CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1771 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
The Sum of All Fears (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Sum of All Fears (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 31, 2002United States124 Min.
Your rating: 0
10 1 vote
The Sum of All Fears (2002) | සෑම භයකම එකතුව

මේක ටිකක් පරණ චිත්‍රපටයක්. ඒ කියන්නේ 2002 දී තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. The Sum of All Fears 2002. Tom Clancy විසින් රචනා කල The Sum of All Fears නවකතාව පදනම් කරගෙන මේ චිත්‍රපටයේ තිරරචනය Paul Attanasio සහ Daniel Pyne විසින් රචනා කර ඇත. Mace Neufeld ගේ නිෂ්පාදනයෙන් Phil Alden Robinson අධ්‍යක්ෂනය කල මෙම චිත්‍රපටයේ Ben Affleck, Morgan Freeman, James Cromwell, Liev Schreiber, Alan Bates, Philip Baker Hall සහ Ron Rifkin සමග Bruce McGill රංගනයෙන් දායක වෙනවා. ජැක් රයන් CIA විශ්ලේෂකයෙක්. එහි අධ්‍යක්ෂ විලියම් කැබට් සමග රයන් රුසියාවට යන්නේ ගිවිසුම් මගින් නියම කරගෙන තියන න්‍යෂ්ටික අවි පරික්ෂාකරන්නයි. චෙච්නියාවට සිදුවන පහරදීමක් රුසියාව විසින් සිදුකලේ යැයි දෙරට අතර පොඩි විරසකයක් ඇති අවස්ථාවක නොසිතූ ලෙස බැල්ටිමෝරයේ න්‍යෂ්ටික අවියක් පුපුරා යමින් එක්සත් ජනපදයට විශාල ජීවිත හානියක් සිදුවේ. ජනාධිපති හා ඔහුගේ උපදේශකයින් මෙය රුසියානු රජයේ ප්‍රහාරයක් යැයි කියමින් රුසියාවට දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැරසේ. මේ පිළිබදව කරුණු සොයන රයන්ට කැබට් විසින් රුසියාවට යවන ජෝන් ක්ලාක්ගෙන් දැනගන්නට ලැබෙන්නේ ඇමරිකාවට පහර දුන් අවිය ඇමරිකානු නිෂ්පාදනයක් බවයි.

මේ අභිරහස කෙසේ විසදේවිද?
ඇමරිකානු රුසියානු ප්‍රහාර සිදුවෙයිද?
බැල්ටිමෝර් ප්‍රහාරයේ මොළකරු කවුද?
මේ ප්‍රශ්ණ සේරටම උත්තර තියනවා The Sum of All Fears චිත්‍රපටයේ.

Jack Ryan යනු චිත්‍රපට මාලාවක එන චරිතයකි. බෙන් ඇෆ්ලෙක් යනු එහි තුන්වන රංගන ශිල්පියයි. පළමුවැන්නා Alec Baldwin ය. ඔහු The Hunt for Red October චිත්‍රපටයේ ජැක් රයන් ලෙස රගපෑවේය. දෙවැන්නා Harrison Ford ය. ඔහු Patriot Games සහ Clear and Present Danger යන චිත්‍රපට දෙකෙහි ජැක් රයන් ලෙස රගපෑවාය. බෙන් ඇෆ්ලෙක්ට පසු ජැක් රයන් ලෙස රගපෑවේ Chris Pine ය. ඒ Jack Ryan: Shadow Recruit නම් 2014 තිරගතවූ චිත්‍රපටයේය. මෙම චිත්‍රපටය 2001 පෙබරවාරි 12 වන දින රූපගත කිරීම ආරම්භ කර ඇත. චිත්‍රපටයේ වැඩි කොටසක් මොන්ට්‍රියල් වල රූගත කර ඇති අතර එහි ඔළිම්පික් ක්‍රීඩාංගනයේද රූපගත කර ඇත. ජනාධිපතිවරයාගේ ගුවන් යානයේ දර්ශණ රූගත කරලා තියෙන්නේ JAG නම් ඇමරිකානු රූපවාහිනී කතා මාලාවකට සැකසූ දර්ශන තල වලයි. මෙහි නිෂ්පාදන කටයුතු එම වසරේම ජූනි මාසයේ අවසන් වී ඇත.

චිත්‍රපටය මුදාහැරීමට කටයුතු සූදානම් කර තිබුනේ 2001 වසර අවසානයේය. නමුත් චිත්‍රපටය ප්‍රදර්ශණය ආරම්භ කරන්නේ 2002 මැයි 31ය. මේ පිළිබද එවකට බොහෝ මාධ්‍ය ආයතන මත පල කලේ චිත්‍රපටය ප්‍රමාද වීමට සැප්තැම්බර් 11 ප්‍රහාරය බලපා ඇති බවයි. නමුත් අධ්‍යක්ෂකවරයාගේ අදහස වුනේ මෙය 2002 ගිම්හාන චිත්‍රපටයක් නිසා මෙය 2002 මැයි මස තිරගත කල බවයි. විනාඩි 124ක් දිවෙන මෙම චිත්‍රපටය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 68ක මුදලක් වැයවී ඇත. නමුත් චිත්‍රපටයේ සමස්ථ ආදායම ඩොලර් මිලියන 193.9කි. චිත්‍රපටය සදහා IMDb දර්ශකයේ 6.4/10 ක අගයක් ලැබී ඇති අතර Rotten Tomatoes අගය 59% කි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොෂාන් ශමීර ජයසිංහ (Baiscopelk)
IMDb 6.4 /10 118,364 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ben Affleck isJack Ryan
Jack Ryan
Morgan Freeman isDCI William Cabot
DCI William Cabot
James Cromwell isPresident Fowler
President Fowler
Liev Schreiber isJohn Clark
John Clark
Bridget Moynahan isDr. Cathy Muller
Dr. Cathy Muller
Alan Bates isDressler
Dressler
Ciarán Hinds isPresident Nemerov
President Nemerov
Philip Baker Hall isDefense Secretary Becker
Defense Secretary Becker
Ron Rifkin isSecretary of State Owens
Secretary of State Owens
Bruce McGill isNational Security Advisor Revell
National Security Advisor Revell

Similar titles

Bigfoot Family (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hero (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ (Re – Uploaded)
Achcham Yenbadhu Madamaiyada (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Unlimited: Mechs vs. Mutants (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Annapoorani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill ’em All 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fan (2016) With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Menu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Incredibles 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hum Do Hamare Do (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Man in the Moon (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published