණය කරන්න වෙලා තියෙන්නේ.

ඉතිං ටොම් කෲස් ගෙ අනිත් Mission Impossible චිත්‍රපටි වල වගේම මේ චිත්‍රපටියෙත් Stunt දර්ශන සඳහා වෙනත් පුද්ගලයෙක් යොදා ගන්නෙ නැතුව ටොම් කෲස් ම දායක වෙලා තියෙනවා. පහතින් තියෙන්නේ එවැනි දර්ශනයක්

හෙලිකොප්ටර් භාවිතයෙන් රූගත කිරීම් වලදී Angénieux 36-43.5mm කාචයකින් සහ Fujinon 19-45mm කාචයකින් යුගලනය කරන ලද කැමරාවක් යොදාගත් බවත්, එමගින් ප්‍රේක්ෂකයින් ගුවන් යානයේ පිටුපස වාඩි වී සිටින ආකාරයේ අත්දැකීමක් ලබා දීමට උත්සාහ කර බවත් මෙහි නිශ්පාදකයන් විසින් පවසනවා.

ඉතිං යාලුවනේ… ඊතන් හන්ට් ට මේ යතුරු කොටස් දෙක අත්පත් කරගන්න පුලුවන් වේවිද? Entity පද්ධතියේ මූල කේත තියෙන තැන හොයාගන්න පුලුවන් වේවිද? පුළුවන් උනත් ඒවා ඊතන් ට වෙනස් කරන්න පුළුවන් වේවිද? එහෙමත් නැත්නම් අන්තිම‍ට Entity එකට මුලු මිනිස් වර්ගයාගේ ම පැවැත්ම අවසන් කරලා දාන්න පුලුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිනිඳු සම්පත් (Baiscopelk)
IMDb 7.4 /10 118,602 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Tom Cruise isEthan Hunt
Ethan Hunt
Ving Rhames isLuther Stickell
Luther Stickell
Simon Pegg isBenji Dunn
Benji Dunn
Henry Czerny isKittridge
Kittridge
Nick Offerman isGeneral Sidney
General Sidney

Similar titles

Batman: Death in the Family (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salt (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Willow (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Migration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samurai Fury (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rooban (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 100 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jawaan (2017) Sinhala Subtitles
Apocalypto (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Robinhood (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Sehandu August 25, 2025 Reply

    F1 eka dennko

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published