CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3474 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Airlift (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Airlift (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 22, 2016India126 Min.
Your rating: 0
7.6 5 votes
Airlift (2016) | “ගුවනින් කල මුදවාගැනීම”

ඔයාට උන් හිටි තැන් නැති වෙලා තියනවද? ගෙදර නැති වෙලා තියනවද? නෑ ඕනේ නෑ අඩු තරමේ තමන් කැමැත්තෙන් හිටපු දෙයක් හරි නැති වෙලා ඇති නේද..? එතකොට දැනෙන දුක විඳලා ඇති නේද. ඉතින් මම මුලින්ම යෝජනා කරන්නේ අන්න ඒ මානසික මට්ටමට ගහින් මේ චිත්‍රපටිය නරඹන්න එකතු වෙන්න කියලා. ඔවුන් කියන වචන වල පවා තියන තේරුම ඔවුන්ගේ හැසිරීමේ පවා තියන දේ එතකොට ඔබට දැනේවි.

ඔබට යුද්ධයට මැදි උන කෙනෙක් කවදාහරි හමුවෙලා තියනවද, ඔවුන්ගේ කතාව මොනවගේද කියල අහල තියනවද. නෑ ඒක අපිට හිතාගන්නවත් බෑ. ඒක තේරුම් ගන්න නම් ඔබ ඒකට මුහුණ දෙන්නම ඕනේ. මේ චිත්‍රපටිය උනත් නරඹන කොට ඒක තේරේවි. මේ සිද්ධියට මුහුණ දීල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත කතාවයි, එතනින් පිටත මිනිස්සුන්ගේ ජීවිත කතාවයි සම්පූර්ණයෙන්ම වෙනස්. සරලව කිව්වොත් අනිත් මිනිස්සුන්ට ඒවා වැඩක් නෑ. ඔවුන් ඒවා ගැන තකන්නෙත් නෑ. ඕකයි ඇත්ත කතාව.

කවදහරි කුවෙට් යුද්ධය, ලෙබනන් යුද්ධය ගැන අහල තියනවද, මිල්ලේ සොයා ගිහින් යුද්ධයට මැදි වෙලා සේරම සිහින බලාපොරොත්තු බිඳගෙන අරගෙන ගිය ඒවා පවා අතැරලා දවස් ගණන් එම්බසි වල දුක් විඳලා යන්තම් පන බේරාගෙන ආපු මිනිස්සු හමුවෙලා තියෙනවද. ලංකාවේ ඕනේ තරම් මිනිස්සු ඉන්නවා. මට හමුවෙලත් තියනවා. ඔබ කවදාහරි ඔවුන්ගේ කතාව අහල තිබුන නම් මේ සලරුව ඔබට තදින්ම දැනෙනවා ඒකාන්තයි.

චිත්‍රපටය ගැන කිව්වොත් මේක ඉන්දියාවෙන් 2016 ජනවාරි 22 වන දින මුදාහැරුණ ලද්දක්. කෝටි 30 ක් බරපැන දර නිපදවන ලද මෙම සලරුව උපයාගන්නට සමත්වන අදායම කෝටි 223 කට අධිකයි. ආක්ෂේ කුමාරගේ රංගන දායකත්වයෙන් නිපදවන ලද මෙම සලරුව IMDb එකේ 9 ක අගයකුත් Rotten Tomatoes වල 78% අගයකුත් හිමිකරගන්නා සමත් වෙලා තියනවා. ඒ කියන්නේ ආදායම් අතින් ගත්තත් අනෙක් අංශ වලින් බැලුවත් බොලිවුඩයේ නිපදවුන සාර්ථකම චිත්‍රපටියක් කීවොත් නිවැරදියි. මේක සදාම් හුසේන් විසින් කුවෙට් අල්ලාගත් සමයේ කුවෙට්හි අතරමං වන 170,000 ආසන්න ඉන්දියානුවන්, ව්‍යාපාරිකයෙක් වන රංජීත් කටියාල් ප්‍රමුඛ කණ්ඩායම විසින් දිවිහිමියෙන් සටන් වදිමින් නිරුපද්‍රිතව බේරාගැනීමේ සත්‍ය කතාවක් වටා ගොඩනැගුනු සළරුවක්.

ඔබ හින්දි චිත්‍රපට ලෝලියෙක් නම් Chakde India, Swades, Rang de Basanthi, Lagaan, වගේ චිත්‍රපටි වල ඉන්දියානු කමට, ඒ කොඩියට ලබා දෙන තැන අනිවාර්යෙන්ම ඔබට දැනිල ඇති. ඔවුන්ගෙ නිර්මාණ හරහා බොහෝවිට සමාජයට යමක් දෙන්න ඔවුන් උත්සහ කරනවා. අපි ඉන්දියානුවන් නොවුනත් ඔවුන්ගේ ධජය ඔසවද්දී අපේ ඇඟේ රෝම කූප පවා කෙලින් වෙන විදියට ඔවුන් ඒ දේ අති සාර්ථකව කරනවා. අනේ මන්ද ඉතින් අපිට අපේ රටේ ඒ වගේ නිර්මාණයක් කවද දකින්න ලැබේද කියල. එහෙම දකින්නන ලැබෙනවානම් සෑහෙන්න සතුටුයි.

ඔබ බොලිවුඩ් රසිකයෙක් නම් චිත්‍රපටිය බලනවා නොඅනුමානයි. අනිත් අයගෙනුත් ඉල්ලනවා පුලුවන්නම් බලන්න කියලා. ඒත් මට පෞද්ගලිකව හිතුන දෙයක් තමා මේකේ දුක කියන දේ අඩුවෙන් පෙන්නලාද කියලා. මීට වඩා කටුකත්වය පෙන්නන්න තිබුන කියන එක තමා මගේ නම් හැඟීම. කොහොමද කියල ඔයාලම බලල කියන්න.

ඊට පස්සේ කියන්නම් මේක කරන්න කාපු කට්ට ගැන. දන්නවනේ ඉතින් මේ දවස් වල තියන ග්‍රීස්මේ. දාඩිය දාගෙන බෝඩිමේ මදුරු කරදරෙත් විඳින ගමන් නිදිමරාගෙන සෑහෙන්න වැඩත් පාඩු කරගෙන තමයි මේක කරේ. ඒකත් අර හේවා කියන ^&%##^%% නිසා. කට්ටි පැනල පැනල බැරිම තැන ෆිල්ම් එකත් හොඳ නිසා කොරන්න ගත්තා. ඒත් ඉතින් ලේසි උනේ නෑ. මොකද සෑහෙන්න කාලෙකින් සබක් කෙටුවේ. තව දෙයක් තියනවා වැඩත් හෙමින් කොහොමත් මගේ. මොකද සමහර තැන් දෙතුන් පාර අහල තමා දාන්නෙ. මොකද කතාබහට ගැලපෙනම සබ් එක දාන්න ඕනේ නිසා. ඉතින් ගොඩක් අහන ගමන්ම තමා සබ කරන්නේ. ඉතින් හේවා ගොඩාක් තුති සබ් වැඩෙන් සමුගන්න දෙන්නේ නැතුව ඇදන් යන්න දෙන ගේමට. අයෙත් හමුවෙමු. ජයවේවා!

“කෙනෙකුගේ තත්වයට කවදාවත් හිනාවෙන්න එපා. මොකද ඔබට ඒ තත්වය තේරෙන්නේ ඔබත් එම තත්වයට මුහුණ පෑවම විතරයි.”

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිල්ෂාන් කාලිංග (Baiscopelk)
IMDb 7.9 /10 57,418 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Raja Menon
Director

Cast

Akshay Kumar isRanjit Katyal
Ranjit Katyal
Nimrat Kaur isAmrita Katyal
Amrita Katyal
Inaamulhaq isMajor Khalaf Bin Zayd
Major Khalaf Bin Zayd
Prakash Belawadi isGeorge Kutty
George Kutty
Kumud Mishra isSanjeev Kohli
Sanjeev Kohli
Purab Kohli isIbrahim Durrani
Ibrahim Durrani
Lenaa isDeepti Jayarajan
Deepti Jayarajan

Similar titles

Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Reunion Escape from the Monstrous Snake (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dharmadurai (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blacklight (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Velaikkaran (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bangarraju (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vesper (2022) Sinhala Subtitles | “අනාගතේ සදහා සටන් කරන්න” | සිංහල උපසිරැසි සමඟ
Tall Girl (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The 355 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tamasha (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rush Hour 2 (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published