CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1556 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 01 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 30, 2023United Kingdom100 Min.
Your rating: 0
8 1 vote
Golda (2023) | ඊශ්‍රායලයේ යකඩ ගැහැණිය

ඊශ්‍රායලය සහ යුදෙව්වන් හට ලෝක සිනමාවෙ සුවිශේෂ ස්ථානයක් හිමිවන්නේ හේතු දෙකක් නිසා.ඒ Woody Allen, Stanley Kubrick Steven Spielberg වැනි අග්‍ර ගන්‍ය යුදෙව් ජාතික සිනමාකරුවන් නිසා. අනෙක ඔවුන් හා බැදුනු අපූරු සිද්ධීන් විවිධ අවස්ථා වල දෑවැන්ත සිනමා සඳහා ප්‍රස්තූතයන් වීම නිසා. Schindler’s List, Waltz With Bashir, Operation Thunderbolt, Exodus මෙන්ම Oppenheimer ද යුදෙව් සම්බධතා ඇති චිත්‍රපට .විශේෂයෙන්ම දෙවන ලෝක යුධ සමයේ යුදෙව් සංහාර, ඊශ්‍රායෙල් අරාබි යුධ ගැටුම්,එන්ටැබේ ප්‍රහාරය,මොසාඩ් ඔත්තු සේවා වික්‍රම හා බඳුන් සත්‍ය සිදුවීම් අති විශාල සංඛ්‍යාවක් නිර් මාණ ලෙස එළි දක්වා තිබෙනවා.ගෝල්ඩා එහි තවත් නවතම චිත්‍රපටයක් .2023 අගෝස්තු මස නිකුත් උන දැනට IMDB 6.0 ක අගයක් දක්වෙන මේ චිත්‍ර පටය Guy Nattiv ගේ අධ්‍යක්ෂනයක්. Helen Mirren, Camille Cottin ,Liev Schreiber,Dvir Benede,Lior Ashkenazi මෙහෙ ප්‍රධාන චරිත රඟපානවා..

දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1948දී ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුනු ඊශ්‍රායලය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටක්. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර් දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් වට වී තිබෙනවා.මෙහි බිහිවීම පිටුපස විශාල කතාන්තර‍යක් තිබුනත් කෙටියෙන්ම කියනවා නම් තමන්ට කියා රටක් නැතිව සිටි ලොව පුරා විසිරුණු යුදෙව් ජනතාවගේ මව් බිම මෙසේ රාජ්‍යයක් බවට ප්‍රකාශ කිරීම අසල් වාසී අරාබි රජ්‍යයන්ට එතරම් සැනසිලිදායක කාරනාවක් උනේ නෑ.අරාබීන් යුදෙව් රාජ්‍යය පිළි නොගැනීම නිසා නිරන්තරයෙන් දෙපාර්ශවය අතර ගැටුම් ඇති උනා.වටේම සිටින විශාල අරාබි රටවල් වල ප්‍රහාරයන්ට මුහුණ දීමට කුඩා ඊශ්‍රායලයට හැකියාව ලැබුනේ ඔවුන්ගේ විශිෂ්ඨ උපක්‍රමික ඥාණය,හැකියාව හා ඇමරිකානු සහයෝගය නිසායි.හතර වටින්ම එල්ල වූ අරාබීන්ගේ නිරන්තර ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාරයක් ලෙස 1967 දී අරාබි රාජ්‍යයන් තුනක් සමග යුධ වැදුනු සුප්‍රකට දින හයේ යුද්ධය මගින් ඊජිප්තුවට අයත් සීනායි අර්ධද්වීපය ගාසා තීරය,ජෝර් දානයට අයත් බටහිර ඉවුර සහ සිරියාවට අයත් ගෝලාන් කඳු වැටිය යටත් කර ගත්තා.එය සිය භූමියමෙන් සිව් ගුණයක ප්‍රමාණයක්.

මෙම දෑවැන්ත පරාජයේ ලජ්ජාව තුරන් කර ගනීම සඳහා ඊජිප්තුව හා සිරියාව දියත් කල ඒකාබද්ධ “යොන් කුපූර්” යුධ ක්‍රියදාමය 1973දී ක්‍රියාත්මක වන විට ඊශ්‍රායලයේ අගමැතිනියව සිටියේ ගෝල්ඩා මියර් නමැති අයෝමය කාන්තාවයි.1969 දී එවකට භාරකාර අගමැතිනිය වශයෙන් පත් වූ ඉතා පළපුරුදු රාජ්‍යතාත්ත්‍රිකයෙකු වූ වයෝවෘධ ඇය පිලිකා රෝගයෙන් පෙළෙමින් මෙම බරෑරුම් සටනට මුහුණදුන් ආකාරය මෙම චිත්‍ර පටයෙන් පෙන්වනවා.1967 ජයග්‍රහණයෙන් ඔද වැඩී තමන් ගැන අධි තක්සේරුවකින් පසු වූ ඊශ්‍රායෙල් ඉහළ පෙලේ ආරක්ෂක අංශ අරාබි යුධ සූදානම ගැන බුද්ධි අංශ අනතුරු ඇඟවීම් නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස 1973 ඔක්තෝබර් 5 දින “යොන් කිපූර්” ආගමික උත්සවය දින ආරම්භ වූ මෙම ද්විත්ව ප්‍රහාරයෙන් ඔවුන්ට හානි සිදු වුනා. පරාජයේ අබිමුව සිය රජය මෙහෙයවීමේ අභියෝගය ගෝල්ඩාමියර් ජයගන්නේ කෙසේද? අරාබීන්ට සෝවියට් සහය හිමි වෙද්දී ඊශ්‍රායලය වෙත ඇමරිකානුන්ගේ පිළිවෙත කුමක්ද? විශාල හානියේ වගකීම ගෝල්ඩාමියර් භාර ගනීද?

ඊශ්‍රායලය පසුකාලීනව සීනායි අර්ධද්වීපය ඊජිප්තුව වෙත ලබා දුන්නද අද වන තුරුද ගාසා, බටහිර ඉවුර හා ගෝලාන් කඳු වැටිය තමන් යටතේ රඳවා ගෙන සිටීම නිසා ඇති වූ තවමත් ගැටළු නිරාකරණය වී නොමැත.

මූලාශ්‍ර Wikipedia
මා විසින් ඉංග්‍රීසි චිත්‍ර පටයකට කරන ලද ප්‍රථම පරිවර්තනයයි මේ.ඔබගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි. ස්තූතියි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 6 /10 3,936 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Guy Nattiv
Director

Cast

Helen Mirren isGolda Meir
Golda Meir
Liev Schreiber isHenry Kissinger
Henry Kissinger
Camille Cottin isLou Kaddar
Lou Kaddar
Lior Ashkenazi isDavid 'Dado' Elazar
David 'Dado' Elazar
Ellie Piercy isShir Shapiro
Shir Shapiro
Ed Stoppard isBenny Peled
Benny Peled
Rotem Keinan isZvi Zamir
Zvi Zamir
Dvir Benedek isEli Zeira
Eli Zeira
Dominic Mafham isHaim Bar-Lev
Haim Bar-Lev
Kit Rakusen isGideon Meir
Gideon Meir

Similar titles

Weathering with You (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agneepath (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dear Friend (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cirkus (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Code 8 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 3 – Revenge of the Sith (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman King (2022) | “ගැහැණු රජුගේ ආගමනය”
Lakshya (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Super Machi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published