
ඔයාගෙ ජීවිතයට ගැළපෙනම කෙනා, ඔයාගෙ “Soulmate” ව, දුරකථන ඇප් එකකින් සොයා දෙන්න පුළුවන් නම් ඔයා එය විශ්වාස කරනවාද? තාක්ෂණය කොතරම් දියුණු වුණත්, හදවත් දෙකක් යා කරන ආදරයේ ඇල්ගොරිතමය ඇත්තටම ලියන්න පුළුවන්ද? මේ ප්‍රශ්නවලට උත්තර හොයන, ආදරය, විනෝදය, සහ සංස්කෘතික වෙනස්කම් එකට මුසු වූ ලස්සනම ලස්සන කතාවක් තමයි “පරම් සුන්දරී”.
මේ කතාවේ ප්‍රධාන චරිත දෙක එකිනෙකට හාත්පසින්ම වෙනස්. එක් පැත්තකින් ඉන්නේ දිල්ලියේ හැදී වැඩුණු, නවීන තාක්ෂණයට ලැදි, ජීවිතය සැහැල්ලුවෙන් ගෙන යන තරුණයෙක් වන පරම් (සිද්ධාර්ත් මල්හෝත්‍රා). අනෙක් පසින්, කේරලයේ මනස්කාන්ත සුන්දරත්වය මැද, සිය පාරම්පරික නිවස රැකගෙන ජීවත් වන, සංස්කෘතියට ගරු කරන දකුණු ඉන්දීය තරුණියක් වන සුන්දරී (ජාන්වි කපූර්).
මේ දෙන්නව මුණගස්වන්නේ කවුද? ඒ තමයි “Soulmates” කියන AI ඇප් එක. පරම් මේ ඇප් එක පාවිච්චි කරන්නේ අත්හදාබැලීමකට වුණත්, ඇප් එක ඔහුට ගළපන්නේ කිසිසේත්ම නොසිතූ විරූ කෙනෙක්වයි – ඒ තමයි සුන්දරී.
නෙතට රසඳුනක්, සවනට මිහිරක්
“පරම් සුන්දරී” කියන්නේ හුදෙක් ආදර කතාවක් විතරක්ම නෙවෙයි. එය නරඹන්නන්ව ඉන්දියාවේ සුන්දරම ප්‍රාන්තයක් වන කේරලය හරහා දෘශ්‍ය චාරිකාවක එක්කගෙන යනවා. එහි ඇති තේ වතු, දිය ඇළි සහ පාරම්පරික ගෘහ නිර්මාණ ශිල්පය චිත්‍රපටයට ලබා දෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි චමත්කාරයක්.
ඒ වගේම, සචින්-ජිගර්ගේ සංගීතය මේ කතාවේ හදවත වගේ. දැනටමත් ජනප්‍රියත්වයට පත් “Pardesiya” වැනි ගීත චිත්‍රපටයේ ආදරණීය සහ විනෝදකාමී අවස්ථා තවත් ඔපවත් කරනවා.
සිද්ධාර්ත් සහ ජාන්වි ප්‍රථම වතාවට තිරය බෙදාගන්න මේ චිත්‍රපටය ෆීල් ගුඩ් මූවි එකක් විදියට හදුන්වන්න පුලුවන්.
තාක්ෂණයෙන් පටන් ගන්නා මේ සම්බන්ධය ඇත්තම ආදරයක් බවට පත් වෙයිද? උතුරේ පරම් සහ දකුණේ සුන්දරී ඔවුන්ගේ වෙනස්කම් ජයගෙන එකට එක්වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම්, ආදරය, සිනහව සහ සුන්දර දසුන් පිරුණු “පරම් සුන්දරී” ඔයාටත් නරඹන්නම වෙනවා. මේක ඔයාගෙ හිතට සතුටක් ගෙන දෙන අත්දැකීමක් වේවි.
Options | Quality | Language | Size |
---|---|---|---|
WEB-DL 480p | 650 MB | Hindi | |
WEB-DL 720p | 1.3 GB | Hindi | |
WEB-DL 1080p | 2.6 GB | Hindi |