CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2427 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Falimy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Falimy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 17, 2023India125 Min.
Your rating: 0
8.1 11 votes
Falimy (2023) | අවුල් පවුල් වන්දනාව.

කාලයක් උණුසුම් මලයාලම් චිත්‍රපටි ගෙනාවට පස්සෙ ආයෙත් ඔන්න ලස්සන මලයාලම් කොමඩියක්. මේක ගැන ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන හිටියෙ OTT release වෙනකල්. ඔන්න 18 වෙනිද ආව. දැනට IMDB 7.0 ක් තියෙන නිතින් සහදේව්ගෙ පළමු අධ්‍යක්ෂනය මේ.
මේක පවුලෙ කතාවක්. නම දැක්ක ගමන් තේරෙනවනේ. ඒත් අකුරක් පැටලිලා වගේ නේද? ඔව් ෆැමිලි නමේ අකුරු පැටළුන වගේම පවුලත් පැටළිලා. සීයා. තාත්තා, අම්ම, පුතාල දෙන්න ඉන්න පවුලකට කොච්චර ලස්සනට ඉන්න පුළුවන්ද? ඒත් ඔක්කොම එකිනෙකාට වෙනස් පුද්ගලයො නිසා පවුලම මඤ්ඤං. ලෝකෙ එහෙම තියෙන එකම පවුල නෙමෙයි නේ. ගොඩක් පවුල් එහෙම තමයි.

Falimy (2023) Sinhala Subtitles
මේකෙ සීයා අවුරුදු 82ක්. ඒ මනුස්සය නිතරම ගෙදරට හොරෙන් පැනල යන්න හදනවා බරණැස් වල වන්දනාවකට. කිලෝ මීටර් 2500ක් විතර දුර. ඒත් කොහෙන් හරි ස්ටේශමට යන කොට කාට හරි අහුවෙලා ආපහු ගෙදර ගෙනත් දානවා. කම්මැලි, නිදිමත ආත්මාර්ථකාමී තාත්තෙක් ඉන්නවා මෙලෝ දෙයක් නොකරන. ලෝකෙ කඩා වැටුනත් ගාණක් නෑ. අම්මා තමයි සේරම ගෙදර රන් කරන්නෙ. බාල සහෝදරයගෙ එකම සිහිනය එංගලන්තයට පනින එක. ඒත් ඒ සිහිනයට යන්න තරම් මිනිහගෙ ලොකු කැප වීමකුත් නෑ. ලොකු එකා තමයි ප්‍රධාන චරිතය. ඌ අහිංසකය ටිකක් පවුල ගැන හිතනවා ඒත් අත ගහන කිසිම වැඩක් හරි යන්නෙ නෑ. එයාගෙ කසාදෙටත් ඒකමයි වෙන්නෙ. අන්තිම දවසෙ ඒකත් අවුල් වෙනවා.

Falimy (2023) Sinhala Subtitles
අවුලෙන් ඉන්න එයා ඔන්න සීයව බරණැස් අරන් යන්න තීරණය කරනවා. ඔන්න අනිත් අයත් ඒකට එකතු වෙනවා. කට්ටිය පවුලක් හැටියට කාලෙකට පස්සෙ ඔන්න චාරිකාවක් යනවා. ඔන්න චාරිකාව ආරම්භ කරනවා ත්‍රිවේන්ද්‍රම් සිට කෝච්චියෙන්. එතැන් සිට මුළු කතාවම දුවන්නෙ ඒ අපූරු චාරිකාව ගැන තමයි. අත ගහන හැම දේම වරදින ඒත් අහිංසක අපේ කතා නායකයා කට්ටිය බරණැස් එක්ක යයිද? පවුලක් හැටියට එකමුතුව මේ දීර්ඝ චාරිකාව යයිද? ත්‍රාස ජනක උනත් බලන අපිට නම් විනෝදෙන් බලා ගෙන ඉන්න පුළුවන් එයාලගෙ මේ අපූරු සිදුවීම් පෙළක් සහිත මේ චාරිකාව දිහා.

Falimy (2023) Sinhala Subtitles
BASIL JOSEPH, JEGADISH, MANJU PILLEI ප්‍රධාන චරිත රඟපානවා. නත්තලට කම්මැලි නැතුව උණු උණුවෙම බලන්න. නැවත හමු වෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7.2 /10 966 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Judaai (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ritual (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Illang: The Wolf Brigade (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Updated
Gangers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In a Violent Nature (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Loveyatri : Love Will Take Over (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Crisis (2021) Sinhala Subtitles | Watch Online
Decibel (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Laabam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Heart of the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published