CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1660 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 25, 2024United Kingdom120 Min.
Your rating: 0
9.5 2 votes
Conclave (2024) | “මහා පාප් සමුළුවේ ගැටලුව”

“Conclave” මීට මාසෙකට විතර කලින් ‘ඒ කියන්නේ ඔක්තෝම්බර් මාසේ නිකුත් වුණු Thriller, Mystery සහ Drama කියන ශානරයන් වලට අයත් වෙන චිත්‍රපටයක්. IMDb 7.5 ක අගයකුත්, කුණු තක්කාලි 93% ක අගයකුත් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Edward Berger කියන සුප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයා විසින්. Robert Harris නම් කතුවරයගේ Conclave කියන නවකතාව පාදක කරගෙන නිර්මාණය වුණු මේ චිත්‍රපටය ඩොලර් මිලියන 32.3 ක බොක්ස් ඔෆිස් ආදායමකට හිමිකම් කියන්න සමත් වෙලා තියෙනවා.

කතාව වෙන්නේ මෙහෙමයි.. මුලින්ම පටන් ගන්නේ වතිකානුවේ එවකට ශුද්ධෝත්තම පාප්වහන්සේ අභාවප්‍රාප්ත වීමේ දර්ශනයෙන්. මේත් එක්කම ශුද්ධ වූ පාප් පදවියයි ආසනයයි හිස් වෙනවා. මේ හින්දා පල්ලියේ පීඨාධිපතිව ඉන්න තෝමස් ලෝරන්ස් ට සිද්ධ වෙනවා තමන්ගේ මූලිකත්වයෙන් නව පාප්තුමෙක්ව තෝරගන්න සමුළුවක් පවත්වන්න. මේ අනුව ලොව නන්දෙසින් කාදිනල්වරුන් රෝමයට එනවා. මැතිවරණයකින් අදාළ බහුතරය ලබාගන්නා අපේක්ෂකයා නව පාප් පදවියේ දිවුරුම් දෙන්න නියමිත කරගෙන කටයුතු සම්පාදනය කරගෙන යනකොට, ලෝරන්ස් පීඨාධිපතිතුමාට තේරුම් යනවා මේ කාදිනල්වරුන්ගෙන් වැඩි දෙනෙක් පාප් පදවිය දරන්න තරම් සුදුස්සෝ නෙමෙයි කියලා. ඒ වෙනුවෙන් නොගැළපෙන විදිහට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන ගියපු අය මේ අතරේ ඉන්නවා කියන එක පීඨාධිපතිතුමාට තේරුම් යනවා. මේ වගේ තත්වයක් යටතේ පාප් පදවිය නුසුදුස්සෙක් අතට පත් නොකර පදවියේ පවිත්‍රබව රැකගන්න ලෝරන්ස් පීඨාධිපතිතුමා දරන උත්සාහය සහ අනිත් කාදිනල්වරුන්ගේ පෙනෙන මතුපිටට යටින් හංගගෙන ඉන්න කළු පැල්ලම් මතුකරගන්න දරන වෑයම මේ චිත්‍රපටයෙන් කියාපානවා. ඒ වගේම විවිධ සරල සංකේත භාවිතා කරලා සංකීර්ණ පණිවිඩ ලබාදෙන බවක් මේ චිත්‍රපටය පුරාවටම දැකගන්න ලැබෙනවා.

කාස්ට් එක පැත්තට හැරුණාම, අපි කවුරුත් දන්න හැරී පෝටර් චිත්‍රපටවල Lord Voldemort චරිතයට වගේම The King’s Man සහ The Reader යන චිත්‍රපටවලටත් රංගනයෙන් දායක වුණු සම්භාවනීය රංගන ශිල්පී Ralph Fiennes, තෝමස් ලෝරන්ස් චරිතයටත්, Carlos Diehz, කාදිනල් බෙනීටෙස් චරිතයටත්, Stanley Tucci, කාදිනල් බෙලීනි චරිතයටත්, John Lithgow, කාදිනල් ට්‍රෙම්බ්ලේ චරිතයටත්, Sergio Castellitto, කාදිනල් ටෙඩෙස්කෝ චරිතයටත් රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය පුරාවටම රංගනයෙන් දායක වෙන හැම රංගන ශිල්පියෙක්, ශිල්පිණියක්ගෙම රංගනය ඉතා හොඳ මට්ටමක තියෙනවා.

ඉතින් ආරාධනා කරනවා ටිකක් වෙනස් මේ චිත්‍රපටය බලන්න, විඳින්න කියලා. නැවත හමුවෙනකන් පරිස්සමින් ඉන්න හැමෝම.

Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මලීෂ බණ්ඩාර (Cinerulk)
IMDb 7.5 /10 22,335 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stargirl (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mugizh (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sumathi Valavu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akshara (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Keeping Mum (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drona (2020) With Sinhala Subtitles
San Andreas (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
One Day (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Break The Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Exorcist: Believer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khuda Haafiz (2020) Sinhala Subtitles | සොඳුරිය වෙනුවෙන් ජීවිතය වුවද පුදමි | සිංහල උපසිරසි

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published