CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1891 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Speak No Evil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Speak No Evil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 11, 2024United States110 Min.
Your rating: 0
9.8 8 votes
Speak No Evil (2024) | අත්භූත ආගන්තුක සත්කාරය!

 

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑත කාලයේ ඉතා හොඳ විචාරක පැසසුම් ලබාගෙන තිරගත වුණ චිත්‍රපටයක්. මේක 2022 නිකුත් වුණ Speak No Evil කියන ඩැනිෂ් චිත්‍රපටයේ රීමේක් එකක් වුණත් මුල් චිත්‍රපටයට ඉතාම හොඳ සාධාරණයක් කරලා නිපද වුනු නිර්මාණයක් බවට සෑහෙන්න කතා බහට ලක්වුණා. ඒ විතරක් නෙමේ මේ වෙද්දි IMDb 7.0 ඉහල අගයකුත් කුණු තක්කාලි 88% ගන්න සමත් වෙලා තියෙනවා. රේටින් වලින්ම වැඩේ ගැන හිතා ගන්න පුළුවන් ඇතිනේ.

මේක සිනමාශාලාවන් වලට නිකුත් වුණේ ගිය සැප්තැම්බර් 13 වෙනිදා, අන්තර්ජාලයට පිටපත් නිකුත් වුණේ ඔක්තෝබර් පලවෙනිදා. මේක අධ්‍යක්ෂණය කරන්නෙ නම් පට්ටම මූසල ගතියක් තියෙන (අයියෝ මොකක්ද මේ වුණේ? ඇයි එහෙම වුණේ? කියලා හිතෙන) චිත්‍රපට හදන්න නම් දරාපු James Watkins විසින්. ඔහු අධ්‍යක්ෂණය කරපු Eden Lake, The Woman in Black බලපු අය නම් දන්නවා ඇති මං මොකක්ද මේ කිව්වෙ කියලා. ඒ විදිහටම මේ චිත්‍රපටයෙත් ගුප්තබව එහෙම්මම තියෙනවා. ඒ වගේම මේකට රංඟනයෙන් දායක වෙන්නෙත් Split, Atonement, Wanted, X-Men: First Class වැනි චිත්‍රපට වල විවිධ අයුරින් දස්කම් දැක්වූ James McAvoy විසිනුයි. ආයෙ කියන්න දෙයක් නෑ මේ චිත්‍රපටටය සාර්ථක වෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ඔහුගේ රංගනයයි, මේක බලන කොයි කවුරුත් ඒක පිළිගනීවි. ඊට අමතරව මීට එකතු වෙලා තියෙනාවා ඉතාම දක්ෂ නිලියක් වෙන Mackenzie Davis සහ Aisling Franciosi / Alix West Lefler / Dan Hough / Scoot McNairy වැනි අය.

මේකෙ කතාව ගැන නම් මම වැඩි දෙයක් කියන්න යන්නෑ, ඒත් මම මෙහෙම කියන්නම් මේක තනිකරම ගොඩ නැගිල තියෙන්නේ බෙන්, ලුයිස් එයාලගෙ පුංචි දුව ඇග්නස් නිවාඩුවකට ඉතාලි ගිය වෙලාවක හම්බ වුණු නන්නාඳුනන පවුලක් මිත්‍රකරගෙන එයාලගෙ පිටිසර තියෙන ගොවිපලක නිවාඩුවකට යන කතාවක් කියලා. ඒ වගේම මට මේකත් සහතික වෙන්න පුළුවන්, පටන් ගත්තු වෙලාවෙ ඉදන් ඉවර වෙනකල්ම කුතුහලය, අත්භූතබව, ත්‍රාසය මදිනොකියන්න දීල තියෙන වැඩක් කියලා.

එහෙනම් තවත් කතා ඕන්නෑනෙ මේ වගේ කතාවකට ආස අයට බාගෙන බලන්නයි තියෙන්නේ. කතාව ගැනත් වැඩිය නොකීවේ බලනකොටයි ඒකෙ ආතල් එක තියෙන්නෙ නිසා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Bimsara Yashan (ඔලිව) (Baicope)
IMDb 7 /10 32,270 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Age of Adaline (2015)  Sinhala Subtitles
Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The House with a Clock in Its Walls (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knights of the Zodiac (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John Wick 2 (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bikeriders (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Guest (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
All Fun and Games (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Breathe 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Shyamila October 9, 2024 Reply

    Thank you.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published