CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3289 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Lyle, Lyle, Crocodile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Lyle, Lyle, Crocodile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 07, 2022United States106 Min.
Your rating: 0
10 5 votes
Lyle, Lyle, Crocodile (2022) | ලයිල්

ඔන්න අදත් අලුත්ම අලුත් 2022 රිලීස් වුන අලුත්ම ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක දෙනකල් ගොඩක් අය ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න ඇති. ඒ තමයි හැමෝම බලාගෙන හිටපු Lyle, Lyle, Crocodile 2022 ෆිල්ම් එක. මේක රිලීස් වුනේ 2022 ඔක්තෝම්බර් මාසේ 7 වෙනිදා. විශ්වාස කරන්න ෆිල්ම් එක තිරගත කරලා පළමු සති දෙක තුන ඇතුලත බොක්ස් ඔෆිස් වාර්තා කඩන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.

ඉතින් එහෙම ජනප්‍රිය වෙන එක පුදුමයක් නෙවෙයි මොකද මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Blades of Glory (2007), The Switch 2010, Office Christmas Party 2016 වගේ සුපිරි ෆිල්ම් කිහිපයක්ම හදපු අධ්‍යක්ෂකවරුන් දෙපළක් වන Will Speck සහ Josh Gordon. ඉතින් ජනප්‍රියකම කොච්චරද කියනවානම් ෆිල්ම් එක තිරගත වෙලා වැඩි කාලයක් නෑ, IMDb 6.1/10 රේටින් එකකුත් ලැබිලා තියෙනවා. ඉතින් එහෙනම් අපි යමු ෆිල්ම් එක පැත්තට මේ ෆිල්ම් එක ගැන චුට්ටක් කතා කරන්න.

ඉතින් චිත්‍රපටියේ නම Lyle, Lyle, Crocodile 2022 නේ. නමෙන්ම තේරෙනවා ඇති කවුරු ගැනද මේ ෆිල්ම් එක කියලා. ඔව් කිඹුලෙක් ගැන. මේ කිඹුලාගේ නම තමයි ලයිල්. මෙයා කිඹුලෙක් වුනත් මෙයා අපි දන්න අර භයානක මස් කන කිඹුල්ලු වගේ නෙවෙයි. හරිම අහිංසක මිනිසුන්ට හීලෑ කිඹුලෙක්. කොටින්ම කිවුවොත් මෙයාගේ විශේෂත්වය තමයි මෙයාට සිංදු කියන්න පුළුවන්. හැබැයි සිංදු විතරයි කියන්න පුළුවන් කතා කරන්න බෑ. ඒත් මෙයාට කතා කරන්න බැරි වුණාට මිනිස්සු කතා කරන දේවල් හොදට තේරෙනවා. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතයක් විදිහට ඉන්නවා චුට්ටක් විතර පිස්සු මනුස්සයෙක්.

මිනිහට පිස්සුම නෑ ඒත් මිනිහා ටිකක් විතර ගැලතිල්ලක් තියෙන කෙනෙක්. ඒ තමයි හෙක්ටර් පී වැලන්ටි. ඉතින් වැලන්ටි මැජික් කරන්න චුට්ටක් විතර දක්ෂ වුනත් මනුස්සයාට ඒක හරියට කරගන්න බෑ. ඒත් මිනිහා ආසයි මැජික් කරලා සල්ලි හොයන්න. ඒ වගේම හෙක්ටර් ආසයි ජනප්‍රිය චරිතයක් වෙලා මිනිස්සු ආදරය කරන චරිතයක් වෙන්නත්.

හෙක්ටර්ගේ මේ ආසව නිසාම එයාගේ හීනෙට යන්න ගිහින් තමන්ගේ අතේ තියෙන සල්ලි සේරම වියදම් කරගෙන තනිකරම හිගන්නෙක් වගේ වුණා. ඔහොම ඉන්නකොට හෙක්ටර් යනවා කඩේකට. ඒ කඩේ ඉන්නවා අර අපි කලින් කතා කරපු ලයිල්, ඒ කියන්නේ සිංදු කියන කිඹුලා. හැබැයි එතකොට ලයිල් පුංචි කිඹුල් පැටියෙක්. පස්සේ තමයි එයා කාලයත් එක්ක ලොකු වෙන්නේ. ඉතින් ලයිල් සිංදු කියනවා හෙක්ටර්ට ඇහුණා. හෙක්ටරුත් සිංදු කියන්න හරි දක්ෂයා නිසා හෙක්ටර් සිංදුව ඇහෙන දිහාවට ගිහින් බැලුවා.

ඉතින් ගිහින් බැලුවට පස්සේ මේ සිංදු කියන්නේ කිඹුලෙක්නේ. හෙක්ටර් පුදුම වුණා ඒක දැකලා. ඊට පස්සේ හෙක්ටර් මේ පුංචි ලයිල්ව අරගෙන හෙක්ටර් එයා නැවතිලා ඉන්න ගෙදරට යනවා. ඊට පස්සේ හෙක්ටර් ලයිල් එක්ක සිංදු කියනවා ගේ ඇතුලේ ඉදලා. ඉතින් ලයිල්ගේ මේ අරුම පුදුම දක්ෂතාවය ගැන පැහැදුනු හෙක්ටර් ලයිල් එක්ක සංගීත ප්‍රසංගයක් තියන්න කියලා හිතනවා. ඒත් මනුස්සයාට ඒකට වියදම් කරන්න සල්ලි නෑ. ඊට පස්සේ තමන් ඉන්න ගෙදර උගසට තියලා හෙක්ටර් ප්‍රසංගය තියනවා. වැඩේ කියන්නේ හෙක්ටර් හිතාගෙන හිතපු විදිහට ප්‍රසංගය සාර්ථක කරගන්න බැරි වුණා. මොකද ලයිල් හෙක්ටර් එක්ක ගෙදරදී සිංදු කිවුවට ප්‍රසංගයට ගියාට පස්සේ අර ඇවිත් හිටිය මහා සෙනග දැක්කට පස්සේ ලයිල්ට බයක් හිතුණා. ලයිල් ගල් ගැහුණා වගේ බලා හිටියා මිසක් සිංදු කියන්න එයාට ශක්තියක් තිබුණේ නෑ.

ඉතින් ප්‍රසංගය සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. ඒ නිසා ප්‍රසංගයෙන් හෙක්ටර්ට සල්ලි හම්බුණෙත් නෑ.
සල්ලි දීලා උගස බේරා ගන්න බැරි වුණ නිසා ගෙදර සින්න වුණා. හෙක්ටර් මහ පාරට වැටුණා. ඒත් හෙක්ටර් ලයිල්ව ඒ ගෙදර උඩ තට්ටුවේ හංගලා තමයි මහ පාරේ ජීවත් වෙන්න ගියේ.

ඔහොම ඉන්නකොට මේ ගෙදර පදිංචියට එනවා වෙන පළාතක ඉදලා පවුළක්. ඒ පවුළේ ඉන්නේ ජෝෂ් කියලා පුංචි පිරිමි ළමයෙකුයි එයාගේ අම්මයි තාත්තයි. ජෝෂ්ගේ තාත්තා ගුරුවරයෙක්, අම්මා නම් අලුත් කෑම හදන්න හරිම උනන්දුවක් දක්වපු ආදරණීය බිරිදක්. ඉතින් මෙයාලා එන්නේ ලයිල් ඉන්න ගෙදරට. ඔහොම ටිකක් කල් ඉන්නකොට ජෝෂ් ලයිල්ව දකිනවා. ලයිල්ව දැකපු ගමන් ජෝෂ් බය වෙනවා හොදටම. මොකද ඉතින් කිඹුලෙක් දැක්කම බය නොවී තියේවිද. ඒත් වැඩි කලක් යන්නත් කලින් දෙන්න හරියට යාළුවෝ වගේ එකිනෙකාට නැතුවම බැරි දෙන්නෙක් වෙනවා. ජෝෂ් දන්නවා ලයිල්ට සිංදු කියන්න පුළුවන් කියලා.

ඒත් ජෝෂ්ගේ අම්මයි තාත්තයි තාම ලයිල් ගැන දන්නේ නෑ. දවසක් ලයිල්ව ජෝෂ්ගේ අම්මා දකිනවා. එයත් හොදටම බය වෙනවා. ඒත් ලයිල් සිංදුවක් කිවුවා විතරයි එයාගේ අම්මත් තාත්තත් ලයිල් ගැන තිබුණ බය නැති කරගෙන එයලත් ලයිල්ට ගොඩක් සමීප වුණා. අහ් කලින් කියන්න අමතක වුණා මේ ගෙදර ඉන්නවා ගෙදරක් කිවුවට මේක මහල් නිවාසයක්. ඉතින් ලයිල් එහෙම ඉන්න ගෙදරට අල්ලපු ගෙදර ඉන්නවා පොඩ්ඩක් නපුරු අමුතුම චරිතයක්.

මිනිහා තමයි මිස්ටර් ග්‍රම්ප්ස් කියන්නේ. මිනිහා කැමති නෑ එක එක සද්ද බද්ද වලට. ඉතින් ජෝෂ්ගේ ගෙදර අය හරිම විනෝදෙන් සිංදු කියමින් ඉන්නවට මිනිහා කැමති නෑ. ග්‍රම්ප්ස් මේ ලයිල් ගැනත් දැගන්නවා අන්තිමේදී.ඉතින් ඊට පස්සේ තමයි ලයිල්, ජෝෂ් ඇතුළු ඒ පවුලේ කට්ටියටම කරදර වලට මුහුණු දෙන්න වෙන්නේ.

හොදයි ඊට පස්සේ ලයිල්ට වුණේ මොකක්ද? ඉතින් ඒ ටික දැනගන්න නම් ඔයාට සිද්ද වෙනවා ෆිල්ම් එක බලලම ඉන්න. එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට දැනට සමුගන්නවා. තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන මම එන්නම්.

ස්තූතියි ෆිල්ම් එක බලන්න ආපු හැමෝටම…

Lyle, Lyle, Crocodile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lyle, Lyle, Crocodile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lyle, Lyle, Crocodile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lyle, Lyle, Crocodile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lyle, Lyle, Crocodile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lyle, Lyle, Crocodile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් (Cinerulk)
IMDb 6.1 /10 5,003 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Josh Gordon
Director

Cast

Winslow Fegley isJosh Primm
Josh Primm
Javier Bardem isHector P. Valenti
Hector P. Valenti
Constance Wu isMrs. Primm
Mrs. Primm
Scoot McNairy isMr. Primm
Mr. Primm
Brett Gelman isMr. Grumps
Mr. Grumps
Shawn Mendes isLyle (voice)
Lyle (voice)
Ego Nwodim isRealtor
Realtor
Matt Rogers isShow Us What You Got Host
Show Us What You Got Host
Sal Viscuso isThe Judge
The Judge

Similar titles

The Burning Sea (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chief of Station (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone 4 (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devadas (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Novice (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Working Man (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lost City of Z (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rang De (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Stargirl (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rangula Ratnam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malcolm & Marie (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published