CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3087 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
OMG: Oh My God! (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

OMG: Oh My God! (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 28, 2012India125 Min.
Your rating: 0
8.1 12 votes
OMG Oh My God! (2012) | දෙවියන්ට එරෙහිව නඩුවක්…

ඔන්න අදත් ඔයාලට හොඳට රසවිඳින්න පුලුවන් සුපිරි ගණයේ හිංදි බයිස්කෝප් එකක් ඔයාලට අරගෙන ආව. මේක නිකුත් වුනේ 2012 සැප්තැම්බර් 28 වෙනිදා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.5/10 ක් අරන් තියන පට්ට ෆිල්ම් එකක්. හිතාගන්න පුලුවන්නෙ ඒකෙන්ම මේ ෆිල්ම් එක කොහොමද කියල. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Umesh Shukla විසින්. Akshay Kumar, Paresh Rawal, Mithun Chakraborty, Om Puri යන සුප්‍රකට නලු නිලියන් රංගනයෙන් දායක වෙලා තියනව.මේක වෙනස්ම කතා තේමාවක් මත නිර්මාණය කෙරුනු චිත්‍රපටයක්. එහෙනම් මම ඔයාලට කියන්නම්කො මේකෙ කතාව….

මේකෙ ඉන්නව කාන්ජී ලාල් මෙහෙතා කියල කෙනෙක්, එයා දේව ප්‍රතිමා, මූර්ති අලෙවි සැලක් කරගෙන ජීවත් වෙන මධ්‍යම පංතියේ පුද්ගලයෙක්. ඒත් එයා දෙවියන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නෙ අංක එකේ අදේවවාදිකයෙක්. කොහොමහරි ඔහොම කල් ගත වෙද්දි ඉන්දියාවට භූමිකම්පාවක් එනව. ඒත් මේකෙන් කිසිම පුද්ගල දේපල හානියක් වෙන්නෙ නෑ. හැබැයි මේකෙන් කාන්ජි ලාල්ගෙ කඩේ මුලුමනින්ම විනාශ වෙනව. පස්සෙ එයා රක්ෂණ සමාගමට යනව එයාට වුනු අලාභය ලබා ගන්න. ඒත් රක්ෂණ සමාගමේ කොන්දේසි වලට අනුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනව. ‘act of god’ එනම් දෙවියන්ගේ ක්‍රියා කලාපය නිසා සිදුවූ හානි වලට තම රක්ෂණ සමාගම වග නොකියන බව ගිවිසුම් වල සෘජුවම සටහන් වී තිබෙනවා. ඉතින් මෙයා හිතනව දෙවියන් නිසා තමයි තමයි තමන්ට මේ දේ වුනේ කියල. ඒනිසා එයා උසාවියේ නඩුවක් දානව දෙවියන්ට විරුද්ධව. ඔයාලට හිතෙන්නෙ නැද්ද එතකොට මොන මොන ආකාරයේ ගැටලු මතුවෙයිද කියල. සිතාසි යවන්නෙ කාටද? කවුද දන්නෙ දෙවියන්ගෙ ලිපිනයක්, ඉන්න තැනක්. මාර සින් එක නේද??

ඔන්න ඔතනින් තමයි කතාව හොඳම කොටස පටන් ගන්නෙ..මේ අතර කාන්ජි ලාල්ගෙ ගෙදරට අක්ෂේ කුමාර් නැත්තම් ක්‍රිශ්නා පැමිණෙනවා..ඉතින් එතනින් පස්සෙ වෙන ටික ඔයාලම බලන්න. දෙවියන්ට විරුද්ධව නඩුව උසාවිය පිලිගනියිද? මේ නඩුවට දෙවියන්ට එන්න බැරි නම් කවුරු එයිද? දෙවියන් කියල කෙනෙක් ඇත්තටම ඉන්නවද? මේ නඩුව දිනන්න මෙයා මොනවගේ තර්ක විතර්ක ඉදිරිපත් කරයිද? ඒව කෙතරම් දුරට සාර්ථක වෙයිද? අක්ෂේ නැත්තම් ක්‍රිශ්නා කියන්නෙ කවුද? එයා මොකටද කාන්ජි ලාල්ගෙ ගෙදරට එන්නෙ? ප්‍රශ්න කෝටියයි නේද?? හික්ස්! කලබල වෙන්න එපා, මේ හැම ප්‍රශ්නෙකට විසඳුම් මේ ෆිල්ම් එක අවසානයේදි ඔයාලට ලැබෙයි…ඇත්තටම මෙය අති විශිෂ්ට සංකල්පයක් මත බිහිවුනු නිර්මාණයක්. ඇත්තටම මේක මම බලපු හොඳම ෆිල්ම් එකක් කියන්න පුලුවන්.

    OMG Complete Collection
  1. OMG: Oh My God! (2012)
  2. OMG 2 (2023)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිදුල Kd සිල්වා” සහ “ධනුෂ්ක ලක්මාල් (Baiscopelk)
IMDb 8.1 /10 63,638 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Umesh Shukla
Director

Cast

Paresh Rawal isKanjibhai
Kanjibhai
Akshay Kumar isLord Krishna
Lord Krishna
Mithun Chakraborty isLeeladhar Swamy
Leeladhar Swamy
Om Puri isHanif Qureshi
Hanif Qureshi
Mahesh Manjrekar isLawyer Sardesai
Lawyer Sardesai
Puja Gupta isHanif's daughter
Hanif's daughter

Similar titles

The Host (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
1917 (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightmare Alley (2021) Sinhala Subtitles
The Midnight Sky (2020) With Sinhala Subtitles
Amar Akbar Anthony (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khamoshi: The Musical (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles
Vidhi Nadhiye (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Babygirl (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stree (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published