CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2986 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
The New World (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The New World (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 25, 2005United States151 Min.
Your rating: 0
5.5 2 votes
The New World (2005) | ජෝන් ස්මිත් සොයා ගිය අලුත් ලෝකය

කැප්ටන් ජෝන් ස්මිත් කියන්නේ 16 වෙනි හා 17 වෙනි සියවස් වලදී එංගලන්තයේ ජීවත් වුනු ගවේෂකයෙක්. සොල්දාදුවෙක්. යටත් විජිත පානය කල ආණ්ඩුකාරවරයෙක්. අද ඇමෙරිකාවේ පිහිටා තියෙන වර්ජිනියා ප්‍රාන්තයට අයත් ජේම්ස් ටවුන් (Jamestown) කියන ජනපදය හොයාගැනීමට මූලික වුනු පුද්ගලයා හැටියට සැලකෙන්නේ මොහුයි. ජේම්ස්ටවුන් තමයි උතුරු ඇමෙරිකාවේ පලවෙනි ස්ථිර ජනාවාසය වෙන්නේ. 17 වෙනි සියවසේ මුල් භාගයේදී ජෝන් ස්මිත් වර්ජිනියා ප්‍රාන්තය තුල පිහිටි වාසස්ථානයට සුදුසු තැනක් සොයාගෙන හැම ගංඟාවක් ඔස්සේම ගමන් කලා. Chesapeake Bay මුහුදු බොක්ක ඔස්සේ යාත්‍රා කල පලවෙනි ඉංග්‍රීසි ජාතික ගවේශකයා වෙන්නෙත් කැප්ටන් ජෝන් ස්මිත්. මේ අලුත් ජනපදයට ජේම්ස්ටවුන් කියන නම වැටුනේ නම් පස්සේ කාලෙක. 1607 දී සොයාගත් මේ බිමේ මුල්ම පදිංචිකාරයින්ට වගා කටයුතු කරන්නට පුහුණු කරපු නිසා ජනපදයේ තිබුනු ස්වභාවික දේවල් විනාශ වුනේ නෑ. ඔහු ප්‍රසිද්ධියේ කියපු දෙයක් තමයි “He that will not work, shall not eat” – වැඩ කරන්නේ නැති මිනිහට කන්න ලැබෙන්නේ නෑ කියලා. කටුක කාලගුණය, ආහාර හා ජලය හිඟ වීම ආදියට මුහුණ දෙමින් දුෂ්කර ගොහොරු බිම එලිය කරන කාලෙදි ඔහුට ස්වදේශික ගෝත්‍රික ජනතාවගෙනුත් නොයෙකුත් පීඩන එල්ල වුනා. වතාවක් දේශියව වගා කරපු දේවල් ඉවර වෙලා, එංගලන්තයෙන් ආහාර නැවකුත් එන්න පමා වුන නිසා බඩගින්නේ පිරිස මිය ගිය කාලයකුත් තිබුනා. අන්තිමේ දී හැම දෙයක්ම ජය ගන්න ඔහු හදිසි අනතුරකින් පත්තු වෙන වෙඩි බෙහෙත් ඔරුවක් නිසා තුවාල ලබලා ආපහු එංලන්තයට ආවා. ඔහු විසින් කරන ලද සේවය අගයනු පිණිස රජු විසින් නයිට් පදවියක් ලබා දුන්නා. මේ ඉතිහාස ගත ජේම්ස්ටවුන් නගර මධ්‍යයේ අද ඔහුගේ පිලිරුවක් තේජමානව වැජඹෙනවා.

කැප්ටන් ජෝන් ස්මිත්ගේ ජීවිත කතාව ගැන විස්තර ඒ වගේ වුනාට ඔහුගේ සැඟවුනු ආදර කතාව මේ චිත්‍රපටයෙන් එලිදැක්වෙනවා. 1607 දී ගවේෂණය කරන කණ්ඩායමක් එක්ක වර්ජිනියාවට ගොඩ බහින ජෝන් ස්මිත් (Colin Farrell)ස්වදේශික ජනතාවත් එක්ක වෙලඳ සබඳතා ගොඩ නඟා ගන්න පුලුවන්ද බලන්න තවදුරටත් වනාන්තරය තුල යනවා. එහි සිටින ස්වදේශිකයින් මොහුව අල්ලාගෙන මරන්න හදනවා. ඒ වෙලාවේ ඔහුගේ පිහිටට එන්නේ ස්වදේශික ජනතාවගේ ප්‍රධානියාගේ බාලම දියණිය නමින් Pocahontas (Q’orianka Kilcher). මරණයෙන් බේරෙන ජෝන් ස්මිත් මේ ස්වදේශිකයින් එක්ක කාලයක් ජීවත් වෙනවා. කාලය ගෙවෙද්දී ජෝන් ස්මිත් සහ ගෝත්‍රික දියණිය අතර ආදර සම්බන්ධතාවයක් ඇති වෙනවා. මේකට කැමති වෙන්නේ නැති ගෝත්‍රික ප්‍රධානියා ගං ඉවුරට කිට්ටුව කඳවුරු බැඳගෙන ඉන්න ජෝන් ස්මිත් ඇතුලු පිරිසත් එක්ක යුද්ධයකට එනවා. නමුත් දෙන්නා අතර සම්බන්ධය ඒ විදිහටම තියෙනවා. අන්තිමේදී ඔවුන් විවාහ වෙනවා. ඔහොම කාලය ගෙවෙද්දී ජෝන් ස්මිත්ට ආපහු එංගලන්තයට එන්න කියලා එංගලන්ත රජුගෙන් අණක් ලැබෙනවා. ටික දවසකින් ඇයට ආරංචි වෙනවා කැප්ටන් ජෝන් ස්මිත් ගමන අතරමඟ මිය ගිහින් කියලා. ඔහොම කණගාටුවෙන් ඉන්න ඇය කාලයක් යද්දී ඒ බිමේ පදිංචිකාරයෙක් වෙන ජෝන් රොල්ෆ්(Christian Bale) හා විවාහ වෙනවා. නමුත් නැවතත් ඇයට ආරංචි වෙනවා ඇගේ පලමු සැමියා කැප්ටන් ජෝන් ස්මිත් ජීවතුන් අතර සිටින බව. ඇය කුමක් කරාවිද? හැබෑවටම කැප්ටන් ජෝන් ස්මිත් මැරුනේ කොහොමද?

IMDb දර්ශකයේ 6.7ක අගයක් අරගත් ලස්සන සලරුවක් තමයි The New World (2005) කියන්නේ. ජෝන් ස්මිත් ලෙසින් රඟ පාන Colin Farrell ගේ රංගනය විශිෂ්ඨයි. ඔහුගේ The Way Back (2010) කියන චිත්‍රපටයේ වගේම මෙහිත් බොහොම ලස්සන පසුතල තමයි දකින්න තියෙන්නේ. ජෝන් රොල්ෆ් විදිහට රඟාපාන Christian Bale ගේ Rescue Dawn (2006), The Flowers of War (2011) වගේ ඒවා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ චිත්‍රපටයේ ස්වදේශික ජනතාව කතා කරන දෙබස් නම් ටයිම්ලයින් අලුතින් හදාගෙනයි සිංහලට පරිවර්තනය කලේ. Centurion (2010), 10,000 BC (2008) වගේ ලොකු ලොකු ෆයිට් නැතත් The Last of the Mohicans (1992) චිත්‍රපටය වගේ ලස්සනට ගලා යන ආදර කතාවක් තියෙනවා. මේ චිත්‍රපටයේ දෙබස් වලට වඩා “මම” උක්ත විදිහට අරගෙන ඒ චරිතය විසින් ගොඩ නඟන ප්‍රකාශ තමයි වැඩියෙන් තියෙන්නේ. ඔක්කොටම කලින් පූර්ව ප්‍රචාරක පටය බලලා ඉන්න. එතකොට ඔබේ රසවින්දනයට ගැලපෙනවද නැද්ද කියලා බලාගන්න පුලුවන්. මොනව වුනත් බොහොම ලස්සන ආදර කතාවක් තියෙන චිත්‍රපටයක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දමිත් තරංග (Baiscopelk)
IMDb 6.7 /10 87,337 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Colin Farrell isCaptain Smith
Captain Smith
Christopher Plummer isCaptain Newport
Captain Newport
Christian Bale isJohn Rolfe
John Rolfe
Wes Studi isOpechancanough
Opechancanough
David Thewlis isWingfield
Wingfield
Yorick van Wageningen isCaptain Argall
Captain Argall

Similar titles

Damsel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snitch (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
CHIPS (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saamy (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cash (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bullet Proof (2022) Sinhala Subtitles
The Maze Runner (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Monsoon Raaga (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published