CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4398 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Junglee (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Junglee (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 29, 2019India115 Min.
Your rating: 0
9.1 13 votes
Junglee (2019) | දොස්තර හොඳ හිත…

මේ ලෝකය..
මිනිසුන්ට පමණක් උරුම වූ දෙයක් නොව…
දස දහස් ගණනින් ජීවීන් මෙලොව වාසය කරනවා…
මේ ලෝකය..
වචනයෙන් විස්තර කර නොහැකි සුන්දරත්වයෙන් යුතු සොබාව සෞන්දර්යයකට උරුමකම් කියනවා…
නමුත්,
උසස් මනසක් ඇතැයි පවසන මිනිස්සු කියන සත්වයෝ..
මේ අනිත් ජීවීන් ගැන මොහොතකටවත් සිතනවාද..?
මේ සොබාව සෞන්දර්යය ගැන මොහොතකටවත් සිතනවාද?
මුදල්, ව්‍යාපාර පදනම් කරගෙන සතුන්ගේ ජීවිත, අපිටම උරුම වූ සොබාව සුන්දරත්වය විකුණන් කනවා.
ඔවුනට දඬුවවම…?
දවසක ස්වභාවධර්මය විසින්ම ලබාදේවි…!!!

මේ අවුරුද්දේ නිකුත් වුනු තවත් සුන්දරාත්මක සිනමා සිත්තමක් අරගෙන එන්නයි මේ සූදානම. Junglee චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරන්නේ මේ අවුරුද්දේ මාර්තු 29 වෙනිදා. ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ශකවරයෙකු වන Chuck Russell අධ්‍යක්ශනය කරන මෙය ජංග්ලී පික්චර්ස් ආයතනය නිශ්පාදනය කරනවා. ඔබ කවුරුත් දන්න Commando(2013) සහ Commando 2(2017) හි මෙන්ම Thuppakki, Baadshaho හි රඟපෑ අති දක්ශ සටන්/ක්‍රියාදාම නළු Vidyut Jammwal එක්කලා බොලිවුඩයට නවක Pooja Sawant සහ Asha Bhat රංගනයේ යෙදෙන මේ චිත්‍රපටය සතුන් සමග ඉතා සමීප සබදතා පවත්වන පශු වෛද්‍ය වරයෙකු වටා ගෙතුනු කතාවක්. පහුගිය මාර්තු 29 ලොවපුරා තිරගතවීම ආරම්භ කරපු මේ සලරුව ඉන්දියානු රුපියල් කෝටි 32.53ක අදායමක් උපයා ගැනීමට සමත්වූ අතර ධනාත්මක විචාරක පැසසුමටද පාත්‍ර වූවා. අද වෙද්දි ලෝකයේ ඉතා නින්දිත ජාවාරමක් තමයි ඇත් දළ වෙළදාම සහ වන සම්පත විනාශ කරමින් කරන වනසම්පත් ජාවාරම. ඉතින් මේ සීන් එක ගොඩක්ම මතු කරන්නට යොදාගත්තු චිත්‍රපටයක් විදිහට මේක හදුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය සඳහා වැඩි වශයෙන් ඇත්ත අලි ඇතුන් යොදාගෙන තියෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තුල අලි ඇතුන් 100ක් පමණ සලකා බැලීමෙන් පසු තෝරාගත් සුළු ප්‍රමාණයක් ලෙසින්. එමෙන්ම විද්‍යුත් ජම්ම්වාල් මෙහි ක්‍රියාදාම දර්ශන සැබෑවටම කර තිබෙන බවයි සඳහන් වන්නේ.

“ඇත් දළ ලබාගැනීම වෙනුවෙන් සෑම මිනිත්තු පහලොවකට වරක්ම ඇතෙකු දඩයම් වනවා…

ඒත් අපිට මේක නතර කරන්න පුළුවන්.

අපි ඇත් දළ වලින් හදන බඩු භාණ්ඩ මිලට ගන්න එක නතර කරෝතින්..

මේ අපරාධයට තිත තියන්න පුළුවන්… “

– මේ තියෙන්නෙ ඒ මහා අපරාධයන් ගැන වාර්ථා වුනු අවස්ථාවන් කිහිපයක් –

පහුගිය කාලෙක ලංකාවෙත් මේ මාතෘකාව ලොකුවට පැන නැගුනා. ඇත් දළ මාතෘකාව වගේම කැලෑ කැපීම ගැනත් ලොකු කතා බහක් ඇතිවුනා. ඒ දේවල් එක්කත් ගොඩක් සමීපත්වයක් මේ චිත්‍රපටය දක්වනවා. එහෙනම් වෙනදා වගේ ලොකු විස්තරයක් එක්කලා ලිපිය ගෙනෙන්නට බැරිවුනත් හදිසියේ යන්තම් ගලපගෙන මේ ටික ලියාගෙන ඔබ වෙත මේ සුන්දර චිත්‍රපටය මෙසේ පුද කර සිටිනවා. මේක අපේ සිසිල සහෝදරයා බාරගෙන හිටපු චිත්‍රපටයක්. ඔහුගේ කාර්යබහුලත්වය නිසා මට වෙන්වුනා කරන්න. සහයෝගය දුන්නු MTR තරිදු රුක්ශාන් පෙරේරා අයියටත් ස්තුතිය පුද කර සිටිනවා වගේම හැමදාම අපි එක්ක රැදිලා ඉන්න ඔබ සැමටත් මගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටිමින් යන ගමන් අදහසක් පලකරගෙන යන ලෙසිනුත් ඉල්ලා සිටිමින් මං අදට සමු ගන්නවා. ජයෙන් ජය෴෴

Junglee (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Junglee (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Junglee (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර (Baiscopelk)
IMDb 5.5 /10 2,063 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Thunderbolt (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Beckett (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Savi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akele Hum Akele Tum (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guzaarish (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔ
Hum Dil De Chuke Sanam (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Pickup (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend of Kunlun (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ace Ventura: When Nature Calls (1995)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hacker (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Knights of the Zodiac (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Sahan Nimesh February 18, 2023 Reply

    Sahannimesh

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published