CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3576 Views

  • Player 01 [ No Ads]
  • Player 02 [ With Ads].
  • Player 03 [ With Ads].
Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 03, 2023India139 Min.
Your rating: 0
8.7 36 votes
Chithha (2023) | “පරවෙන මල් කැකුළු”

(Chithha (2023) Sinhala Subtitles) (Chithha (2023) Sinhala Subtitle) (Chithha (2023) Sinhala Sub) (Chithha Sinhala Subtitle) (Chithha Sinhala Sub)

එල්ලෝරුම් වනක්කම් 😌♥️

ඔන්න මේ දවස් වල හැමෝම හොයන ෆිලුමක් අරන් ආව..මාත් බිසී ටයිම් එකක හිටියත් සමිත අයියගේ ඉල්ලීමට ෆිලුමත් හොද නිසා ඔන්න වැඩේට බැස්සා එහෙනම්.. One day මැච් එකක්‌ ගහලා තමයි අරන් ආවේ.. යන්කෝ එහෙනම් ෆිලුම දිහාට

මෙදා සැරේ අපේ සිද්ධාර්ත් කොලුවා හොද පිටපතක් තෝරාගෙන තියෙනවා හැබැයි.. කලින් ආපු Takkar 2023 ෆිලුමත් ලොකුවට ගියෙ නෑ නෙ.. හැබැයි අපරාදේ කියන්න බෑ මේ Chithha 2023 ෆිලුම නම් ගින්දර ටිකට තියෙනවා ඇ… අවන්කවම කියනවා නම් මං සිද්ධාර්ත්ගෙ හොදම ඇක්ටින් දැකපු ෆිල්ම් එකක්.. මොකද ඒ ඒ Scene වලට දීපු Facial Expression නම් මරු.. පට්ට සදාරණයක් කරල තියෙනවා ෆිලුමට..

ඒවගේම කියන්න ඕන මේකේ රගපාන ඒ පොඩි දරුවාගේ රංගනය.. අඩේ Next Level තිබ්බ ඇ.. මරු.. එයාගේ පලවෙනි ෆිලුම කියලා හිතාගන්නවත් බැරි තරම් ලස්සනයි.. ඔයාලත් බලන්නකෝ.. ඔයාලටම තෙර්යි ❤️

Chithha කියන මේ tamil ෆිලුම අයත් වෙන්නෙ Crime/Thriller/Drama කියන Category එකට.. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙත් S. U. Arun Kumar කියන අධ්‍යක්ෂකවරයා.. නමින් මීටර් නැති උනාට, සුපිරි කොලිවුඩ් නළු විජේ සේතුපතිගෙ 2019 ආපු Sindhubaadh ෆිලුම ගොඩක් අයට මතක ඇතිනේ.. අන්න ඒ ෆිලුම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් මේ අධ්‍යක්ෂකතුමාම තමයි.. එතකොට IMDB පැත්තට ගියොත්, ඔන්න IMDB රේට් එක බලලා ෆිල්ම්ස් බලන කට්ටිය නම් මේක මිස් කරගන්න එකක් නැති වෙයි.. මොකද මේකට 8.4/10 ක්‌ වගේ ගොඩක් ඉහළ IMDB රේට් එකකුත් ලැබිල තියෙනවා..
Cast එක නම් කිසිම අවුලක් නෑ.. වැඩේට ගැලපෙන අයම වැඩේට යොදාගෙන තිබුනා.. එයාලගේ නම් පහලින් දාන්නම්..

Cast

Siddharth as Eeswaran “Ees”, Sundari’s uncle (Chithha)
Sahasra Shree as Sundari “Settai”, Eeswaran’s niece
Nimisha Sajayan as Sakthi, Eeswaran’s love interest
Anjali Nair as Sundari’s mother and Eeswaran’s sister-in-law

ෆිලුම දුවන්නේ තනිකරම ළමා අපචාර, දුෂණ හා මිනීමැරීම කියන සිද්දි වටා..
මං නම් කියන්නේ මේ වගේ ෆිල්ම්ස් ලංකාවේ බැනර් ගහලා පෙන්නන්න ඕන.. මොකද මාරම වැදගත් කන්ටෙන්ට් එකක් තියෙනවා ෆිලුමේ.. දෙයියන්ගේ පිහිටෙන් ලංකාවේ නම් මේ වගේ සිද්දි අපිට අහන්න දකින්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්.. හැබැයි ඉන්දියාවේ නම් මේ වගේ සිද්දි සාමන්‍යයෙන් වැඩී වැඩියෙන් සිද්ද වෙනවා කියලා තමයි කියන්නේ.. කාන්තාවක්ට හිතේ බයක් නැතුව පාරේ බැහැල යන්න තියෙන අවකාශයත් බොහොම අඩුයිලු එක එක පැති වල…

අනික් දේ තමයි, පොඩි ළමයින්ගේ කාරණා වලදී ටිකක් සංවේදී අය, පොඩ්ඩක් මේකෙ සංවේදී තැන් ටිකකුත් තියෙනවා කියන කාරණේ ඔළුවේ තියාගෙනම බලන්න..

මොකද වෙන්නේ කියලා පොයින්ට් විදිහට පොඩ්ඩක් කියන්නම්..

තමන්ගේ අයියගේ දුවව පණටත් වැඩියෙන් ආදරේ කරන “ඊසු”.

බාප්පට තමන්ගේ තාත්තාට තරම්ම ආදරේ වයස අවුරුදු 8 “සුන්දරී” නම් ගැහැණු දරුවෙක්.

සුන්දරීගෙ හොදම මිතුරිය හදිස්සියේ නාදුනන අයෙකු විසින් “දුෂණයට” ලක්වීම.

මේ කාරණාවට කිසිම සම්බන්දයක් නැති “ඊසු” හසුවීම.

මේ සිද්දි සියල්ලම අතරේ සුන්දරීව “නාදුනන අයෙකු” විසින් පැහැර ගැනීම..

ඔය කිව්වේ මුල් ටික.. සෑහෙන්න ලොකු සිද්දියක් තියෙනවා.. අනිවාර්යෙන් හැමෝම බලන්න මිස් කරගන්න නම් එපා..

Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 8.4 /10 1,729 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Siddharth isEaswaran 'Eesu'
Easwaran 'Eesu'
Sahasra Sree is'Settai' Sundari
'Settai' Sundari
Anjali Nair isSundari's mother
Sundari's mother

Similar titles

The Pilot. A Battle for Survival (2021)Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ellam Sheriyakum (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Anthem of the Heart (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Curse of the Necklace (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Bird in a Blizzard (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Jungle Book (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dikkiloona (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuthiraivaal (2022) Sinhala Subtitles | “මතකයන් තුල හිරවූ සිහින” | සිංහල උපසිරැසි සමඟ
Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
3 Idiots (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි
Cold Case (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(4) comments

  • roshan December 2, 2023 Reply

    wena film ekak thiyenne

    • Cinesubz December 4, 2023 Reply

      Dan Hari.

  • Supipi Subhashini December 4, 2023 Reply

    Chithha movie eka nemeine play wenne chaveer movie ekane

    • Cinesubz December 4, 2023 Reply

      Dan Hari.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published