CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1277 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Mulk (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mulk (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 03, 2018India140 Min.
Your rating: 0
8.5 2 votes
Mulk (2018) | ත්‍රස්තවාදීන්ගේ අඬහැරය..!!

‘අපරාදේ බන් ඩේටා ටික!
වෙලාවත් අපරාදේ..
හෙනම බොරු ෂෝ එකක්…’

2020දි ආපු එක්තරා චිත්‍රපටියක්
ක්‍රියාදාම වලින් පිරුණු,
ආදායම කෝටි 100 ඉක්මවපු..
ඉන්ටනෙට් ආපු ගමන්, වැල නොකැඩි ඩවුන්ලෝඩ් කරලා
පැය දෙකහමාරක් වැය කරලා බලපු
IMDb අගය 2.0ට ආසන්න වුණු
එක්තරා චිත්‍රපටියක්.

චිත්‍රපටිය Play වෙන්න දාලා
ඒක ඉස්සරහා ඉඳගත්තු ඔයාමයි ආයේ නැගිටින්නත් ඇත්තේ.
ඔලුවට එකතු වෙච්ච දෙයක් නම් නෑ.

මේක 2018 චිත්‍රපටියක්..
අවුරුද්ද දැකපු ගමන් ඒ Page එකටවත් එන්නැති
බානවා තියා හිතන්නෙවත් නැති,
පෝස්ටරේ දැක්ක ගමන් පැත්තකට කරලා දාන්න හිතෙන,
බැලු බැල්මට අතිශය සාමාන්‍ය,
එක්තරා චිත්‍රපටියක්.

නමුත් දන්නවද,
මේ පැය දෙකයි විනාඩි 15 අවසානයේ
ඔබ නැගිටින්නේ වෙනස්ම ඔලුවක් එක්ක.
අරගල කරන බුද්ධියක් එක්ක,
හිතන්න ගොඩක් දේවල් හිරකරගත්තු
බර හදවතක් එක්ක.
ඒ වගේම කුතුහලයෙන් බර
හොඳම සිනමා අත්දැකීමක් විඳපු
ගෙවුණු පැය කිහිපය ගැන අතිශය තෘප්තිමත් වෙච්ච
ජයග්‍රාහි ප්‍රේක්ෂකයෙක් විදිහට.

මේ ඔබ නරඹන්නේ 2018 වසරේ,
ඉන්දියාව වැඩියෙන්ම වෛර කරපු චිත්‍රපටිය
ඒ වගේම වැඩියෙන්ම ආදරේ කරපු චිත්‍රපටිය.
ඒ වගේම ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම්,
2019 අප්‍රේල් 21වෙනිදා උදේ 8.45 විනාඩියෙන් ඇරඹුණු
ඒ කාලකන්ණි පරිච්ඡේදය අත්දැකපු කෙනෙක් නම්
මෙය ඔබත් වැඩියෙන්ම වෛර කරන චිත්‍රපටිය වේවි
නැතිනම් ඔබ වැඩියෙන්ම ආදරය කරන චිත්‍රපටිය වේවි.
තමන්ගේ ආකල්පයන් මත ඒ දේ තීරණය වෙයි.
කාවවත් විනිශ්චය කරන්නේ මොකටද?

(Caption : You will Love it or Hate it)

මෑතකදි ජීවන රඟමඩල හැරගිය රිෂී කපුර් සමඟ
කවදත් වෙනස් චරිතයන්ට පණ දෙන තාප්සි පන්නු එක් වන,
අනුභව් සිංහා 2.0ගේ ආන්දෝලනාත්මක පළමු නිර්මාණය
විඳින්න කරන ගෞරවාන්විත ආරාධනයයි මේ.

මෑතකදි වෙච්ච සිදුවීමකට සම්බන්ධ කතාවක් එක්ක සමුගන්නම්!

මැරෙන්න හිතාගෙන ගඟට පැන්නේ දෙමළ කෙල්ලෙක්.
ඒ කෙල්ලව බේරගන්න ගිහින් ජීවිතේ පූජා කරේ මුස්ලිම් කොල්ලෙක්
ඒ කෙල්ලව බේරගත්තේ සිංහල මිනිහෙක්.
මනුස්සකමට කොහෙද බොලව් ජාති බේදයක්??
කවදාහරි, මොකෙක්හරි ඇවිදින්
අපි හොඳ අය, එයාලා නරක අය කියලා
අපිව බෙදන්න හදනවා වගේ නම්,
ගෙදර ගිහින් කැලැන්ඩරේ බලපන්,
ඡන්දෙට තව දවස් කීයද කියලා…!!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මයුර සුරාජ් (Baiscopelk)
IMDb 7.2 /10 21,902 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Rishi Kapoor isMurad Ali Mohammed
Murad Ali Mohammed
Taapsee Pannu isAarti Mohammed
Aarti Mohammed
Prateik Babbar isShahid Mohammed
Shahid Mohammed
Rajat Kapoor isSSP Danish Javed
SSP Danish Javed
Ashutosh Rana isSantosh Anand
Santosh Anand
Manoj Pahwa isBilaal Ali Mohammed
Bilaal Ali Mohammed
Neena Gupta isTabassum
Tabassum
Kumud Mishra isJudge Harish Madhok
Judge Harish Madhok
Sumit Kaul isMehfooz Alam
Mehfooz Alam

Similar titles

Benedetta (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maaya Ka Moh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DNA (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
MAX (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Mocktail (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Amadeus (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samay: When Time Strikes (2003) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Raid (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published