CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3069 Views

  • Player 01 [With Ads]
  • Player 02 [NO ADS]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Tatsama Tadbhava (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tatsama Tadbhava (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 15, 2023India122 Min.
Your rating: 0
6.3 26 votes
Tatsama Tadbhava (2023) | “සැබෑ මිනීමරුවා කවුරුන්ද?”

කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් Gentleman (2020) , Inspector Vikram (2021) , Veeram (2023) වගේ චිත්‍රපටි වල ප්‍රධාන චරිත මවපු කන්නඩ සිනමාවේ Dynamic Prince (ඩයනමික් ප්‍රින්ස්) විදියට හඳුන්වන Prajwal Devaraj තමයි මේකේ ප්‍රධාන චරිතය වන ඉන්ස්පෙක්ටර් අරවින්ද්ට පන පොවන්නේ..පහුගිය කාලයක් තිස්සේ අසාර්ථක චිත්‍රපටි රැසකට කොටුවෙලා හිටිය Prajwal මේ ෆිල්ම් එකෙන් ආපහු පරණ ට්‍රැක් එකට වැටිලා තියනවා කිව්වොත් හරි…මොකද කිව්වොත් පහුගිය ටිකේම Prajwal ලැබුණේ එකම ආකා⁣රයේ චරිත..කන්නඩ සිනමාව එක්ක ඉන්න කෙනෙක්නම් ඒක හොඳටම දන්නවා ඇති..ඉතින් මේ ෆිල්ම් එකෙන් ඒ ඒකාකාරීබවට තිත තියන්න ප්‍රජ්වාල්ට හැකියාව ලැබිලා තියනවා..ප්‍රජ්වාල්ට අමතරව මේකේ Main Female Character එකට පන පොවන්නේ Meghana Raj විසින්..මේඝනා කියන්න මීට අවුරුදු කීපෙකට කලින් දිවි ගමනෙන් සමුගත්ත Chiranjeevi Sarja ගේ බිරිඳ..මේඝනත් සෑහෙන කාලෙකට පස්සේ තමයි මේ විදියට Tatsama Tadbhava චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට ආවේ..ඇයගෙනුත් මේ ෆිල්ම් එකට හොඳ සහයෝගයක් ලැබිලා තියනවා කියන එකනම් කියන්නම ඕන..ඉතින් මේ දෙන්නට අමතරව Aravind Iyer , Mahati Bhat , Girija Lokesh , T.S. Nagabharana , Balaji Manohar ව⁣ගේ නලු නිලි පිරිසක් මේ චිත්‍රපටයත් එක්ක එකතුවෙලා ඉන්නවා..

Tatsama Tadbhava review: Meghana Raj Sarja and Prajwal Devaraj shine in this psychological thriller

Meghana Raj & team wrap up shooting for Kannada flick ‘Tatsama Tadbhava’- The New Indian Express

අපි දැන් කතාව පැත්තට ටිකක් හැරිලා බලමු..

මේ කතාව පටන් ගන්නේ තමන්ගේ මහත්තයා අතුරුදහන් කියාගෙන පැමිණිල්ලක් දාන්න පොලීසියට එන ආරිකා කියන කාන්තාවගෙන්..ඉතින් ආරිකාගේ මහත්තයා වුණ සංජයි තමයි මේ විදියට හිටි හැටියේ අතුරුදහන් වෙලා තියෙන්නේ..ආරිකාගේ මේ පැමිණිල්ල භාරගන්නේ අපේ කතා නායකයා වෙන ඉන්ස්පෙක්ටර් අරවින්ද්..මුලින් මේ ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න කාටවත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ..මෙහෙම දවසක් දෙකක් යද්දි ආරිකාට තමන්ගේ ගෙදරින් අමුතු ගඳක් එනවා දැනෙවා..ඒ ගඳ දිගේ ගිහින් බැලුවම ආරිකා නවතින්නේ තමන්ගේ ගෙදර බෙස්මන්ට් එකෙන්..ඒ බේස්මන්ට් එකේ තිබ්බ එක පෙට්ටියක් ඇරලා බලපු ආරිකාට දකින්න ලැබෙන්නේ තමන්ගේ මහත්තයා වුණ සංජයිගේ නරක් වුණ මළ සිරුර..ඔන්න දැන් තමයි ප්‍රශ්න පත්තරයක්ම දි⁣ග ඇරෙන්න පටන් ගන්නේ..ඉතින් සංජයිව මැරුවේ කවුද? මොකක් නිසාද සංජයිව මැරුවේ ? වගේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයන්න ඉන්ස්පෙක්ටර් අරවින්ද් එක්ක මෙතන ඉදලා ඔයාලත් එකතු වෙන්න කියන ගමන් හැමෝටම මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා..

Tatsama Tadbhava: Pannaga Bharana on why Prajwal Devaraj agreed to do the film | Exclusive

මේක Crime / Thriller චිත්‍රපටයක් නිසා අවසානේ වෙනකන් අපිව එක එක පැත්තට යොමු කරලා අපේ හිත් වලට කුතුහලයක් ඇති කරන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියනවා..ෆිල්ම් එකේ අවසානෙට අපිට තව ඉඟියකුත් දෙනවා..ඒකත් මොකද්ද කියලා ඔයාලම බලන්න..එහෙනම් තවත් ⁣උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (CineruLk)
IMDb 8.3 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Bridge Curse (2020) Sinhala Subtitles
Sethupathi (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Peter Five Eight (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Koorman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ID:A (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rifle Club (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Judaa Hoke Bhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Roopanthara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published