CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2736 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Justice League: Crisis on Infinite Earths Part One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Justice League: Crisis on Infinite Earths Part One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 09, 2024United States93 Min.
Your rating: 0
9.2 13 votes
Justice League: Crisis on Infinite Earths – Part One (2024) | ලෝක අනන්තයක විනාශය – පළමු කොටස

සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙන ආවා. අද අරගෙන ආවේ DCAMU හෙවත් DC Animated Movie Universe එකේ අලුත්ම continuity එක අවසාන කරන ෆිල්ම් එකේ පළමු කොටස. ඒ තමයි Justice League: Crisis on Infinite Earths – Part One.

කොහොම නමුත් කතාවට ප්‍රවේශයක් දෙන්න එපැයි. ඉතින් අපි දන්න නොදන්න හැමෝටම දැනගන්න කතාකරමු Tomorrowverse එක ගැන. DC ආයතනය විසින් නිකුත් කරන Animated films වර්ගීකරණය වෙන්නේ DCAMU නමින් කෙටියෙන් හඳුන්වන යුනිවර්ස් එකකටයි. 2020 වසරේ නිකුත්වුණු Justice League Dark: Apokolips War චිත්‍රපටිය අවසානයේදී ෆ්ලෑෂ්, ෆ්ලෑෂ්පොයින්ට් එකක් හරහා මුළු විශ්වයම රීබූට් කරනවා. එතැනින් උපන් විශ්වය තමයි Tomorrowverse කියලා හඳුන්වන්නේ. ඊට අයත් චිත්‍රපටි ටික තමයි

Superman: Man of Tomorrow
Justice Society: World War II
Batman: The Long Halloween – Part 1
Batman: The Long Halloween – Part 2
Green Lantern: Beware My Power
Legion of Super-Heroes
Justice League: Warworld
Justice League: Crisis on Infinite Earths -Part One
Justice League: Crisis on Infinite Earths -Part Two
Justice League: Crisis on Infinite Earths -Part Three
ඔව්. මේක කොච්චර ලොකු සහ වැදගත් event එකක්ද කියනවා නම් ෆිල්ම් දෙකක් නෙමෙයි, තුනක්ම ඕන කරලා තියෙනවා කතාව සම්පූර්ණයෙන් කියන්න. ඉතුරු කොටස් දෙකත් මේ අවුරුද්දේම නිකුත් වීමට නියමිතයි. ඒ දෙකටත් ඉදිරියේදී උපසිරසි ගේන්නම්. ඒවගේම කියන්න ඕනේ, කලින් ෆිල්ම්ස් ටික බලල නැත්නම් මේක බලන්න එපා. මොකද සමහර තැන්වලදී කන්ෆියුස් වෙන්න පුළුවන්. මේක බලනවා නම් ඒ ටිකත් බලලා එන්න, මොකද Crisis on Infinite Earths කියන්නේ DC වල සුවිශේෂීම crossover කතාවක්.

Crisis on Infinite Earths කියන්නේ 1985දී, ඒ කියන්නේ මීට අවුරුදු 39කට කලින් ලියවෙච්ච කතාවක්. ඒකේ පසුබිම කියනවා නම් මෙහෙමයි. 1985 වෙනකොට DC වල continuity එක සම්පූර්ණයෙන්ම අවුල් වෙලයි තිබුණේ. කොමික් වල සිද්ධ වෙන දේවල් සංකීර්ණ වැඩි වුණා වගේම, ගොඩක් දේවල් (Wonder Girl වගේ චරිතවල ඔරිජින් පවා) retcon කරන්න සිද්ධ වුණා. මේකට ප්‍රධානම හේතුව වුණේ DC කොමික් රචකයෝ එක එක කණ්ඩායම්වලට එක එක පෘථිවි වෙන් කරගෙන තිබීම. උදාහරණයක් විදියට පෘථිවිය-1 කියන්නේ Justice League එක ඉන්න ප්‍රධාන යුනිවර්ස් එක, පෘථිවිය-2 කියන්නේ Justice Society එක ඉන්න විශ්වය, පෘථිවිය-3 කියන්නේ Crime Syndicate එක ඉන්න යුනිවර්ස් එක, ඔය වගේ. ඉතින් මේ ඔක්කොම අවුල්ජාලා නිරාකරණය කරලා රචකයින්ට ඕන වුණු විදියට අලුතෙන්ම කතාව ලියන්න, එයාලා තීරණය කළා මුළු මල්ටිවර්ස් එකම රීබූට් කරලා දාන්න. ඉතින් ඔන්න ඕක නිසා තමයි 1985දී Crisis on Infinite Earths කියන කොමික්ස් ටික ලියවෙන්නේ.

මේක තමයි DC විශ්වයේ පළමු crisis එක වගේම ප්‍රසිද්ධම crisis එක. “Crisis” එකක් කියලා කොමික්වල හඳුන්වන්නේ මුළු මල්ටිවර්ස් එකටම ව්‍යසනකාරී බලපෑම් ඇති කිරීමට තරම් විශාල crossover events. මේ crisis එක කොච්චර ප්‍රසිද්ධ වුණාද කියනවා නම් CW Arrowverse එකත් මේ කතාව එයාලගේ TV shows වලට adapt කරගත්තා. ඉතින් මේ තියෙන්නේ ඒක DCAMU විශ්වයට adapt කරගන්න විදියයි.

ෆිල්ම් එකට මේ වෙනකොට IMDb දර්ශකයේ 6.4ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 67%ක අගයකුත් ලැබිලා තියෙනවා. Matt Bomer (Flash), Jensen Ackles (Batman), Stana Katic (Wonder Woman), Darren Criss (Superman) ආදී ගොඩක් අය හඬකැවීමෙන් දායක වෙලා තියෙනවා. කලින් ෆිල්ම්වලින් දැකලා පුරුදු මූණු හුඟක් මේ ෆිල්ම් එකේ දකින්න පුළුවන් වේවි.

එහෙම නම්, ෆිල්ම් එක රසවිඳින්නකෝ. 2024 ම නිකුත් වෙන්න නියමිත දෙවෙනි සහ තුන්වෙනි කොටස්වලටත් උපසිරසි අරන් එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සනුප රන්මෙත් (Baiscopelk)
IMDb 6.4 /10 1,464 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Matt Bomer isThe Flash / Barry Allen (voice)
The Flash / Barry Allen (voice)
Jensen Ackles isBatman / Bruce Wayne (voice)
Batman / Bruce Wayne (voice)
Darren Criss isSuperman / Earth-2 Superman (voice)
Superman / Earth-2 Superman (voice)
Meg Donnelly isSupergirl / Harbinger (voice)
Supergirl / Harbinger (voice)
Stana Katic isWonder Woman / Superwoman (voice)
Wonder Woman / Superwoman (voice)
Jimmi Simpson isGreen Arrow (voice)
Green Arrow (voice)
Zachary Quinto isLex Luthor (voice)
Lex Luthor (voice)
Jonathan Adams isMonitor (voice)
Monitor (voice)
Ike Amadi isJ’onn J’onzz / Amazing Man / Ivo (voice)
J’onn J’onzz / Amazing Man / Ivo (voice)
Geoffrey Arend isPsycho Pirate / Hawkman (voice)
Psycho Pirate / Hawkman (voice)

Similar titles

The Expendables (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pravinkoodu Shappu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Premalo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Katak: The Brave Beluga (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaappaan (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mad Max: Fury Road (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි
Dirty Money (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published