CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3007 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 05, 2018Indonesia121 Min.
Your rating: 0
10 3 votes
The Night Comes for Us (2018) | කුරිරු ඝාතකයෙකුගේ ඉරණම වෙනස් කළ, දරු සෙනෙහස…!!

දහ අටවැනි ශතවර්ෂයේ පටන් වර්තමානය දක්වාම පැවතෙන, සබඳතා ජාල බොහොමයක් පවතින අන්තර්ජාතික චීන අපරාධ සංවිධානයක් තමයි ට්‍රයාඩ් කියල කියන්නෙ. ට්‍රයාඩ් කියන්නෙ Trinity එහෙමත් නැත්නම් කණ්ඩායම් තුනේ එකතුව කියන එකටයි. මේ ට්‍රයාඩ් සංවිධානය කියන්නෙ නිකන්ම නිකන් වීදි මැර කල්ලියකට නම් නෙවෙයි. නීති පොත් වල නීතියට පටහැණියි කියල සඳහන් වෙන සියළුම අපරාධ ක්‍රියාකාරකම් ට්‍රයාඩ් සංවිධානය ඇතුළෙ සිද්දවෙනවා. රන් ත්‍රිකෝණය එහෙමත් නැත්නම් තායිලන්ත, ලාඕස හා මියන්මාර් දේශ සීමාවන් තමයි මේ ට්‍රයාඩ් සංවිධානයේ බළ කඳවුරු විදිහට හඳුන්වන්නෙ. තමන්ගේ බල පුළුවන්කාරකම් පිහිටෙන් ආසියාවේ සිද්දවෙන ජාවාරම් කටයුතු වලින් 80%ක පමණ ප්‍රමාණයක් පාලනය කරන්නෙ කලින් කියපු ට්‍රයාඩ් සංවිධානය මඟිනුයි. මත් කුඩු ජාවාරම, අවි ජාවරම සහ මිනිස් ජාවාරම ට්‍රයාඩ් සංවිධානයේ ප්‍රධාන ආදායම් මාර්ග විදිහට සලකනවා.

කාලයත් එක්ක ආසියානු අපරාධ කල්ලි වල ඉහළම තැන ට්‍රයාඩ් සංවිධානයට ලැබෙනවා. මේ අතරෙ ට්‍රයාඩ් සංවිධානයේ නායකයො තීරණය කරනවා පුහුණු නියෝජිත කණ්ඩායම් නිර්මාණය කරන්න. මේ නියෝජිත කණ්ඩායම් වල රාජකාරිය වෙන්නෙ සංවිධානය තුළ අවුල් වියවුල් ඇති නොවීමට වගබලා ගැනීම හා පිටස්තරින් ඇතිවෙන බාධා වලින් සංවිධානය ආරක්ෂා කර ගැනීමයි. ඒ වගෙම මේ නියෝජිතයින්ට සංවිධානයට කීකරුව සංවිධානයේ පැවැත්ම වෙනුවෙන් ඕනිම දෙයක් කරන්නත් නායකයො අවසර ලබාදෙනවා. නියෝජිත පිරිසක් කිව්වට හැබෑවටම මේ ඉන්නෙ ඝාතක කණ්ඩායමක්. මේ එක කණ්ඩායමක පිරිමි හය දෙනෙක් වගෙම ගැහැණු හය දෙනෙක් ඉන්නවා. ඒ කිසිම කෙනෙකුට පෞද්ගලික අනන්‍යතාවයක් කියල දෙයක් නෑ. පොදුවේ මේ කණ්ඩායම හඳුන්වන්නෙ (SIX SEAS – මුහුදු හය) කියලයි.

ඉටෝ කියන්නෙත් මේ SIX SEAS ඝාතක කණ්ඩායමක සාමාජිකයෙක්. අවුරුදු තුනක් තිස්සෙ ඉඳන් ඉටෝ ට්‍රයාඩ් සංවිධානය වෙනුවෙන් නොයෙක් ආකාරයේ අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ වුණු ක්‍රියාකාරී සාමාජිකයෙක්. මේ අතරෙ ට්‍රයාඩ් සංවිධානයේ ජාවාරම් බඩු තොගයක් හොරකම් කරන්න උත්සහ කරපු වෙරළබඩ ගමක මිනිස්සු කීප දෙනෙක්ව ට්‍රයාඩ් කල්ලිය අල්ලගන්නවා. මේ කරපු වැඩේට දඬුවම විදිහට ඒ මුළු ගමම මරල දාන්න ට්‍රයාඩ් කල්ලිය තීරණයක් ගන්නවා. මේ අමානුෂික දඬුවම ක්‍රියාත්මක කරන්න යන SIX SEAS වධක කණ්ඩායමේ නායකයා විදිහට ඉටෝත් ඉන්නවා. ඒත් එදා තමන්ගෙ ඉරණම වෙනස් වෙන දවස කියල ඉටෝ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. ගම්මුන්ගෙන් බාගෙට බාගයක් මරල දාපු ඉටෝ ප්‍රමුඛ පිරිසට අවසානෙදි ඉතුරු වුණු ගම්මු ටිකත් වෙරළට අරන් ඇවිත් මරල දානවා. ඒත් මුළු ගමක්ම ලේ විලක් මැද මැරිල ගියත් එක ජීවිතයක් ඉතුරුවෙනවා. ඒ තමයි අහිංසක කෙලි පොඩ්ඩක්. ඉතින් දෛවයේ සරදමකට වගේ මේ පොඩි කෙල්ලගේ ජිවිතේ අවසන් කරන්න තුවක්කුව ලැබෙන්නෙ ඉටෝගෙ අතට.

ඒත් ඒ අහිංසක කෙල්ලගේ ඇස් දෙක දැක්කම කොච්චර දාමරික හිතක් තිබුණු මිනිහෙක් වුණත් ඉටෝගෙ හිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. තමන්ගේ අපරාධ කල්ලියේ නාමයෙන් අවුරුදු තුනක් තිස්සෙ ගණන් කරන්න බැරි තරම් ජීවිත උදුරගත්තු මේ ඝාතකයා අහිංසක පොඩි කෙල්ලෙක්ගෙ ජීවිතේ බේරගන්න ඒ මොහොතේ තමන්ගෙ ජීවිතේ අනතුරේ දාගන්නවා. තමන් එක්ක ආපු ට්‍රයාඩ් කල්ලියේ සාමාජිකයො ඔක්කොම මරල දාල අර පොඩි දැරිවිත් අරන් ඉටෝ එතනින් යන්න යනවා. ඒත් තමන් මේ කරපු දේට ට්‍රයාඩ් එකෙන් කවදාවත් සමාවක් නම් ලැබෙන්නෙ නෑ කියලත් ඉටෝ හොඳාකාරවම දන්නවා. ඉටෝ තමන්ට ද්‍රෝහි වුණු බව දැනගන්න ට්‍රයාඩ් කල්ලියේ නායකයො ඉටෝ වගෙම අර පුංචි දැරිවිත් මරල දාන්න තීරණය කරනවා. ඉතින් ඉටෝ වෙනුවට SIX SEAS කණ්ඩායමට එකතුවීමේ බලාපොරොත්තුව ඇතුව මේ ජිවිත දෙක කෙළවර කරන්න බාරගන්නෙත් ඉටෝ ළඟින්ම ඇසුරු කරපු ඉටෝගෙ හොඳම යාළුවෙක්. කතාව ගැන කිව්ව වැඩිද මන්ද. හරි එහෙනම්, මෙතනින් එහාට මම තව වචනයක්වත් නොකියා ඉන්නම්. අවසාන වශයෙන් තව එක වචනයක් කියන්නම්, යුද්ධයක්!

The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු සම්පත් සිරිසේන (Baiscopelk)
IMDb 6.9 /10 27,524 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Fatal Journey (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original RRR (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | TELUGU
Starship Troopers 2: Hero of the Federation (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
American Assassin (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seema Raja (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
K.O. (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien: Resurrection (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Laandhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding ‘Ohana (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published