CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4573 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 27, 2023Finland91 Min.
Your rating: 0
9.1 34 votes
Sisu (2022) | දෙවැනි ලෝක යුද්ධයේ කළාත්මකම ඝාතණ මංගල්‍යය.

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය තවත් මුවි එකක් අරගෙන ආව. මම ඇවිල්ලා යුධ විරෝධී මනුස්සයෙක් කොයි පැත්තෙන් මුලින්ම උණ්ඩය පත්තු වුණත් මුලින්ම මිය යන්නේ මනුස්සකම කියන මතයේ ඉන්න කෙනෙක්. හැබැයි මෙහෙමයි, ලෝක ඉතිහාසයේ ඇතිවුන යුද්ධ ඇසුරින් නිමවුණ හැම මුවි එකක්ම වගේ බලල සහ මෑත කාලීනව ආව ගොඩක් යුධ කතා සඳහා සිංහල උපසිරසි ලබා දීම සිදුකරලා තියෙනව. ඒ හැම සිනමාපටයකින්ම අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම ආපහු යුද්ධයක් ඇතිනොවන තැනට කටයුතු කරන්න. 🙂

මේ තමා මෑත කාලීනව ආව යුධ කතා අතරින් ගොඩක් අයට එනකම් ඉවසිල්ලක් නැතුව හිටිය මුවි එකක් මේක. කොටින්ම මුල්ම ට්‍රේලර් එක ආව වෙලාවේ මේකට උපසිරසි කරනකම් මට ඉවසිල්ලක් නැතුව හිටියා. අපි විතරක් නෙමෙයි සිනමා විචාරකයින් පවා මේ සිනමාපටය ඉහලින් අගය කළා. “දෙවැනි ලෝක යුද්ධයේ කළාත්මකම ඝාතණ මංගල්‍යය ” විධියට තමයි විචාරකයින් විසින් මේ සිනමාපටය හැදින්නුවේ.

කාලෙකට පස්සේ කැමරා කොපියක් අහගෙන කලෙත් මේකට. වැඩිය දෙබස් තිබුනේ නැති එක සැහෙන සහනයක් වුණා ඇත්තටම ඉතිං. මේ සිනමාපටය සිනමාශාලා වෙත නිකුත් වුනේ 2023 වසරේ අප්‍රේල් මාසයේ 28 වැනිදා. එතකොට කොහොමද මේක 2022 වර්ෂයේ ෆිල්ම් එකක් විධියට imdb එක විසින් නම් කලේ ? ඒකට හේතුව තමයි මේ සිනමාපටය එළිදක්වන්නේ මුලින්ම 2022 වසරේදී වීම. 2022 වසරේ පැවති Toronto International Film Festival එකේදී මුලින්ම මේ සිනමාපටය ප්‍රදර්ශණය වෙනවා. ඒ අනුව මේ සිනමාපටය 2022 වසරට අයිති වෙනවා. හැබැයි නිල වශයෙන් අනෙකුත් සිනමාශාලා සඳහා නිකුත් වෙන්නේ 2023 වසරේ. මේ සිනමාපටය සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 6ක් පමණ වැය වෙලා තියෙනව.

Sisu කියන ෆින්ලන්ඩ් වචනයේ තේරුම තමා අධිෂ්ඨානශීලි, ඉතාම නිර්භීත වගේ අදහසක්. මේ කතාව සඳහා පාදක වෙන්නේ 1944 වර්ෂයේදී දෙවැනි ලෝක යුද්ධ කාලේ නාසීන් සහ ෆින්ලන්ත හමුදාව අතර ඇතිවුණ ගැටුමක්. හැබැයි මේක ප්‍රබන්ධයක්. මේක කොහෙත්ම සත්‍යය කතාවක් නෙමෙයි කියන එකත් මතක තියාගන්න ඕනා.

මේ සිනමාපටය සඳහා 7.3ක imdb අගයක් ලැබිල තියෙනව. ඒ වගේම RT වෙබ් අඩවියේ 94%ක විචාරක අගයකුත්, 88%ක ඕඩියන්ස් ප්‍රතිචාරත් මේ සිනමාපටය වෙත ලැබී තිබෙනවා. මෙහි අධ්‍යක්ෂකවරයා වෙන Jalmari Helander සුදානම් වෙලා ඉඳල තියෙන්නේ කොමඩි-විද්‍යාප්‍රබන්ධ ෆිල්ම් එකක් කරන්න. හැබැයි ඒ වැඩේ කොරෝනා නිසා කල් ගිහින් තියෙනව. ඒ අතරේ ලද නිවාඩුවෙන් තමයි මේ සිනමාපටයේ පිටපත සකස් කරලා තියෙන්නේ ඔහු විසින්. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය වෙන අටාමි ලෙසින් රංගනයෙන් එකතු වෙන Jorma Tommila ගැන මතක් නොකරම බැහැ. අවුරුදු 64ක් වෙන මොහු මේ චරිත හරිම අපුරුවට ඉදිරිපත් කරනවා. වයස 64ක් කියල කියන්නවත් බැහැ ඒ රංගන වින්‍යාසය අනුව.

Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [විමා] (Baiscopelk)
IMDb 7.3 /10 6,701 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Code 8 Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles IV: Immortal (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sarrainodu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaamana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Officer (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seoul Vibe (2022) Sinhala Subtitles
The Kid Who Would Be King (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wish Upon A Unicorn (2020) Sinhala Subtitles
Ma Rainey’s Black Bottom  (2020) With Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coast Guard Malaysia: Ops Helang (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bougainvillea (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Jon May 20, 2023 Reply

    Bro hitman agent 47 film eka please

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published