CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3479 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Kalyanam Kamaneeyam (2023) |  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kalyanam Kamaneeyam (2023) | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 14, 2023India106 Min.
Your rating: 0
8.2 11 votes
Kalyanam Kamaneeyam (2023) | සුන්දර විවාහය

ෆිල්ම් එකේ නම කල්‍යානම් කමනීයම් මේකේ තේරුම තමයි සුන්දර විවාහය කියන වගේ එකක්.. මේකේ ප්‍රධාන චරිත විදියට Santosh Shoban හා Priya Bhavani Shankar රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් මේ කාලේට නම් මේක ගැලපෙනවාත් වගේ.. දැන් කාලේ ගැණු ළමයි රැකියා කරනවා නේ පිරිමි ළමයින්ටත් වඩා (කොහොමත් ඉන්ටර්විව් ගියාම ගැණු ළමයින්ව තෝරගන්න අවස්ථාවත් වැඩියිනේ ) ඉතින් අපේ කතා නායකයා ශිවාට අවුරුදු 25ක් උනත් රැකියාවක් නම් නැහැ. මෙයාගේ ගැණු ළමයා තමයි ශුති. කොහොම හරි ගැණු ළමයාගේ පැත්තෙන් මේ සම්බන්ධයත් ටික කාලයක් නිසා කසාදේ වෙනුවෙන් හදිසි කරනවා. ශිවා නම් කියනවා තමන්ට රැකියාවක් ලැබෙන කම් කසාදයක් නම් බදින්න බැහැ කියලා. එත් ශුති දැනට රැකියාවක් කරන නිසා වගේම ශුතිගේ අම්මායි තාත්තායිත් ශිවාට කියනවා රස්සාවක් නැති උනාට කමක් නැහැ මුලින් කසාද බැදලා ඉන්න, පස්සේ ශිවාට රැකියාවක් හොයාගන්න කියලා. කොහොම හරි ශුතිගේ තාත්තා ශිවාටයි ශුතිටයි ඉන්න හොද ගෙයක් එක්කම හැමදේමත් ලැස්ති කරලා දෙනවා කසාදෙන් පස්සේ.. මෙහෙම කසාද බැදලාත් ටික දවසක් යනවා.. ශිවාට තාම රැකියාවක් නැහැ. ශුති හැමදාම ශිවාගේ හිත හදනවා කවදා හරි රස්සාවක් හම්බවේවි බය වෙන්න එපා එතකම් වියදම් සේරම එයා දරන්නම් කියලා. එහෙම කියලා හැමදාම ශිවාට උදේට පොඩි ගානකුත් අතට දිලා යන්නේ කැමැති දෙයක් කරන්න කියලා. මේ දෙන්නා කොච්චර ආදරෙන් හිටියාත් කොහොම හරි මේ වගේ ආදර කතා වලට මැද්දට පනින අය ඉන්නවා නේ. කොහොම හරි අවට කට්ටිය ශුතිගේ ඔළුවට දාන්න ගන්නවා තාම එයා කසාද බැදපු කෙනාට රස්සාවක් නැහැ නේද කියලා.. අර බදින්න කලින් කොහොම හිටියාත් කමක් නැහැ කියන ශූතිත් ටික ටික වෙනස් වෙනවා.. එහෙම දවසක් ඇවිල්ලා ශුති කියනවා ” ශිවාට රස්සාවක් නැතුව හිටියාට කමක් නැහැ එත් ශුතිගේ සැමියාට රස්සාවක් තියෙන්නම ඕනි” කියලා. ආදරේන් හිටිය දෙන්නා මැද්දට ප්‍රශ්න ගොඩකුත් මේ අස්සේ එනවා. කොහොම හරි අවසානයේ ආදර්ශමත් වගේම හොද අවසානයක් තියන චිත්‍රපටියක්.. පවුලේ හැමෝටම බලන්න පුලුවන් චිත්‍රපටියක් නිසා බය නැතුව අරන් බලන්න…

Kalyanam Kamaneeyam (2023) |  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalyanam Kamaneeyam (2023) |  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නුවන්ග ලක්ෂාන් (Zoomlk)
IMDb 6.1 /10 254 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Idhu Enna Maayam (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Out-Laws (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Archana 31 Not Out (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Looop Lapeta (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Koode (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Purple Hearts (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asterix at the Olympic Games (2008)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Jungle Book 2 (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhool Bhulaiyaa (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iddarammayilatho (2013)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daruvu (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published