CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3670 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 22, 2024India135 Min.
Your rating: 0
9.5 41 votes
Manjummel Boys (2024) | මෙන්න නියම මිතුරෝ
මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

මේ චිත්‍රපටිය ගැන නම් අමුතුවෙන් රසිකයින්ට කියන්න ඕනෙ නෑ. මුලින්ම කියනව නම් මේක තමයි මලයාලි ඉතිහාසෙ එතෙක් මෙතෙක් වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටය. මලයාලි චිත්‍රපටයක් ඉන්දියානු රුපියල් කෝටි දෙසීය පන්නපු පළවෙනි අවස්ථාව.මේ වෙන කොට ඉන්දියානු රුපියල් කෝටි 236ක් ආදායම් ලබල තියෙනවා. කේරළය වනාහී සාපේක්ෂව අඩු ජනගහනයක් නැත්තම් අපේ රටේ ජනගහණයට මදක් වැඩි කෝටි තුනහමාඅරක විතර ජනගහණයක් ඉන්න කුඩා ප්‍රාන්තයක්.අසල් වැසි දකුණු ඉන්දියානු ප්‍රාන්ත වන තමිල්නාඩු, ආන්ද්‍රා,කර්ණාටක ප්‍රාන්ත වල ජනගහනය ඒ වගේ දෙගුණයක් තුන් ගුණයක් වෙනවා. ඒ නිසා කෝටි 100ක ආදායමක් එනව කියන්නෙ ඔවුන්ට ලොකු ගාණක් නොවුනත් කේරළයට කෝටි 50 පන්නනව කියන්නෙත් ලොකු ආදායමක්. ඒත් කෝටි 20 ක බජට් එකකින් කරපු මේක මේ වෙන කොට කෝටි 250ක ආදායමකට ළං කරලා. මලයාලියො දැන් වැඩි වැඩියෙන් තමන්ගෙ සීමාවෙන් ඔබ්බට සිනමාව අරන් යන බවක් පේන්න තියෙනවා. සමස්ථ වශයෙන් 2024 මුල් කාර්තුව තුල ඔවුන් කෝටි 950ක සමස්ථ ආදායමක් හෙව්වේ තවත් විශාලතම සිනමා කර්මාන්තයක් වන බොලිවුඩයට පමණක් දෙවෙනි වෙලා. විශේෂයෙන්ම හිතලම හෝ නැතුව ඔවුන් මේ වැඩි ආදායම් ලාභී චිත්‍රපට රූ ගත කලේ හා ඊට පසුබිම් කතා පුවත නිර්මාණය කලේ කේරළයෙන් පිටත. ප්‍රේමාලු ආන්ද්‍ර, මන්ජුමෙල් බෝයිස් තමිල්නාඩු, ආවේශම් කර්නාටක සහ ආඩුජීවිතම් මැද පෙරදිග පෙදෙස් වල. මේ නිසා ඒ චිත්‍රපට ඒ ඒ ප්‍රාන්ත වල ඉතා ජනප්‍රිය උනා. මේ චිත්‍රපටය තමිල්නාඩුවෙ මේ කාර්තුවෙ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටය උනේ ආයාලන්, කැප්ටන් මිලර් වගේ විශාල දමිළ නිශ්පාදනද අභිබවා ගිහින්. හේතුව පස්සෙ තේරෙයි. කොහොම උනත් මොලිවුඩය මේ කාලෙ දියත් කරන බොක්ස් ඔෆිස් පෙරහරේ හටියට මේ වාර්තා කොපමන කලක් රැඳී තියෙයිද කියන එක ප්‍රශ්ණයක්.

survival drama ඝනයට වැටෙන මේ චිත්‍රපටය ගැන අපූරු තොරතුරු ටිකක් කතා කරමු. ජාන් ඊ මන් අධ්‍යක්ෂණය කරපු චිදම්බරම්ගෙ දෙවන චිත්‍රපටය තමයි මේක. සුපිරි නළු සෞබින් සුහේර් සහ ශ්‍රීනාත් බාෂි සමග තවත් යොවුන් නළුවන් පිරිසක් තමයි මේකෙ රඟපාන්නෙ මේකට පසු බිම් වෙන්නෙ ඇත්ත සිද්ධියක්.

වර්ෂ 2006 දි කේරළයෙ කොචි ප්‍රදේශයේ මංජුමාල් (මංජුමෙල්) නම් කුඩා නගරෙක ක්‍රීඩා සමිතියක තරුණයො කණ්ඩායමක් ට්‍රිප් එකක් යනවා. ඒ තමිල්නාඩුවෙ කඳුකර පෙදෙසක් වන කොඩෙයිකානල් කියන ප්‍රදේශයට.එහි තිබෙන ‘යකාගෙ කුස්සිය’නමින් කලින් හඳුන්වනු ලැබූ පසුව ගුණා කේව්ස් නම ලැබුන ගුහා සංකීර්ණයක් නරඹන්න මේ පිරිස යනවා.1991 දි කමල් හසන් රඟපාපු ගුණා නැමැති එකල ජනප්‍රිය උන චිත්‍රපටයෙ එක් ජනප්‍රිය ගීතයක් (කන්මනි අන්බෝඩු කාදලන්) රූ ගත කරන්නෙ මෙතන. ඒ නිසාම මෙතනට ගුණා කේව් කියන නම පට බැඳෙනවා.තරුණ පිරිස යන්නෙ ඒ ස්ථානය බලන්න. එහි ඇති නතුරු දායක තත්වය මත එතන තහනම් ප්‍රදේශයක් කර තිබුනත් මේ කෙළිලොල් තරුණයින්ට ඒක බාධාවක් නෙමෙයි.ඒක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඇයි අනතුරු දායක කියල හොයල බලන්න එපායැ.

 

ඇත්ත මංජුමෙල් කොල්ලෝ දැන්.මෙහි මයික් එක අල්ලන් ඉන්නේ කුට්ටන්,ඔහුට දකුණු පසින් සුභාෂ්

ඉතිං එතනදි යම් සිදුවීමක් සිදු වෙනවා.ඒ සිදු වීම අවසන් වෙන්නෙ කොල්ලො ටිකට ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා.ඒ කාලෙ සමාජ මාධ්‍ය එතරම් ජනප්‍රිය නැති නිසා මේ සිද්ධිය දැන් වගේ වයිරල් වෙන්නෙ නෑ.කාලයත් එක්කම කතාව යටපත් වෙලා ගියත් කිහිප දෙනෙක්ම ඒක සිනමාවට ගේන්න තැත් කරනවා. ඒත් ඒක සාර්ථක කර ගන්නෙ චිදම්බරම්. ඉතිං දැන් ඔයාලට තේරෙනව ඇති ඇයි තමිල්නාඩු ජනතාව ආදරයෙන් මේක වැලඳ ගන්න හේතුව.මේක වැඩිපුර රූප ගත වෙන්නෙ තමිල්නාඩුවෙොවුන් ආදරය කරන කමල් හසන් සහ ගුනා මේකට පසුබිම් වෙනවා.කමල් හසන් මෙන්ම රජ්නිකාන්ත් පවා මේ චිත්‍රපටය සම්බන්ධයෙන් විශාල ප්‍රසංශාවක් දෙනවා.ඇත්තම කියනවා නම් චිත්‍රපටයක් නිකම් ජනප්‍රිය වෙන්නෙ නෑ. ඒත මේකෙ ත්‍රාසය, කුතුහලය නොඅඩුව රඳවාගෙන ඉතා තාත්විකව ඉදිරිපත් කරනවා. අපිට උනත් හිතෙන්නෙ අපේ කතාවක් වගේ දැනෙනවා.

චිත්‍රපටයෙන් පස්සෙ ජනප්‍රිය ඒකෙ පරණ කතාව නැවත උඩට ඇවිත් ඒ ඇත්ත තරුණයින්ටත් එදාටත් වඩා සෑහෙන ප්‍රසිද්ධියක් එනවා. ඔවුන් දැන් නිතරම විවිධ මාධ්‍යය ඔස්සේ දැක ගන්න පුළුවන් ඔවුන්ගේ සත්‍ය කතා පුවතත් එක්ක.අධ්‍යක්ෂක වරයා ප්‍රේක්ෂකයින්ට රහසක් ඉතුරු කරමින් කරපු අපූරු වැඩක් පසුව හෙළි උනා. ඒ තමයි ඒ ඇත්ත මංජුමෙල් කොල්ලො ටිකත් මේ චිත්‍රපටයෙ එක දර්ශනයකට සම්බන්ධ කර ගැනීම. මුල් හරියෙ මංජුමෙල් කොල්ලො එක්ක මගුල් ගෙදර වළියක් දා ගන්නෙත් ඊට පස්සෙ උන් එක්ක කඹ අදින්නෙත් මේ ඇත්තම මංජුමෙල් කොල්ලො ටික තමයි. ඒක කොයි වෙලාවෙදිවත් කිය වෙන්නෙ නෑ. ප්‍රේක්ෂකයින්ම තමයි හෙලි කර ගන්නේ. ඒ වගේම තමිල්නාඩුවෙ දැන් ගුණා චිත්‍රපටයට නැවත තිර ගත කිරීමකට විශාල ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා කියලත් ආරංචියි.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 8.6 /10 8,156 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Chidambaram
Director

Cast

Soubin Shahir isSiju 'Kuttan' David
Siju 'Kuttan' David
Balu Varghese isSixen John
Sixen John
Ganapathi S Poduval isKrishnakumar 'Kannan'
Krishnakumar 'Kannan'
Lal Jr. isSiju John
Siju John

Similar titles

The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nikamma (2022) Sinhala Subtitles | “Nikamma (2022)” | සිංහල උපසිරැසි සමඟ
Mayaanadhi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lost Bus (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Panther (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Student of the Year (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Six Million Dollar Man (1973) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Monkey King (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published