CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1852 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 02 [With Ads]
Teen Titans: Trouble in Tokyo (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Teen Titans: Trouble in Tokyo (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 15, 2006United States75 Min.
Your rating: 0
8.5 2 votes
Teen Titans: Trouble in Tokyo (2006) | ටීන් ටයිටන්ලගේ ටෝකියෝ සවාරිය!

අද අරගෙන ආවේ ටිකක් පරණ DC ඇනිමේෂන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම තමයි Teen Titans: Trouble in Tokyo. Teen Titans ලගේ ටෝකියෝ සවාරිය මේකෙන් බලාගන්න පුළුවන්.

ෆිල්ම් එකට IMDb දර්ශකයේ 7ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 75%ක අගයකුත් ලැබිල තියෙනවා. ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නේ Teen Titans (2003) කාටූන් එක ආශ්‍රයෙනුයි. පස්වෙනි සීසන් එකෙන් කාටූන් එක ඉවර වුණත් එතැනින් පස්සේ Teen Titans ලගේ අපි දකින අවසාන වික්‍රමය මේකෙන් බලාගන්න පුළුවන්.

චරිතවලට හඬකවන්න කාටූන් කතා මාලාවේ හඬකැවීම් ශිල්පීන්ම දායක වෙනවා. Greg Cipes (බීස්ට් බෝයි), Scott Menville (රොබින්), Khary Payton (සයිබෝග්), Tara Strong (රේවන්), Hynden Walch (ස්ටාර්ෆයර්) ආදී ශිල්පීන් හඬකැවීමෙන් දායක වෙනවා. එහෙනම් අපි මේ ටීන් ටයිටන්ස්ලා කියන්නේ කවුද කියල බලමු.

DC රසිකයෙක්ට නම් අමුතුවෙන් Teen Titans ල කියන්නේ කවුද කියලා හඳුන්වලා දෙන්න ඕන නෑ. මෙයාලා කොමික් ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ කණ්ඩායමක්. Bob Haney සහ Bruno Premiani විසින් මෙයාලව මුලින්ම හඳුන්වලා දුන්නේ 1964 දී පළ වුණු The Brave and the Bold #54 වන කලාපය තුළිනුයි. එදා ඉඳන් අද වෙනකන්ම කණ්ඩායමේ සාමාජිකයන් වෙනස් වුණත් Teen Titans කියන කණ්ඩායම DC වල ප්‍රධානම කණ්ඩායමක් විදියට ඉන්නවා.

එහෙනම් චරිත ටික ඉක්මනට හඳුන්වලා දෙන්නම්කෝ. මුලින්ම ඉන්නවා කණ්ඩායමේ නායකයා වන රොබින් හෙවත් ඩික් ග්‍රේසන්. රොබින් කියන්නේ බැට්මෑන්ගේ sidekick එක නේ. ඉතින් මෙයත් බැට්මෑන්ට වඩා ලොකු වෙනසක් නෑ. හැමතිස්සෙම එයාලගේ “මෙහෙයුම” ගැනමයි කල්පනාව. විනෝද වෙන්න කාලය වෙන් කරන්නේ නෑ. ඊළඟට ඉන්නවා “ස්ටාර්ෆයර්”. මෙයා පිටසක්වළින් පෘථිවියට ආව කෙනෙක්. පෘථිවියේ සංස්කෘතිය වැඩිය තේරෙන්නේ නැති, හිත හොඳ අහිංසක චරිතයක්. ඒවගේම මෙයා සහ රොබින් අතර ආදර සම්බන්ධයක් ඇති වෙමින් තියෙනවා.

ඊළඟට ඉන්නේ සයිබෝග්. විනෝදෙට කැමති කෙනෙක්. හැබැයි තත්වේ බරපතළ වෙනකොට විශ්වාසය තියන්න පුළුවන් චරිතයක්. ඊළඟට ඉන්නවා “රේවන්”. මෙයා නම් ටිකක් අඳුරු චරිතයක්. අනිත් අයගෙන් ටිකක් වෙන් වෙලා ඉන්න බලන, විනෝදෙට වැඩිය ආස නැති කෙනෙක්. අන්තිමට “බීස්ට් බෝයි”. මෙයාට පුළුවන් තමන් කැමති ඕනම සතෙක් බවට හැරෙන්න. සෙල්ලක්කාර සහ විහිළු තහළුවට බර ගතිය නිසා කවුරුවත් මෙයාව වැඩිය ගණන් නොගත්තට කණ්ඩායමේ බලවත්ම චරිත අතරින් එකක් තමයි බීස්ට් බෝයි. ඉතින් මේ ෆිල්ම් එකේ දී ඔයාලට හම්බවෙන ටයිටන්ලා ඉන්නේ මෙච්චරයි.

කතාව ගැනත් ටිකක් කියලා ඉන්නම්කෝ. ෆිල්ම් එක පටන් ගන්නේ සයිකෝ-ටෙක් නම් අලුත් හතුරෙක් ඇවිත් Teen Titans ලගේ මූලස්ථානය වන Titans Tower එකට පහර දීමෙන්. ටයිටන්ස්ලා මෙයාව අල්ලගෙන ප්‍රශ්න කරනකොට එළි වෙනවා එයාව ටයිටන් ටවර් එකට පහර දෙන්න එව්වේ “බ්‍රෂොගන්” කියලා කෙනෙක් බව. ඉතින් මේක ගැන හොයන්න Teen Titans ලා යනවා “සයිකෝ-ටෙක්” සහ “බ්‍රෂොගන්”ගේ මූලස්ථානය වන ටෝකියෝවට. ඉතින් එතනින් ඉස්සරහට වෙන්නෙ මොනවද කියල ඔයාලා බලලම හොයාගන්නකෝ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සනුප රන්මෙත් (Baiscopelk)
IMDb 7 /10 6,649 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Greg Cipes isBeast Boy (voice)
Beast Boy (voice)
Scott Menville isRobin / Japanese Boy (voice)
Robin / Japanese Boy (voice)
Khary Payton isCyborg (voice)
Cyborg (voice)
Tara Strong isRaven / Computer (voice)
Raven / Computer (voice)
Hynden Walch isStarfire / Mecha-Boi (voice)
Starfire / Mecha-Boi (voice)
Robert Ito isMayor / Bookseller (voice)
Mayor / Bookseller (voice)
Janice Kawaye isNya-Nya / Timoko (voice)
Nya-Nya / Timoko (voice)
Yuri Lowenthal isScarface / Japanese Biker (voice)
Scarface / Japanese Biker (voice)
Cary-Hiroyuki Tagawa isBrushogun (voice)
Brushogun (voice)
Keone Young isCommander Uehara Daizo / Saico-Tek / Sushi Shop Owner (voice)
Commander Uehara Daizo / Saico-Tek / Sushi Shop Owner (voice)

Similar titles

2 Guns (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pudhupettai (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gully Rowdy (2021) With  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Code Name Banshee (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mister (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
New Gods: Nezha Reborn (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain Marvel (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Insight (2021) Sinhala Subtitles | Watch Online
Mohra (1994) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Singa Paarvai (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Man from Earth: Holocene (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published