CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2293 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Lost Lotteries (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Lost Lotteries (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 16, 2022Thailand106 Min.
Your rating: 0
5 1 vote
The Lost Lotteries (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

2022 නොවැම්බර් 16 දින නිකුත්වුනු තායි කොමඩියක් තමයි අද ඔයාලට අරන් ආවෙ. නම Lost Lotteries. තායිලන්ත නිර්මාණයක්. භාෂාවත් තායි. Comedy, Crime, Thriller වර්ගයේ ෆිලුමක්. ධාවන කාලය පැය 1 යි, විනාඩි 46 යි. ආගන්තුක පස් දෙනෙක් තමන්ගෙ නැතිවුනු ජයග්‍රාහී ලොතරැයි ටිකට් පත් පහක් නැවත ලබාගන්න, එක්වී ගහන ගේමක් ගැනයි කතාව තියෙන්නෙ. මුල සිට අග දක්වාම එක හුස්මට හිනාවෙවී බලන්න පුලුවන්. හාස්‍ය රසයෙන් අනූනයි. කිසිම අසභ්‍ය දෙයක් නෑ. පවුලේ සැමට එකට වාඩිවෙලා රස විඳින්න පුලුවන්. රඟපෑමෙන් එකතුවෙන්නේ Sky Wongravee Nateetorn ( ටේ ), Pat Napapa Tantrakul ( සෝයි ), Minnie Phantira Pipityakorn ( බීට් ), Somjit Jongjohor ( කුන්ග්) සහ Jazz Chuanchuen ( වෙන් ).
ටේ තාම ඉගෙනගන්න තරුණයෙක්. ටේගෙ තාත්තා නෑ. අම්මා විතරයි ඉන්නෙ. බොහොම දිළිඳු ජීවිතයක් ගත කරන්නෙ. අම්මා රස්සාවට කරන්නෙ ලොතරැයි විකුණන එක. නිවාඩු දවස්වලට අම්මගෙ ජොබ් එක කරන්නෙ ටේ. එයා ලොතරැයි විකුණන දාට පුරුද්දක් වශයෙන් එක ටිකට් එකක් අරන් තියෙනවා. කවදාහරි වාසනාවක් පෑදෙයි කියලා. ටිකට් 5 හේ සෙට් හැටියට තියෙන්නෙ. දවසක් එක පහේ සෙට් එකක ටිකට් හතරක් වෙනුවෙන්, හතර දෙනෙක් සල්ලි බඳිනවා. අනික ටේ තියාගන්න අතරේ ටිකට් පහම ලොතරැයි ට්‍රේ එක ඇතුලේ හංගනවා. චයි බොස් කියන්නෙ සල්ලිකාර ජාවාරම්කාරයෙක්. ටේගේ අම්මා ගත්තු ණය මුදලක් ආපහු ගෙවීම පමාකිරීම නිසා, ඒ වෙනුවට ටේගෙ ලොතරැයි ට්‍රේ එක චයි බොස්ගෙ හෙන්චයියො අරන් යන්නෙත් එදාමයි. ඒ දවසේ දිනුම් ඇදීමේදී ඒ ටිකට් පහට මුල් දිනුම ඇදෙනවා. බාට් මිලියන 30 ක්. අනෙක් ජයග්‍රාහකයින් හතර දෙනා තමයි බීට්, සෝයි, කුන්ග් සහ වෙන්. මේ හැමෝම අනාගතය වෙනුවෙන් සිහින දකින සරල මිනිස්සු. මෙයාල කොහොමද බලවත් චයි බොස් එක්ක හැප්පෙන්නෙ? ඒත් නැතිවෙන්න දෙයක් නැති නිසා ටිකට් ආපහු අරගන්න මේ පස්දෙනා සැලසුමක් ගහනවා. වඩාත්ම භයානක සහ වඩාත්ම හාස්‍යජනක සැලසුමක්. බලමුද ඒක කොහොමද කියලා? මෙන්න එහෙනම් “ලොස්ට් ලොටරීස්”.

The Lost Lotteries (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lost Lotteries (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 5.4 /10 270 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Fire with Fire (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Armor (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Batman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Godfather (1972) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Get Smart (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Total Dhamaal (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Asterix & Obelix: Mission Cleopatra (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tughlaq Durbar (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mickey, Donald, Goofy: The Three Musketeers (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love Untangled (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chasing (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No Hard Feelings (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan April 19, 2025 Reply

    ♥️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published