CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1959 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Action Replayy (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Action Replayy (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 05, 2010India100 Min.
Your rating: 0
10 2 votes
Action Replayy (2010) | අරුමයක් නොවුනු කරුමයක්..!

ඉස්සර කාලේ චිත්‍රපටයක් හදනවා කියන එක එච්චර ලේසි පහසු කාර්‍යයක් නෙවෙයි. එහෙම දේවල් හරියටම කරන්න ඕනේ. ඒ වගේ දේවල් කරල අසාර්ථක වුණු අධ්‍යක්ෂවරුන් නැතුවම නෙවෙයි. අද මම කියන්නේ පුංචි කතාවකින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට ගිය චිත්‍රපටයක්. නම Action Replayy. 70 දශකයේ සිදු වු අපූරු ආදර කතාවක් හාස්‍ය පැත්තට හරවල, මායා නිබන්ධන කතාවක් විදියට වර්ග කරන්න පුළුවන් චිත්‍රපටයක් විදියටත් මේක කියන්න පුළුවන්. ඔයාලට කාලය හරහා යන චිත්‍රපටයක් කිව්වොත්, මුලින්ම මතකෙට එන්නේ මොකක්ද? මොකක්ද? මතකෙට ආපු ඒක පල්ලෙහයි කමෙන්ට් කරන්නකෝ එහෙනම්. 😁

Back To The Future චිත්‍රපට සීරිස් එක බලපු කෙනෙක්ට නම් මුලින්ම මතකෙට එන්න ඇත්තේ ඒක. මටත් එහෙමයි. 80 දශකය හොල්ලපු චිත්‍රපට කිහිපයක් තමයි ඒ. අපේ මේ Action Replayy චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන, විපුල් ශා මේ චිත්‍රපටයටත් කාලා හරයා යන සංකල්පයකුයි ඒක පොඩි ඩේසි ලුක් එකකුයි එකතු කරල තමයි චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නේ. අධ්‍යක්ෂවරයා කොච්චර මහන්සි වෙලාද කිව්වොත්, ඒ 70දශකේ ලුක් ටික ගන්න ඒ සෙට් ටික බලන්නම වටිනවා. ඒ තරම් ඇත්තට වගේ පේන්නේ. හැබැයි වර්තමානයේ මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියල දන්නවා, ඒත් මතක තියාගන්න මේක අවුරුදු 10කට කලින් නිකුත් වුණු චිත්‍රපටයක් කියල. 2010 කියන්නේ භාරතීය හින්දි සිනමාව වෙනස් වෙන්න පටන්ගත්ත එක් අඩිතාලමක් කියල පෙන්නන්න පුළුවන්. මේ කතාවේ අන්තර්ගත වන පවුල් ගැටුම් හා ආදරයේ නොදුටු පැත්ත, අපට සමාජීය වශයෙන් ගොඩක් පාඩම් කියල දෙනවා. කතාවක් තියෙනව නෙහ්, කරපු වැරැද්දක් ආයෙම හරවන්න බෑ කියල. හැබැයි මේ චිත්‍රපටයෙන් වෙන්නේ කරපු වැරැද්දක් හරිගස්සන්න යන සිද්ධියක්.මේකට සහභාගි කරගෙන තියෙන නළු නිළියන් ගැන කතා කරොත්, අපි හැමෝම දන්න අක්ශේ කුමාර්, ඒවගේ සරාගී නිළු ආශ්චර්‍යයා රායි, ආදිත්‍ය රෝයි කපූර්, නේහා දූපියා වගේ තව ප්‍රසිද්ධ නළු නිළියන් මේකට යොදාගෙන තියෙනවා.

අක්ශේගේ කොමඩි ගැන ඉතින් කතා කරල වැඩක් නෑනේ. ඔයාලම දන්නවා ඇති නෙහ්. එයා මේ චිත්‍රපටයට කරල තියෙන උත්සහය නම් වටිනවා. සමාජයේ කොන් වූ, හැමෝම වගේ විහිළු කරන, මානසික පීඩනයකින් හා හැඩහුරු කමින් අඩු පුද්ගලයෙක්ගේ චරිතයක් තමයි මෙයා කරන්නේ. ආශ්චර්‍යයාගෙයි අක්ශේගෙයි මේවගේ කොමඩි කම්බිනේශන් එකක් මම දැකලම නෑ. දෙන්නට දෙන්නා ඇත්තටම විහිළු කරගන්නවා වගේ. ඒ තරම් ආසයි. විද්‍යා ප්‍රබන්ධ ගැනයි විද්‍යාත්මක පැහැදිලි කිරීමුයි හොයන්නේ නැතුව චිත්‍රපටයේ හාස්‍ය පැත්තට පොඩ්ඩක් වැඩි අවධානයක් යොමු කළොත් චිත්‍රපටයෙ නියම රස බලාගන්න පුළුවන්.

චිත්‍රපටය නිකුත් වුණේ 2010 නොවැම්බර් 5වෙනිදා. 2010 ජුලි මාසයේ මනාලිහි රූගත කිරීම් නැවත සැලසුම් කරන ලද්දේ නායයෑමක් නිසා. මෙහි බොක්ස් ඔෆිස් වාර්තාව ගැන කිව්වොත් ලොව පුර තිරගත වීමෙන් කෝටි 46ක් ලබාගන්න මේකට පුළුවන් වෙලා තියෙනවා. ඒවගේම මේකේ බජට් එක කෝටි 51ක්. මෙම චිත්‍රපටයේ මියුසික් ගැන කතා කළොත්, 2011 Zee Cine Awards වලදී, “Zor Ka Jhatka” ගීතය ගායනා කරපු Daler Mehndi හොඳම පිරිමි පසුබිම් ගායකයක් විදියටත්,”Zor Ka Jhatka” ගීතය ගායනා කරපු Richa Sharma, හොඳම ගැහැණු පසුබිම් ගායිකාව ලෙසත් නිර්දේශ වූවා. ගීත සහ රීමික්ස් හතරක් ප්‍රිතම් විසින් සංගීතවත් කර ඇති අතර ගීත පද රචනා කර ඇත්තේ ඉර්ෂාඩ් කමිල් විසිනි. මේ චිත්‍රපටයේ ඇල්බම් එක ගත්තම වඩාත් හිත යන කාරණේ තමයි සින්දු ඇහුවම තියෙන රසේ නෙවෙයි, මේකේ තියෙන සින්දු ගොඩ දැක්කට පස්සේ තියෙන සතුට.ඔන්න ඔහොම තමයි මේ පුංචි චිත්‍රපටය අන්තිමේදී ලොකු දෙයක් කරල නතර කරන්නේ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පසිදු මදුමාල් (Baiscopelk)
IMDb 4.2 /10 6,279 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Akshay Kumar isKishen Chopra
Kishen Chopra
Neha Dhupia isHital Dutta
Hital Dutta
Alok Kumar isSri Kumaran
Sri Kumaran
Om Puri isRai Bahadur Dhyanchand
Rai Bahadur Dhyanchand

Similar titles

Vaalvi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Om Shanti Om (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Commando 2 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sui Dhaaga: Made in India (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spycies (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles | “හොරෙක් කරපු හරියක්..” | සිංහල උපසිරැසි සමඟ
The Lion King 3 Hakuna Matata (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bloody Hell (2020) Sinhala Subtitles
Ishq (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dhamaka (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published