CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1808 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Best of Me (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Best of Me (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 15, 2014United States117 Min.
Your rating: 0
9 5 votes
The Best of Me (2014) | නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ…

මේක එක්තරා අන්දමක අවාසනාවන්ත සිදුවීමකුත් කැටිකරගත් දෙයක්. සමහර දේවල් තියනවා වෙන්න ඕන විදියට, වෙන්න ඕන කාලෙට නෙමේ ඒ දේවල් වෙන්නේ. ඇයි කියල කවදාවත් හිතාගන්න බැහැ දෛවය කියන්නෙ ඒකට වෙන්න පුළුවන්. මේ කියන්න යන්නෙ එහෙම කතාවක් ගැන. මේ ආදර කතාව ලියල තියෙන්නේ දැනටමත් ගොඩක් දෙනෙක් දන්න “නිකලස් ස්පාක්ස්” විසින්. කට්ටියට මතක නැත්තම් Message in a Bottle (1999), A Walk to Remember (2002), The Notebook (2004), Nights in Rodanthe (2008), Dear John (2010), The Last Song (2010), The Lucky One ( 2012), Safe Haven (2013) කියන සිනමාපට වලට පාදක කරගත්ත පොත්වල හිමිකාරයා ඔහුයි. ඒ වගේම ඔහුගේ “The Longest Ride” යන කෘතියත් එම නමින්ම 2015 අප්‍රියල් මාසයේ 10වෙනිදා රිදී තිරයට පැමිණීමට නියමිතයි.

ඉතින් මේ කතාව මේ අන්දමින් සිනමාවට නගන්න පිරිස මෙහෙයුවේ The Last Station (2009) හි මෙහෙයුම්කරු, Michael Hoffman. එයා විසින් මෙහෙයවුණු පිරිස ගැන කියනවනම් Source Code (2011) හි හුන් Michelle Monaghan ප්‍රධාන කාන්තා චරිතය වන “ඇමෙන්ඩා” ලෙසත්, Stuck in Love (2012) හි හුන් Liana Liberato ඇගේ තරුණ අවධිය උදෙසාත් දායක වන අතර, ප්‍රධාන නළුවා ලෙසින් X-Men: Days of Future Past (2014) හි මෙන්ම X-Men සිනේ මාලාවෙහි Scott Summers ලෙසින් දායකවූ James Marsden විසින් “ඩෝසන්” හට පන දෙන අතර, G.I. Joe: Retaliation (2013) හි Cobra Commander ලෙසින් දායක වූ Luke Bracey විසින් ඩෝසන්ගේ තරුණ අවධියට පන පොවයි. අප කවුරුත් හදුනන, Paul Walker. මෙහි ඩෝසන් ලෙසින් එක්වීමට සිටියත් අද ඔහු මෙතන නොසිටින්නේ මන්ද කියා ඔබත් මමත් හොදින්ම දන්නා කරුණක්. එනිසයි පළමුකොටම පැවසුවේ මෙය එක්තරා අන්දමක අවාසනාවන්ත සිදුවීමකුත් කැටිකරගත් දෙයක් යනුවෙන්.

සෑහෙන දේවල් කිවුවා. ඒත් ගොඩක් වැදගත්ම දේවල් වෙන්නේ කියාගන්න බැරුව හිතේ ඉතුරුවෙන දේවල් කියල ‘මෙහෙමත් ආදර කතා’ වලදී කියල තිබ්බා. එක කාලෙකදී මගේ හිතේ අන්න ඒ වගේ දෙයක් තිබ්බා. එක ලස්සන කෙල්ලෙක්. හිනාවෙද්දි සතුටින් පිම්බිලා වල ගැහෙන කම්මුල් දෙකක් තියන මාව සම්පුර්ණයෙන්ම පිස්සු වට්ටපු ඇස් දෙකක්. මම දන්නවා මම මේ දේට ඒ තරම් දක්ෂයෙක් නෙමේ කියල. කෙල්ලෙක්ව අල්ලගන්න මම දක්ෂයෙක් නෙමේ. එයා මගේ ලගම හිටියා උනත් මම දැනගෙන හිටියේ නෑ එයාට ආදරෙයි කියන්නේ කොහොමද කියල. ඊට වඩා අපේ තියන පරතරය. ඔව් මම දන්නවා එයාට දැන් තියන දේවල් දෙන්න තරම් මට හැකියාවක් නැහැ තවම. ඒත් මට දැනට එයාට ලබාදෙන්න පුළුවන් හොදම දෙයක් තියනවා ඒ මගේ අවංක ආදරේ. දිවි තුරාවටම… එයත් ඒක දන්නවා එයා මට ආදරෙයි. කොහොමින් හරි අපි ලං වුනා. ඒත් අන්තිමේදී මම එයාට ලං නොවී හිටපු හේතුව ඉස්මතුවුනා. තාත්තා කෙනෙක්ගේ බලාපොරොත්තුව තමන්ගේ දුවට හොදම කෙනාව ලබාදෙන්න. ඇයට හොද අනාගතයක් උරුම කරවන්න. ඒ අය හොදම කෙනාව මනින මිම්ම වෙනම එකක්. මම දන්නේ නැහැ ඒ මිම්ම හරිද කියල. මොකද මම තවම තාත්ත කෙනෙක්ගේ හැගීම දන්නේ නැහැ, මම දැනට දන්නේ පෙම්වතෙකුගේ හැගීම ගැන විතරයි. ඒත් මට සිද්ද වෙනවා මේ දේ කරන්න. ඔව් සමහර වෙලාවට මටත් එහෙම හිතෙනවා. මම එයාට හිමි හොදම කෙනා නෙමෙයි වෙන්න ඇති කියල. ඒ වගේමයි නරක මිනිස්සුත් එක්ක ගැවසෙද්දී නරක දේවල්මයි සිද්දවෙන්නේ.. දවසක් ඒ වගේ නරක දෙයක් සිද්දවුනා.. ඒ නිසාවෙන් මට යන්න සිද්දවුනා.. කරගන්නම දෙයක් නැති අසරණකමකින් යන්න ගියත්, යම් දෙයක් මම විස්වාස කලා… ‘දෙයක් වේ නම් එය සුදුස්සාටමය යන’ වග. මං කිවුව තමයි මාව අමතක කරන්න කියල.. ඒ දේට හේතුවක් තිබ්බා… ඒ තමා ඔයා… ඔයාගේ සතුට… කවදාකහෝ ඇය ආයේ ඒනම්.. කුළුදුල් ආදරෙත් අරන්… තනිකර ගියාක්මෙන් එදා… නෑ යන්නෙ නෑ ආයෙනම්… මන්දයත්, බැහැ යන්න තව දුරක්… වෙනද මෙන් නොවේ දැන්… පාරන කල පෙර මතක… විඩාවයි දැවුණ හදකට… මෙතෙක් නොකියූ මගේ කතාවේ.. ගැලපුනත් තව වචන… දුරක් නොගොසින් තවත්… නිමාව සටහන් කරමි මෙලෙසින්… යලි එන්න මතු දිනක.. රැගෙන මිහිරි මතක පොද.. විඩාබර, පිපාසිත දෙතොල් අද්දරට සිහිල් දිය බිඳක් සේ… අවසානය වෙත තබමි මෙලෙසින් නිමාව. ඔබ සැමට ජයෙන් ජය!!

~ ඔබට කෙදිනකවත් අමතක නොවූ ආදරය, යලිත් හමුවුනොතින්….? ~

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම වන්දනා හංසනී (Baiscopelk)
IMDb 6.7 /10 78,583 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Michelle Monaghan isAmanda Collier
Amanda Collier
James Marsden isDawson Cole
Dawson Cole
Luke Bracey isYounger Dawson Cole
Younger Dawson Cole
Liana Liberato isYoung Amanda Collier
Young Amanda Collier
Gerald McRaney isTuck Hostetler
Tuck Hostetler
Clarke Peters isMorgan Dupree
Morgan Dupree
Sebastian Arcelus isFrank Reynolds
Frank Reynolds
Jon Tenney isHarvey Collier
Harvey Collier
Sean Bridgers isTommy Cole
Tommy Cole

Similar titles

Oshana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eye (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Mist (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
28 Days Later (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The SpongeBob Movie: Sponge on the Run (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lovely, Dark, and Deep (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fantastic Four (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rocky (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ace Ventura: When Nature Calls (1995)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Year-End Medley (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ice Age: Continental Drift (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published