CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
5724 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Love Today (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Love Today (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 04, 2022India154 Min.
Your rating: 0
9.3 52 votes
Love Today (2022) | නූතන තාක්ෂණය නිසා ගොඩ නැගෙන හා බිද වැටෙන නූතනයේ ආදරය.

මං අද අරගෙන ආවේ මේ වසරේදි අනපේක්ෂිත සාර්ථකත්වයක් ලද Love Today සිනමාපටයේ උපසිරැසියයි. Romantic comedy වර්ගයට අයත් මේ ෆිල්ම් එක මුල ඉදලා අගට හොද විනෝදයෙන් නරඹන්න ඔයාලට පූළුවන්. මේ වසරේ නොවැම්බර් 4 වන දින සිට තිරගත කරන ලදී. මෙම සිනමාපටය අධ්‍යක්ෂණය, තිර රචනය හා ප්‍රධාන රංගනයෙන් දායක වන්නේ Pradeep Ranganathan විසිනි. එසේම සෙසු අකෙක් චරිත Ivana, Raveena Ravi, Raadhika Sarathkumar, Yogi Babu යන අය රංගනයෙන් දායක වේ. Kalpathi S. Aghoram Kalpathi S. Ganesh Kalpathi S. Suresh අය නිෂ්පාදනයෙන් දායක විය. Yuvan Shankar Raja ගේ අති මියුරු සංගීතයෙන් ද මේ සිනමාපටය අලංකාර විය. මේ සිනමාපටයට මූලිකව යොදාගෙන තියෙන්නේ මේ අධ්‍යක්ෂකවරයාගෙ App(a) Lock යන කෙටි සිනමාපටයයී,

ඇත්තටම මේ සිනමාපටය ගැන කතා කරනකොට මුලින්ම කතා කරන්න ඕනෙ මේ සිනමා පට්යේ අධ්‍යක්ෂනය, තිර රචනය හා රංගනයෙන් ද දායක වූ Pradeep Ranganathan ගැන කතා නොකරම බැරිය. 1993 ජූලි 25 දින උපත ලැබූ ප්‍රදීප් මුලින්ම කෙටි සිනමාපට රචකයෙක් ලෙස ක්ෂේත්‍රයට එක් විය. Whatsapp Kadhal, College Diaries, App(a) Lock යන ඒවා විශේෂ වේ. 2019 දී තිරගත වූ Comali සිනමාපටයේ අධ්‍යක්ෂණයෙන් සිනමාවට මුලින්ම පිවිසියේය. Jayam ravi ප්‍රධාන චරිත රගපෑ මේ සිනමාපටය කෝටි 15 ක නිෂ්පාදන වියදමක් දරා නිපදවුවත්, මේ සිනමාපටය කෝටි 50 ක ආදායමක් ලබා ගැනීමට සමත් විය. එසේම SIMMA awards හිදී හොදම නැගී එන අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය.

එවගේම මේ ෆිල්ම් එක බලනකොට ඔයාලට මේ රගපන්නේ ධනුෂ් වගේ හිතෙන්න පුළුවන්. මොක ද ප්‍රදීප් ගේ රගපෑම පෙනුම බොහෝ දුරට ධනූෂ් ට සමාන පෙනුමක් තියෙන්නෙ, මේ පින්තූරය දැක්කාම ඔයාලටත් එහෙම හිතෙන්න පුළුවන්. මේ 2015 දී තිරගත වුන ධනුෂ් ගේ ANEGAN සිනමා පටයේ පින්තූරයක්.

මේ සිනමාපටය කෝටි 5 ක ඉතා සුළු( අනිත් සිනමපටවල වියදම් වලට සාපේක්ෂව) වියදමක් දරා නිෂ්පාදනය කල ද අද වන විට ආදායම කෝටි 50 ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වී තිබෙනවා. ඇත්තට්ම මේ සිනමාපටයෙන් ලබා දෙන පණිවිඩය නම් අති විශිෂ්ඨයි. මේ සිනමා පටය දැනට මේ වසරේ තිරගත වු සිනමපට අතරින් වැඩිම ආදායම් ලද දමිල සිනමාපට අතර ද පවතී. මේ සිනමා පටයේ ලද ජයග්‍රහණය නිසාම මේ සිනමපටය තෙලිගු භාෂාවෙන් හඩ කවා තිරගත කිරීමට ද සැලසුම් කර ඇත. එවගේම ෆිල්ම් එකේ trailer එක launch කිරන්නේ Vijay Deverakonda විසින්.

පෞද්ගලිකව මං වැඩිය රොමැන්ටික් ෆිල්ම් බලන්න කැමති කෙනෙක් නෙවේ. මං බලපු හොදම tamil romantic ෆිල්ම් විදියට දැනට Romeo Juliet (2015), Engaeyum Eppothum (2011), Remo (2016), Oh My Kadavule (2020), Kadhalan (1994), 90ML (2019), Boys (2003) යන ෆිල්ම්ස් ඒ අතර කීපයක් වෙනවා. ඒ වගේම හොටු පෙරාගෙන අඩන චිත්‍රපට බලන්න තියා ඒ වගේ සීන් එකක් ෆිල්ම් එකක තියෙනවා නම් අනිවාර්යෙන් ඉස්සරහට යව යව තමා බලන්නේ.

මේ ෆිල්ම් එකේ කතා කියන්නේ ආදරය කරන්න ආදරේ විදින්න නමුත් ඔයාලගෙ පෞද්ගලිකත්වයේ සාක්ෂි දුරකථන වල ගබඩා කරන්න එපා කියලා. මං නම් ආදරය ගැන ලොකුවට දේශනා දෙන්න නම් දන්නෙ නෑ ඒ වගේම ලොකු අත්දැකීමක් ඇත්තෙත් නෑ. ඒක දෙයක් නම් කියන්න පුළුවන් මේ ෆිල්ම් එක බලලා, තමා පෙම්වතියක් හෝ පෙම්වතියක් නම් ඔයාල අතර රහස් ඔයාලා දෙන්න අතර පමණක් බෙදා ගන්න. එහෙම නැතුව බෙස්ටි බෙස්ටා වගේ අංගවිකල ජීවීන් ලගපාතකටවත් ගන්න එපා.කෙල්ලෙක්ට බෙස්ටා කියන්නේ යාළුවෙක්ට වඩා ඉහල තත්වයක ඉන්න පෙම්වතාට වඩා පහල තත්වයක ඉන්න කෙනෙක්. තව අය නම් ඒ වගේ අය හදුන්වන්නේ කාන්තාවකගේ යට ඇදුමකට සමාන ජනවහරේ ඇති අසම්භාව්‍ය පදයකින්. ඉතිං එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ අය එක්කම සම්බන්ධතාවය පවත්වා ගන්න එක තමා හොද.  ඒ වගේම කාට ආදරේ කලත් තමන්ව කුඩා කාලයේ සිට හදාවඩා ගත් දෙමාපියන්ව අමතක කරන්නම හොද නෑ. මොකද ඔය කාටවත් තමන්ගෙ දෙමව්පියන්ට වඩා ආදරය දෙන්න බෑ. කවදාකම හරි ඉතුරු වෙන්නේ ඒ අය විතරයි.

ඒ වගේම සමහර පුද්ගලයින් ඉන්නවා තමන්ගෙ අනන්‍යතාවය පෙන්නලා දෙයක් කරන්න කොන්දක් නැති, ඒ වගේම අනිත් අයට නූතන තාක්ෂණය භාවිතා කරමින් දුක් පීඩා දෙන මන්දමානසික පුද්ගලයින්. ඉතිං ඒ වගේ අය හිංදා වෙන්නෙ මොකක් ද කියලත් මේ ෆිල්ම් එක බැලුවම බලාගන්න පුළුවන්. කථාව ගැන සැකවින් කියන්නම්, මේ කතාවෙ ප්‍රධාන චරිතය තමා ප්‍රදීප්, එයාගෙ පෙම්වතිය තමා නිකිතා. ඉතිං ප්‍රදීප් නිකිතාගෙ තාත්තා හම්බෙලා තාත්තට සම්බන්ධෙ ගැන කියන්න හදනකොට, තාත්තා ප්‍රදීප්ටයි නිකිතටයි තම තමන්ගැන හදුනා ගන්න එකිනෙකා තමන්ගේ දුරකථන මාරු කරගන්න කියලා පියා කියනවා. ඉතිං ඒ හිංදා ප්‍රදීප් සහ නිකිතා අතර වන ජරමර මොන වගේ ද?. දෙදෙනාට එකතු වෙන්නට ලැබෙයිද?. ඉතිං ඒ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන්ම අද කතාව නරඹන්න කියාලා ආරාධනා කරනවා

 

 

?උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම එක්කර ඇත.
?මෙම ලබා දී ඇති පිටපත HDRip පිටපතකි. මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් WEB-DL පිටපතට වඩා ගුණාත්මක බැවින් තරමක් අඩුය. (කැමරා කොපි නොවේ )
ඉදිරියේදී වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ.
රැදී සිටින්න අප සමගම ?

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිදු හේෂාන් (Baiscopelk)
IMDb 8.8 /10 5,025 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

To All the Boys I’ve Loved Before (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cars 2 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love, Sitara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Square (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kamali from Nadukkaveri (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Before We Go (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Annayum Rasoolum (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lake House (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nadanna Sambhavam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Pasindu November 23, 2022 Reply

    Doctor G Hindi film eka, phone bhoot Hindi film eka danna puluwamda.

  • Nethum November 26, 2022 Reply

    Meka wada aran naa ne

    • Cinesubz November 27, 2022 Reply

      Download ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න..

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published