CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3054 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Bogan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bogan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 02, 2017India148 Min.
Your rating: 0
10 1 vote
Bogan (2017) | ශරීරයෙන් ශරීරයට මාරුවන බලය

මේ ලෝකේ හරිම පුදුමාකාරයි. මේ ලෝකේ නිර්මාණය වුනේ කොහොමද කියලා, අදටත් විද්‍යාත්මකව තහවුරු කල හැකි සාධකයක් නැහැ. අනාදිමත් කාලයක සිට පැවත එන්නාවූ මේ ලෝ තලයේ හරි අපූරු බලයන් සමුදායක් අන්තර්ගත වෙලා තියෙනවා. හැමෝටම තේරෙන්න කියනවා නම්, විශ්ව ශක්තිය ලෙස හඳුන්වන්නෙ මෙයයි. අතීතයේ සිට වර්තමානය දක්වා වාසය කළාවූ, ඉසිවරයින්, ඉන්ද්‍රජාලිකයන්, යකැදුරන් ආදී පුද්ගලයින්, ඔවුන්ගේ වැඩි දියුණු කරන ලද චිත්ත ශක්තිය සමගින් මෙම විශ්ව ශක්තියද උපයෝගී කරගනිමින් සාමාන්‍ය මිනිසෙකුට සිහිනෙන් හෝ කල නොහැකි අන්දමේ ප්‍රාතිහාර්යයන් මවා පාන ලදී. මෙම ශක්තිය කෙතරම් බලවත් දැයි පවසනවා නම්, වෙනත් පුද්ගලයෙකුගේ මනසට ඇතුළුවී, එම පුද්ගලයාව පාලනය කිරීමට තරම් විශ්වාස කල නොහැකි අන්දමේ හැකියාවක් මෙහි ගැබ් වී පවතිනවා. නමුත්, කල් ගතවෙත්ම, තාක්ෂණයේ දියුණුවත් සමගින් මෙම ශිල්පීය දක්ෂතාවය සතු පුද්ගලයින් ලොවෙන් ක්ෂය වී යන්න පටන්ගත්තා. වර්තමානය වනවිට බොහොමයක් දෙනා, මෙය මුසාවක් ලෙසයි සලකන්නේ. නමුත්, මා මේ කියන්නෙ කිසිසේත්ම මුසාවක් නම් නොවෙයි. මේ විශ්වය පුරාවට අනන්ත අප්‍රමාණ වූ නොපෙනෙන බලවේගයන් තිබෙනවා. මෙම විශ්ව ශක්තිය පාලනය කල හැකි, මෙම ක්ෂේත්‍රයේ පරතෙරට ගිය පුද්ගලයින් අදටත් අප සමාජයේ, ඔබ-අපෙන් වසන්වී ජීවත් වෙනවා. ඔබටත් හොර රහසේම, මෙම විශ්ව බලවේගයන් තුලින් ඔබගේ දෛවය පාලනය කරනවා වෙන්න පුළුවනි. මෙම බලවේගයන් ඔබගේ පියවි ඇසට නොපෙනුනා යයි කියා, මුසාවක් ලෙස සලකා අළුයම ලූ කෙල පිඩක් මෙන් ඉවත දැමීම සාධාරණ නොවෙයි. මා මේ කුමක් කියවනා දැයි විටෙක ඔබ සිතාවි. නමුත්, මාගේ වචනය විශ්වාස කරන්න. යම් දිනෙක ඔබට සත්‍ය පසක් වේවි. එදිනට, මා මෙසේ පවසූ බව ඔබට මතක් වේවි. නමුත්, ඒ වනවිට ඔබ ප්‍රමාද වැඩි දැයි මට මේ මොහොතේ නම් නිශ්චිතවම ප්‍රකාශ කල නොහැකියි…

අතාත්වික සටන් නිසාවෙන් බොහෝ දෙනාගේ විවේචනයට භාජනය වුවත්, දමිල සිනමාව කියන්නෙ නිරන්තරයෙන්ම නැවුම් වූ අත්දැකීමක් ප්‍රේක්ෂකයාට තිලිණ කරන්නාවූ පාරාදීසයක්. එසේනම්, මේ සූදානම ඔබ වෙනුවෙන් වෙනස්ම ආකාරයක අත්දැකීමක් තිලිණ කර දීමටයි. ඒ වෙනුවෙන් දමිල සිනමාවේ දැවැන්ත චරිත කීපයක් ඔබ සමගින් පුරා හෝරා දෙක හමාරකට අධික කාලයක් මුළුල්ලේ අත්වැල් බැඳගනු ඇත. මේ වන විට වර්තමාන දමිල සිනමා ක්ෂේත්‍රයේ නොමැකෙන අයුරින් සිය නාමය සනිටුහන් කරගෙන සිටින, ජෙයම් රවීගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් ඔපමට්ටම්වී, අරවින්ද් ස්වාමි සහ සුරූපී හංසිකා මොට්වානිගේ සහාය රංගන දායකත්වයෙන්ද, හින්දි සිනමාව හෝ වේවා, දමිල සිනමාව හෝ වේවා, කොතැනත් ජයකෙහෙලි නැංවීමට සමත්කම් දක්වන, ප්‍රභූ දේවාගේ නිෂ්පාදන දායකත්වයෙන් සවිබල ගැන්වෙන මෙම සලරුව, Action සහ Thriller යන කාණ්ඩ නියෝජනය කරමින් 2017 වර්ෂයේ පෙබරවාරි මස දෙවැනි දින මහජන ප්‍රදර්ශනයට නිකුත්වූ අතර, මේ වන විටත් IMDB දර්ශකයේ 6.6 ක මනාප අගයකින් සන්නද්ධව පසුවනවා.

වික්‍රම් කියන්නෙ සහකාර කොමිෂ්නර් වරයෙක්. ඒ වගේම එයාගෙ තාත්ත බැංකු මැනේජර් වරයෙක්. ඉතින් දවසක් වික්‍රම්ගෙ තාත්තගෙ බැංකුවෙ සල්ලි කොල්ල කෑමකට ලක් වෙනව. ඒ විතරක් නෙමෙයි ඒ සල්ලි කොල්ල කාලත් තියෙන්නෙ වික්‍රම්ගෙ තාත්තම තමයි, හැබැයි තාත්ත නම් කියන්නෙ එයා සල්ලි කොල්ල කෑවෙ නෑ එයාට ඒ වෙලාවෙ සිද්ද වුණු කිසිම දෙයක් මතකත් නෑ කියල. ඉතින් වික්‍රම් මේ ගැන හොයල බලද්දි එයාට හෝඩුවාවල් කිහිපයක් බලාගන්න පුලුවන් වෙනව. ඒ තමයි බැංකුව කොල්ල කාපු වෙලාවෙ එතන තිබුණ කාර් එකක් ගැන. ඉතින් වික්‍රම් ඒ ඔස්සෙන් ගිහින් ආදිත්‍යාව කොටු කරගෙන අල්ලගන්නව, ඒ විතරක් නෙමෙයි බැංකුවෙන් කොල්ල කාගෙන ගියපු සල්ලි ඔක්කොමත් එක්කම. හෝව්! හෝව්! පොඩ්ඩක් ඉන්න.. කවුද මේ ආදිත්‍යා? වික්‍රම්ගෙ තාත්ත ගත්තු සල්ලි ආදිත්‍යා ලග තියෙන්නෙ කොහොමද? ඉතින් මේ ආදිත්‍යා අත්අඩංගුවට පත් වුණු වෙලාවෙ ඉදන් හැම දෙයක්ම කණ පිට පෙරෙලෙනවා. එහෙනම් ඔයාලම බලල දැනගන්නකො ?

ඔබ සාමාන්‍ය පුද්ගලයෙකු හෝ වේවා, අසාමාන්‍ය පුද්ගලයෙකු හෝ වේවා, විශ්ව ශක්තිය දායාදයක් ලෙස උරුම වූ පුද්ගලයෙකු හෝ වේවා, සෑම කල්හිම තම හැකියාව සහ බලය, යහපත වෙනුවෙන් පමණක්ම භාවිතා කරන්න. නැතහොත්, අනිවාර්‍යයෙන්ම ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවෙනවා ඒකාන්තයි. එදිනට, ප්‍රමාදය පිළිබඳව සෝ තැවුල් වෙනවාට වඩා, ආරම්භක පියවරේ සිටම නිවැරදි මාර්ගයේ ගමන් කිරීමයි වඩාත් උතුම් වන්නේ.

ඉතින් තවත් මේ වගේම ලස්සන කතාවක් තියෙන කොලිවුඩ් නිර්මාණයක් එක්ක ඉක්මනින් හමුවෙමු!

Bogan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bogan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bogan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bogan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bogan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bogan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම SNAKE RAJ (Baiscopelk)
IMDb 6.4 /10 1,896 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Lakshman
Director

Cast

Jayam Ravi isACP Vikram
ACP Vikram
Arvind Swamy isAdithya Maravarman
Adithya Maravarman
Hansika Motwani isMahalakshmi
Mahalakshmi
Nassar isProfessor Chezhiyan
Professor Chezhiyan
Adukalam Naren isACP Vikram's Father
ACP Vikram's Father
Ponvannan isRajkumar
Rajkumar

Similar titles

1992 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jack (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Race Gurram (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gulu Gulu (2022) Sinhala Subtitles | ”ගුගල් වගේ ගුගල් “ | සිංහල උපසිරැසි සමඟ
Dushman (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla vs Kong (2021) Sinhala Subtitles | Watch Online
Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor: Tales of Asgard (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Central Intelligence (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuttram Kuttrame (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published