CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
4081 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 04 480p
  • Player 04 720p
In the Heart of the Sea (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

In the Heart of the Sea (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 20, 2015United States122 Min.
Your rating: 0
9.7 9 votes
In the Heart of the Sea (2015) | නිල් සයුරේ ඔහු සමඟ සටනක….

නිකම් තෙරෙක් නොපෙනන මහා සයුරේ 1820 ගණන් වගේ ඈත කාලයේ තල්සමසුන් දඩයම් කිරීම සඳහා හිය එසෙක්ස් නම් බ්‍රිතාන්‍ය නෞකාවක් ගැන තමයි අද මේ ගෙනෙන කතාන්දරය දිග හැරෙන්නේ. මුලින්ම කියන්න ඕනේ Herman Melville උත්තමයා 1951 ප්‍රකාශයට පත්කළ අපි හැමෝම දාන්නා අහලා තියන Moby Dick (බොබී ඩික් සත්‍ය කතාවක් පාදක කරගෙන කල නිර්මාණයකි) ගැන සෘජුවම කතා කරන්න නෙමෙයි මේ අපි සුදානම් වෙන්නේ. මේ සලරුවට පාදක වෙන්නේ Nathaniel Philbrick විසින් 2000 වසරේ මේ නමින්ම පලකල කෘතිය. පාදක වෙන කෘතිය ගැන එහෙම කිව්ව එකේ තිරයේ පිටුපස චරිත ගැන කියලා අවසන් වෙලාම තිරය ඉදිරියට එමු එහෙනම්, Ron Howard තමයි අධ්‍යක්ෂකවරයා වෙන්නේ, ඔහුව නොදන්නා වෙන්න බැහැ නෙව Apollo 13, A Beautiful Mind, Rush වගේ බොහොම ප්‍රසිද්ධ චිත්‍රපට ගන්නකම ඔහුගේ අතින් නිමවෙලා තියනවා නෙව.

ප්‍රධාන චරිතය වෙන “ඔවෙන් චේස්” හැටියට එකතු වෙන්නේ අපි හැමෝම දන්නා Chris Hemsworth, ඔහු ගැන මම මෙතන කියන්න ඕනේ නම් ඉතින් තේරුමක් වෙන්නේ නැහැ නේ බයිස්කෝප් එකෙන්ම, ඔහුට අමතරව Benjamin Walker හා Cillian Murphy (Peaky Blinders බලන උදවිය නම් ඉතින් අපේ තෝමස් ශේල්බි කොල්ලා ගැන නොදැන ඉන්න හැටියක් නැහැ නෙව) ඒ විතරක් නෙමෙයි Peaky Blinders හි Paul Anderson, Charlotte Riley මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම අපේ අලුත් Spider-Man එහෙම නැත්නම් Tom Holland අගේට ඔහුගේ චරිතය රගපානවා.IMDB 7.2 වගේම රෝටන් ටෝමාටෝ 42% දිනාගත්ත Action, Adventure, Biography, Drama, History, Thriller යන ඒකි නොකී හැම කාණ්ඩයකම නියෝජනය කරන මේ චිත්‍රපටයේ කතාව පැත්තට හැරෙමුකො එහෙනම්…

මෝබි ඩික් රචකයා යනවා මහලු නිකර්සන් මහත්තයා හමු වෙන්නේ, ඒ ඔහුගෙන් 1820 ගණන්වල එසෙක්ස් නෞකාවට මොකද්ද වුනේ කියලා දැනගන්න, මුලින් මුලින් අදික ලෙස අකමැත්ත පලකලා වුනත් අවසානයේ තමුන්ගේ බිරිදගේ පෙරෙත්ත කිරීම නිසාම ඔහු කතාව ආරම්භ කරනවා… වයස අවුරුදු 14 කොලුගැටයෙක් හැටියට එසෙක්ස් නව්කාවට ගොඩවෙන ඔහුගේ අරමුණ වෙන්නේ තල්මස් දඩයමෙන් තමුන්ට නමක් හදාගැනීම… නමුත් මේ නව නෞකාවේ කපිතාන් හා ඔහුගේ දෙවනියා අතර අමුතු ගැටුමක් තියනවා බල අරගලයට, ඒ නිසාවෙන් දෙන්නා එකිනෙකාගේ වැඩ පෙන්වන්න අනික් නැවියන්ගේ ජිවිත එක්තරා ආකාරයක බිල්ලට දෙන හැටි… තමුන්ගේ සාමාන්‍ය ගමනාන්තයෙන් නාවික සැතපුම් 1000 ක් 2000 ක් එහා තල්මසුන් දඩයමේ ගිය හැටි, ඒ ගමනේදී හමු වුන ඒ බිහිසුණු, බුද්ධිමත් සත්වයාගෙන් දිවි ගලවා ගැනීමට තමුන් හා අනිකුත් නැවියන්ට කරන්න වුන දේවල්, කැප කරන්න වුන දේවල් වගේ හැම දෙයක්ම මුල ඉදලා අවසාන වෙනකම් අපිට හුස්මක් කටක් ගන්න බැරි වෙන්නේ දිග හැරෙන මේ වික්‍රමාන්විත ක්‍රියාදාම චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. කියන්න ඕනේ මෙහි වර්ණ යොදාගැනීම, හා කැමරාකරණය පුදුම ලස්සනයි… බලාගෙන යනකොට තමුන් ඉන්නේ කොහෙද කියලවත් මතක් වෙන්නේ නැහැ. ඒ වගේම රංගනය බොහොම අගෙයි, හාමතේ මුහුදේ පාවෙන නැවියන් ලෙස පෙන්න ඕනේ හින්දාම මේ නළුවන් ඔක්කොම බොහොම කැපකිරීමක් කරලා ඒ වෙනුවෙන් තමුන්ගේ බර අඩු කරගෙන එහෙමත් තියනවා…. එහෙනම් තල්මසුන් හබායන්න, මහා සයුරේ ජීවිතය ගලවා ගන්න, මේ මිනිසුන්ගේ ඉරණම කොහොම වෙයිද කියලා බලාගන්න ඔබට බාරයි. ජය වේවා !!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කසුන් කරුණාතිලක (Baiscopelk)
IMDb 6.9 /10 139,518 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ron Howard
Director

Cast

Chris Hemsworth isOwen Chase
Owen Chase
Benjamin Walker isGeorge Pollard
George Pollard
Cillian Murphy isMatthew Joy
Matthew Joy
Brendan Gleeson isOld Thomas Nickerson
Old Thomas Nickerson
Ben Whishaw isHerman Melville
Herman Melville
Michelle Fairley isMrs. Nickerson
Mrs. Nickerson
Tom Holland isYoung Thomas Nickerson
Young Thomas Nickerson
Paul Anderson isThomas Chappel
Thomas Chappel
Frank Dillane isOwen Coffin
Owen Coffin
Joseph Mawle isBenjamin Lawrence
Benjamin Lawrence

Similar titles

The Lake House (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trigger (2022) Sinhala Subtitles
V (2020) Sinhala Subtitles | Watch Online
Secret (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Merciless (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King Kong (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thalainagaram 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once Upon a Time in China (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sherlock Holmes: A Game of Shadows (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ramarao on Duty (2022) Sinhala Subtitles
Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published