CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2810 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads]
  • Player 03 720p [No Ads]
Land (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Land (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 12, 2021United States89 Min.
Your rating: 0
7 1 vote
Land (2021) | කඳුකරයේ හුදකලා වී.. (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, දඩයමක් කරගෙන ඉන්න තියනව නම් කොහොමද? ඇත්තටම එහෙම හිතෙන අය ඕන තරම් ඉන්නව. ඒත් ඒකට ආස උනත් ගිහින් ඉන්න එක හිතන තරම් ලේසි නෑ. මං කියන්නෙ වටේ පිටේ කව්රුත් නැතුව, ෆෝන් එකක්, වහනයක් එහෙම නැතුව ඉන්න එක ගැන හරිද. ජීවිතේ තමන්ට සිද්ද උන දේවල් එක්ක ජීවිතය ගැන කලකිරිලා අර මං කලින් කිව්ව වගේ ජීවිතයක් හොයන් යන කෙනෙක් තමා එඩී කියන්නෙ. නම පිරිමි කෙනෙක් වගේ උනාට එඩී කියන්නෙ ගැහැණු කෙනෙක්. නගරෙ ජීවිතේට හුරු වෙලා කාත් කව්රුත් නැතුව අර විදිය ජීවිතයක් ගෙවන්න කියල හිතන් ආව එඩීට මුහුණ දෙන්න වෙන්නෙ තුන් හිතකින් වත් හිතුවෙ නැති දේවල් වලට. ඉතින් එඩීට ඒක කරන්න පුළුවන් වෙයිද? එයාට මුහුණ දෙන්න උන දේවල් මොනවද කියල ෆිල්ම් එක බලලම දැනගමු නේද?

2021 වසරේ එළිදක්වපු මේකෙ ප්‍රධාන චරිතය වෙන එඩී ගෙ චරිතය කරන Robin Gayle Wright තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙත්. ඔය Wonder Women, Justice League එකේ එහෙම එහෙන් මෙහෙන් හිටිය මෙයා. ඒ වගේම මේක තමා එයාගෙ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය. කුළුදුල් උනාට මොකද මේ සිනමාපටයට ලැබුණු ප්‍රතිචාර තියෙන්නෙ ගොඩක් ධනාත්මක මට්ටමේ. ඒ වගේම කියන්න ඕනෙ මේ ෆිලුම රූගත කිරීම් කරල තියෙන්නෙ කැනඩාවේ ඇල්බෙටා කියන ප්‍රදේශයේ. ඔයාලට සමහර වෙලාවකට හිතෙයි ග්‍රීන් ස්ක්‍රීන් එකක් ඉස්සරහ රඟපානවා කියල. ඒ තරම් මේක රූගත කරපු ස්ථාන ලස්සනයි.

මේක කැටගරි වෙන්නෙ Adventure/Drama ගණයට. ඒත් පොඩි Survivor ගතියකුත් තියනවා මොකද එඩී ජීවිතය බේරගන්න කරන දේවල් තියන නිසා. කතාව පොඩ්ඩක් ස්ටෝරි විදියට තමා ගලාගෙන යන්නෙ. ඒ නිසා ට්‍රේලර් එක එහෙම බලල බාගන්න. සංවේදි තැන් ටිකකුත් තියනව අන්තිමට එහෙම. ඔයා සංවේදි කෙනෙක් නම් ෆිලුමේ අන්තිමට ඔයාට අනිවාර්යෙන්ම දුක හිතෙයි. 18+ දැම්මෙ පොඩි පොඩි සිද්දියක් දෙකක් තියන නිසා. ලොකු කේස් එකක් නෑ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුජිත් ප්‍රියංකර (Baiscopelk)
IMDb 6.6 /10 12,789 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Robin Wright
Director

Cast

Similar titles

Unda (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
M3GAN (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kursk (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramona and Beezus (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Spy The Eternal City (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ballad of Wallis Island (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Under Your Bed (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Underworld: Evolution (2006)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hercules and the Circle of Fire (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ladies vs. Ricky Bahl (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published