CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2988 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Piku (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Piku (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 08, 2015India123 Min.
Your rating: 0
9.9 7 votes
Piku (2015) | මෙහෙමත් තාත්තා කෙනෙක්!!!

අම්මයි තාත්තයි කියන්නෙ මේ ලෝකයේ දරුවන්ට ලැබෙනා වටිනාම දේ කියලා මං කිව්වොත් ඔයාලා මං කියන දේට එකඟ වේවි. ඒකට ආයෙත් හේතු පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. දෙමව්පියන් වයසට යනකොට එයාලට තමන්ගෙ වැඩ කටයුතු කර ගන්න බැරි තත්වෙකට පත්වෙනකොට දරුවන් ඒ දෙමව්පියන් වෙනුවෙන් ඉන්න ඕනෙ. එයාලව ජීවත් කරවන්න කැපවෙන්න ඕනෙ. නමුත් අද කාලයේ අපිට අහන්න දකින්න ලැබෙන්නෙ වැඩිහිටි නිවාස වල තනිවෙලා ඉන්න අම්මලා තාත්තලා අසරණ වෙලා ඉන්න හැටි. මොන දේ උනත් පොඩි කාලෙ ඉඳන් අපි කරන කරදර, දඟ වැඩ ඉවසාගෙන අපිට කන්න බොන්න දීලා අපිව උස්මහත් කරපු දෙමව්පියන් වෙනුවෙන් අපි මොනවද කරන්න ඕනෙ?

IMDB මීටරයේ 7.9ක් ගන්න මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා. හාස්‍ය සහ නාට්‍ය කියන ගනයට අයත් වෙන මේ චිත්‍රපටයකතාව ගැන පොඩ්ඩක් කියන්නම්. සම්පූර්ණ කතාවම ගෙතෙන්නෙ බස්කොර් බැනර්ජි කියන වයසක පියෙක් සහ ඔහුගේ දියණිය වන පීකූ දෙන්නගේ ජීවිතය ගෙවන හැටි ගැන. බස්කොර් බැනර්ජි කියන්නෙ මළබද්ධය කියන රෝගයෙන් පීඩා විඳින ටිකක් දඩබ්බර ගති තියෙන තාත්තා කෙනෙක්. පීකූ කියන්නෙ ඉක්මනින් කේන්ති යන කසාදයක් වත් නොබැඳ තමන්ගෙ තාත්තව රැක බලාගෙන ඉන්න දියණියක්. තාත්තට තියෙන මේ ලෙඩේ නිසා පවුල ඇතුලෙ ලොකු ලොකු සිද්ධීන් ඇති වෙනවා. මේ අතරේ තාත්තට දිල්ලියේ ඉඳන් කොල්කටා වලට යන්න ඕනෙ වෙනවා. ඒත් ඔහු වාහනයක යන්න ඕනෙ කියලා බල කරන නිසා රානා චෞද්රිට අයත් ටැක්සි සේවයෙන් වාහනයක් අරන් මේ ගමන යනවා. රානා චෞද්රි කියන්නෙත් පීකු වගේම කසාද නොබැඳ අම්මව සහ නංගිව බලාගෙන ජීවත් වෙන ටැක්සි සේවයක හිමිකරුවෙක්. ඉතින් තව කිව්වොත් කතාවෙ රසය නැති වෙනවා. ඔයාලම බලන්නකෝ මොකද වෙන්නෙ කියලා.

වෙලාවකට බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන්, තවත් වෙලාවකට ඇහැට කඳුලක් උනන සිදුවීම් රාශියක් මේ කතාව පුරාම ඔයාලට දැක ගන්න පුළුවන්. බස්කොර් බැනර්ජිගේ චරිතයට පණ පොවන්නෙ අප සැම සියළු දෙනාම ආදරය කරන ප්‍රවීණ නළු අමිතාබ් බච්චන්. පීකුගෙ චරිතයට පණ පොවන්නෙ අපි කවුරුත් ආදරය කරන දීපිකා පදුකෝන්. ඒ වගේම රානා ගේ චරිතයට පණ පොවන්නෙ ඉර්ෆාන් කාන්. මෙයාව නම් ළඟදි තිරගත උන ජුරාසික් වර්ල්ඩ් හොලිවුඩ් නිර්මාණයෙත් දකින්න ඇතිනෙ. එහෙනම් ඉතින් හැමෝටම බලන්න පුළුවන් මේ කතාව රසවිඳින්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා.

කතාවේ එක තැනක මේ පියා බොහොම ආත්මාර්ථකාමී කෙනෙක් හැටියට හඳුන්වනවා. ඒ නිසා මාතෘකාව දැක්කම සහ කතාව බලලා ඉවර උනාම ඔයාලට දැනෙන හැඟීම ගැන වචන දෙක තුනක් අදහසක් විදියට පහළින් ලියලා යන්න කියලත් මං ආරාධනා කරනවා.

Piku (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Piku (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Piku (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Piku (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Piku (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ෂෙරින් සමාධි ගිනිගේ (Baiscopelk)
IMDb 7.6 /10 32,621 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Deepika Padukone isPiku Banerjee
Piku Banerjee
Amitabh Bachchan isBashkor Banerjee
Bashkor Banerjee
Irrfan Khan isRana Chaudhary
Rana Chaudhary
Jisshu Sengupta isSyed Afroz
Syed Afroz
Avijit Dutt isBodo Mesho
Bodo Mesho
Raghubir Yadav isDr. Srivastava
Dr. Srivastava

Similar titles

Gladiator II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles II: The Secret of the Ooze (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Into the Wild (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Noah (2014) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gehraiyaan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wagah (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fateh (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sing 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rudra Thandavam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Kingdom: Seven Kings Must Die (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Annayum Rasoolum (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eagle (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published