
කොමඩි පැත්තට බර ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාන්න හිතුවා. මේ ෆිල්ම් එක ඇත්තටම ගොඩක්ම ආදායම් අතින් සාර්ථක උනු ෆිල්ම් එකක්. ඒක නිසාම ocean’s twelve සහ ocean’s thirteen නමින් එකකට එකක් ඈඳුනු විධියට තව ෆිල්ම් දෙකකුත් හැදුවා. මෙය තිරගතවූ අවුරුද්දේ එනම් 2001 හයවෙනියට වැඩිම ආදායම් ලැබූ ෆිල්ම් එක බවට මෙය පත් උනා. ජනප්‍රිය නලුවන් වන ජෝජ් ක්ලූනි සහ ඛ්‍රැඩ් පිට් ඇතුලු 11 දෙනෙක් කැසිනෝවක් කොල්ල කෑමට තැත් කිරීම තමයි මෙකේ කතාව වෙන්නේ..
කතාව පටන් ගන්නේ ඩැනියල් ඕෂන් නැමති පුද්ගලයා හිරෙන් නිදහස් වීමෙන්. ඇත්තටම ඒ වෙද්දිත් ඔහු ඊලඟ කොල්ලකෑමට පිඹුරුපත් සකසා අවසානයි. තවත් 10 දෙනෙක් සමඟ කැසිනෝ තුනක සල්ලි ආරක්ෂාකරන පොළවෙන් යට පිහිටි සුරක්ෂිතාගාරයක් මංකොල්ලකන්න තෝරාගන්නවා. ඊට අපූරු හේතුවක් ඔහුට තිබෙනවා එනම් ඔහුගේ හිටපු බිරිය දැන් ජීවත් වන්නේ එම කැසිනෝ තුනේ අයිතිකාර ධනවතා සමඟ වීම නිසා. ඒ සඳහා ඔවුන් යොදන සැලසුම් හරිම අපූර්වයි. ඉතින් බාගෙනම බලමු නේ…
සම්මාන ගැන කියනවනම් සම්මාන 17 කට නිර්දේශ වී ඉන් තුනක් දිනා ඇති අතර IMDB Rating 7.6/10 ලබාගෙන තියෙනවා. ඇත්තටම මෙනමින් 1960 දි ෆිල්ම් එකක් තිරගතවුවත් මෙම ෆිල්ම් එක ඒකට වඩා ලොකු වෙනසක් දරනවා..
Options | Quality | Language | Size |
---|---|---|---|
DVDRip 480p | 462.48 MB | English | |
DVDRip 720p | 862.44 MB | English |