CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2482 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Chaari 111 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chaari 111 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 01, 2024India127 Min.
Your rating: 0
7.9 14 votes
Chaari 111 (2024) | රුද්‍රනේත්‍රා මෙහෙයුම

2024 මාර්තු 1 වෙනිද නිකුත් වුන මේ තෙළිගු සළරුව පැය 2 යි මිනිත්තු 7ක්‌ පුරාවට දිව යනව..මේක අධ්‍යක්ෂණය කරන්නේ TG Keerthi Kumar කියන තෙළිගු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා..කට්ටියට වැඩිය එයාව මතක නම් නැතුව ඇති.. මේක අයත් වෙන්නෙ Comedy / Action කියන කැටගරි එකට.. අනික ඒක කියන්නත් දෙයක් යෑ.. ඉන්න නළුවාව දැක්ක ගමන් කොමඩි කියලා තේරෙනවනේ..

කොමඩි නළුවෙක් හිටියට ෆිලුමේ සුපිරි ස්ටෝරියක්‌ තියෙනවා.. මරු ෆිලුමක්.. ස්පයි ඒජන්සියක් වටා තමයි කේස් එක යන්නෙ..

ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් තෙළිගු ෆිල්ම් වල ෆිල්ම් වල ප්‍රධාන නළුවෝ එක්ක සහය නළුවා විදිහට රංගනයෙන් දායක වෙන කවුරුත් ආදරේ කරන Vennela Kishore.. කිෂෝර් Main Character කරන මේ ෆිලුම කොමඩි ටයිප් ෆිල්ම් බලන අයට නම් පංකාදු පහයි කියලා කියන්න පුළුවන්..

ඉතුරු කාස්ට් එක පහලින්

Vennela Kishore – ඒජන්ට් චාරි ලෙසින්
Murali Sharma – ප්‍රසාද් රාඕ නොහොත් රුද්‍රනේත්‍රා ප්‍රධානියා ලෙසින්
Samyuktha Viswanathan – ඒජන්ට් ඊෂා ලෙසින්
Pavani Reddy – ප්‍රියා ලෙසින්
Satya – රාහුල් ලෙසින්
Thagubothu Ramesh – බන්ටි ලෙසින්
Brahmaji – ශ්‍රිනිවාස් ලෙසින්
Chaitanya – රාවන් ලෙසින්

විස්තරේ පොඩ්ඩක් කියන්නම්..

හයිද්‍රාබාද් වල හදිස්සියේම බෝම්බ පිපිරීමක් සිද්ද වෙනවා.. හැබැයි මේ පිපිරීමේ කිසිම තැනක බෝම්බ හදන්න භාවිතා කරපු මුලද්‍රව්‍ය හොයාගන්න නෑ.. මේ අතරේ තමයි මහ ඇමතිතුමාගේ අනුමැතිය යටතේ රුද්‍රනේත්‍රා කියල රහස් ඒජන්සියක්‌ පවත්වාගෙන යන්නෙ.. මේකෙන් කෙරෙන්නේ රජයට නීතිය හරහා නවත්තන්න බැරි අපරාද, නීතියට පිටින් ගිහින් විසදන එක.. මේකෙ ප්‍රධානිය විදිහට ඉන්නේ “ප්‍රසාද් රාඕ” කියල හමුදාවෙන් ඉවත් වුන නිලධාරියෙක්.. මෙතුමා නම් අනුමාන කරන්නේ මේක මිනිස් බෝම්බයක් කියලා.. ඔය අතරේ මහ ඇමතිතුමා මේ පරීක්ෂණය කරගෙන යන්න “රුද්‍රනේත්‍රා” ආයතනයට බාරදෙනවා.. හැබැයි මේ පරීක්ෂණය බාර නිලධාරිය විදිහට පත් කරන්න මේ වෙලාවේ නම් කිසිම කෙනෙක් නෑ.. හැමෝම එක එක කේස් වලට බිසී වෙලා ඉන්නේ.. ඔන්න මේ වෙලාවේ තමයි අපේ රාඕ මහත්තයට අකමැත්තෙන් උනත්, කලින් කේස් එකක් දාගෙන සේවයෙන් පහ කරල ඉන්න “චාරි (කිෂෝර්)” කියන ඒජන්ට්ගේ සහය පතන්න වෙන්නෙ.. මෙයා එසේ මෙසේ ඒජන්ට් කෙනෙක් නම් නෙවෙයි ටිකක් ට්‍රැක් අවුට් ආතල් පොරක්.. රාඕ මහත්තය කියන විදිහට නම් මෑන් හැම වැඩක්ම දෙල් කරගන පටන් අරන් අන්තිමට කොහොම හරි කේස් එකත් විසදනවා..කොහොම හරි කේස් එකනේ විසදන්න නේ ඕන 🤭

මොකක්ද මේ මිනිස් බෝම්බ කියන්නෙ.?
මේ චාරි එක්ක මේ කේස් එක විසදගන්න පුළුවන් වෙයිද.?

මේවට උත්තර දැනගන්න මේ සුපිරිය බලන්නම කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා.. මිස් කරගන්න එපා, මොකද මං කිව්වට වඩා ලොකු දෙයක් මේ ෆිලුම ඇතුලේ තියෙනවා.. අනිවාර්යෙන් බලන්න..

Chaari 111 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 5.2 /10 144 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Raaz (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hard Home (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Santhosh Subramaniyam (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fearless (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pirates: The Last Royal Treasure (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Coco (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Airplane! (1980) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Christmas Ransom (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published