
පතින්ම නිවුන් සහෝදරයින් ලෙස හැදී වැඩුණු, කොඩි සහ අන්බු යන සොහොයුරන් දෙදෙනෙක්. තම දරුවන් කුඩා කාලයේදීම, යුක්තිය සාධාරණත්වය සාක්ෂාත් කරනු උදෙසා තම ශරීරයට ගිනි දල්වාගෙන, තම ජීවිතය පූජා කරන ලද, වෘත්තියෙන් දේශපාලනඥයකු වූ නමුත්, උදාරතර මිනිසත් බවින් පෝෂණය වුණා වූ මෙම නිවුන් දෙසොහොයුරන්ගේ පියාණන්….රුපශ්‍රීයෙන් එක සමාන වූ නමුත්, කාලයාගේ අවෑමෙන් එක් සොහොයුරෙකු තම උදාරතර පියාණන්ගේ අඩි පාරේ යමින් දේශපාලනඥය තෝරාගත් මුත්, අනෙක් සොහොයුරා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළටම අධ්‍යාපනය හදාරා මහාචාර්‍යයවරයෙකු බවට පත්වේ.
පියාගේ අඩිපාරේම යමින්, පියා නියෝජනය කරන ලද දේශපාලන පක්ෂයෙන්ම තරඟ කරන්නාවූ කොඩි, මනුෂ්‍යත්වය වෙනුවෙන් නොබියව ඉදිරිපත්වන්නාවූ චරිතයක් බවට පත්වන්නෙ නිතැතින්මය.අල්ලස,පගාව, දූෂණය, අසාධාරණය පිරී ඉතිරී යමින්, මෝහාන්ධකාරයෙන් මුලා වෙමින් ඝනාන්ධකාරයේ ගිලෙමින් පවතින්නාවූ සමාජයක, මිනිසත්කම ඉස්මතු කරමින්, සමාජයට ආලෝකයක් එක් කරලීමට දරදිය ඇදි මේ නව යොවුන් දේශපාලනඥයා, තම ප්‍රාණ සම වැනිවූ පෙම්වතිය අතින් මරණයට පත්වන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.
කුමන හේතුවක් අරඹයා, සිය පෙම්වතියගේ දෑතින් මෙම තරුණ දේශපාලනඥයා මරණයට පත්වුවේද…අසාධාරණය හමුවේ තැලී පොඩි වෙමින්, භීතියෙන් ජීවත්වූ සාමාන්‍යය ජනතාව හට සරණක් වූ මෙම තරුණ දේශපාලනඥයාගේ මරණයත් සමගින් ඔවුන්ගේ ඉරණම කුමන ආකාරයකට විසඳේවිද….මෙම සියළු දෑ සඳහා, පුරා හෝරා දෙක හමාරක් මුළුල්ලේ දිග හැරෙන්නාවූ රසවත් සිනමා සිත්තමක් තුලින් ප්‍රේක්ෂක ඔබ සැම හට පිළිතුරු ලබාදේවි.
ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නේ, 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මස 28 වෙනි දින සිට,Action, Drama, Thriller යන කාණ්ඩ යටතේ තිරගත වෙමින්, Imdb දර්ශකයේ 7.1 ක අගයකින් සැදුම් ලත්, දකුණු ඉන්දීය නළු Dhanush සමගින් සුරූපී නිළි Trisha Krishnan රංගනයෙන් දායකත්වය ලබාදෙන මෙම සිත්තම, මේ වනවිට ඉන්දියානු රුපියල් මිලියන 500ක ඇස්තමේන්තුගත අදායමක් සන්නද්ධව පවතිනවා.
Options | Quality | Language | Size |
---|---|---|---|
HDRip SD 480p | 589.14 MB | Tamil | |
HDRip HD 720p | 1.04 GB | Tamil |