CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2030 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Days of Glory (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Days of Glory (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 27, 2006Algeria128 Min.
Your rating: 0
6 3 votes
Days of Glory (2006) | විජයග්‍රහණයේ නිරුවත…..

IMDb දර්ශකයේ 7.1 ක් එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලසම්මාන 9 ක් සහ නිර්දේශවීම් 13 ක් ලබාගත්තු දෙවන ලෝක යුද සමයේ ප්‍රංශය වෙනුවෙන් සටන් කල ප්‍රංශ ජාතික සොල්දාදුවන් පදනම් කරගෙන නිපදවූ සුපිරිම ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක 2007 අවුරුද්දේ ඔස්කාර් සම්මන උලෙළේදී හොදම විදේශ භාෂා චිත්‍රපටය සදහා නිර්දේශ උනා. නමුත් ඒ වසරේදීම තිරගත වූ “The Lives of Others (2006) ද්‍රෝහියා ඔබයි……!” ෆිල්ම් එකට ඒ සම්මානෙ ලැබෙනකොට නිර්දේශ වීමෙන් විතරක් සෑහීමකට පත් වෙන්න මේ ෆිල්ම් එකට සිද්ධ උනා.සම්මානෙ නොලැබුනත් මේ ෆිල්ම් එකත් අනිත් එක තරමටම සුපිරි සිනමා සිත්තමක් කියන එකයි මගේ නං හැගීම. තව එක දෙයක් තියෙනවා, සාම්ප්‍රදායික යුද ෆිල්ම් එකක් බලනවට වඩා වෙනස් ඇහැකින් මේක දිහා බලන් හිටියොත් මේ ෆිල්ම් එකෙන්ලෝකයාට කියන්න හදන අයුක්තියට අසාධාරණයට ලක්වෙන සාමාන්‍ය සොල්දාදුවන්ගේ දුක් ගීය ඔබේ හදවතටත් දැනේවි.

මේකේ කතාව දිවෙන්නේ එකිනෙකට වෙනස් ප්‍රංශ ජනපද වලට අයිති සොල්දාදුවො හය දෙනෙක් වටායි.කෝප්‍රල් අබ්දෙල්කාඩර් – මෙයා තමයි කණ්ඩායමේ නායකය වගේම ලියන්න කියවන්න දන්න එකම සොල්දාදුවා. මෙයාට ඕනෙ අනිත් ප්‍රංශ සොල්දාදුවො වගේම සමානාත්මතාවය. මෙයාට අයුක්තිය අසාධාරණය පෙන්නන්නම බෑ. කොයි වෙලාවෙත් පොතක් අතේ තියන් පාඩම් කරන මෙයාගෙ හීනෙ කවදා හරි පලවෙනි පංතියේ සාජන්ට් කෙනෙක් වෙන එක.ස්නයිපර් සෙබල මසාඋද් සූනි – “පරාජිතයා” කියලා පපුවෙ පච්චයක් කොටන් ඉන්න මෙයාට අතර මගදි හම්බ උන ලස්සන ප්‍රංශ කෙල්ලෙක්ගෙ ආදරේ නිසා පිස්සු වැටිලයි ඉන්නෙ. මෙයාට තියෙන එකම හීනෙ ඒ කෙල්ලව කසාද බැදලා දරු මල්ලො හදාගෙන ප්‍රංශෙම කොනක පුංචි පැලක් අටවන් පදිංචි වෙන්න.ඔට්මානී සයීඩ් – පවුලේ දුප්පත්කම නිසාම හමුදාවට බැදුන මෙයා අහිංසකයෙක්. ඇගෙන් නැති උනාට හිතෙන් තවම පොඩි එකෙක් වගේ තමයි හැසිරෙන්නෙ. කොච්චර අහිංසකද කියනවා නං මෙයාට අනිත් අය කතා කරන්නෙ “ගෑනු කොල්ලා” කියලයි. මෙයාගෙ මේ අහිංසක කම් වලින් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම මෙයා කවදාවත්ම කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නෑ. මෙයාට ඕනෙ කොහොම හරි කෙල්ලෙක්ව යාලු කර ගන්නමයි.යසීර් සහ ලාර්බි සහෝදරයෝ – මොරොක්කෝවෙන් ඇවිත් ප්‍රංශ හමුදාවට බැදුන මේ අයිය මලෝ දෙන්නගෙන් යසීර්ට එහෙමත් නැත්තන් අයියට ඕනෙ කොහොම හරි සල්ලි ටිකක් හොයන් ගමට ගිහිල්ල කසාදයක් බැද ගන්න එක.ලාර්බි මල්ලි තමයි අයියගෙ මේ මගෝඩි වැඩ වලට සපෝට් එක දෙන කෙනා. මේ දෙන්නගෙ වැඩේ සල්ලි හොයාගෙන හොරකමේ යන එකමයි. කොටින්ම කිව්වොත් මැරුන ජර්මන් කාරයෙක්ටවත් යහතින් ඉන්න නොදී සුද්දයක් දෙන එක තමා මේ දෙන්නගෙ රාජකාරිය.මාණ්ඩලික සැරයන් රොජර් මාර්ටිනස් – මෙයා තමයි මේ හැමෝගෙම ලොකුම ලොක්කා. මෙයා පිටින් බොහොම සැර පරුෂ කෙනෙක් කියල පෙන්නගෙන හිටියට එයාගෙ අම්මට හුගක් ආදරේ කෙනෙක්. මෙයා හැම වෙලාවෙම එයාගෙ අම්මගෙ ෆොටෝ එකක් සාක්කුවෙ දාගෙන තමයි ඉන්නෙ. ඒත් මෙයා එයාගෙ අම්මා අරාබි ජාතික ස්වදේශීය කාන්තාවක් කියන එක ලෝකෙට කියන්න ලැජ්ජයි. මෙයා කොච්චරවත් කටින් ගේම ගහ ගෙන තමයි ජාමෙ බේර ගන්නෙ.

මේ ෆිල්ම් එකේ කියැවෙන හැම වචනයක් පාසාම හැම රූපරාමුවක් පාසාම ප්‍රේක්ෂකයයා දකින අර්ථයට වඩා එහා ගිය වෙනම අර්ථයක් හංගලා තියන්න අධ්‍යක්ෂවරයා පුදුමාකාර විදියට සමත් වෙලා තියෙනවා. කාලෙකින් ඔබේ හද පතුලටම කතා කරන ෆිල්ම් එකක් බැලුවෙ නැත්තන්, අනිවා මෙන්න ඔයාල හොයපු ෆිල්ම් එක…….. තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හසිත මධුෂාන් (Baiscopelk)
IMDb 7 /10 15,109 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jamel Debbouze isSaïd Otmari
Saïd Otmari
Roschdy Zem isMessaoud Souni
Messaoud Souni
Sami Bouajila isAbdelkader
Abdelkader
Bernard Blancan isSergent Roger Martinez
Sergent Roger Martinez
Mathieu Simonet isCaporal Leroux
Caporal Leroux
Benoît Giros isCapitaine Durieux
Capitaine Durieux
Mélanie Laurent isMargueritte village Vosges
Margueritte village Vosges
Antoine Chappey isLe colonel
Le colonel

Similar titles

Varudu Kaavalenu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Biggest Little Farm: The Return (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් හා ටෙලිග්‍රෑම්  ඩවුන්ලෝඩ් කරන්න
Rachcha (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deadly Escape (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once Upon a Time in Mumbaai Dobara (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Back to the Future Part 3 (1990) Sinhala Subtitles
Chloe (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Updated
Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ford v Ferrari (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lingoccha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published