CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
804 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Hameshaa (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hameshaa (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 23, 1997India
Your rating: 0
10 1 vote
Hameshaa (1997) | සදාකාලයටම…

 

Hamesha (1997) චිත්‍රපටයේ 23 වැනි සංවත්සරය සමරමින් කාජල් විසින් පළ කළ ඡායාරූපය (වමේ) එහි පෝස්ටර කිහිපයක් (දකුණේ)
මේ චිත්‍රපයේ කතාවේ මොකක්ද තියෙන්නේ?රාජා (සයිෆ් අලී ඛාන්) සහ යශ් වර්ධන් (ආදිත්‍ය පංචෝලි) ළමා කාලයේ මිතුරන්. ඔවුන් වෙනස් පසුබිම්වලින් පැමිණියත්, රාජා මධ්‍යම පාන්තිකයෙකු වන අතර යෂ් ධනවත් වුවද, ඔවුන් එකිනෙකා සහෝදරයන් ලෙස සලකනවා. ඔවුන් දෙන්නා ඔට්ටුවක් අල්ලලා මෝටර් රථ ධාවන තරඟයකට සම්බන්ධ වෙනවා. එහිදී යශ් තම මිතුරාගේ ජීවිතය අවදානමේ හෙළමින් ඔට්ටුව දිනන්න උත්සාහ කරනවා.  මේ අතර හදිසියේම වෛද්‍යවරයෙකුගේ දියණියක සහ දක්ෂ ශිෂ්‍යාවක් වන රාණි ෂර්මා (කාජල් මුකර්ජි),  ඔවුන් දෙදෙනාම යන විද්‍යාලයට ඇතුළත් වෙනවා. රාජා තම විද්‍යාලයේදී රාණි හමුවෙනවා. පළමු බැල්මෙන්ම ක්ෂණිකව ඇය කෙරෙහි ආදරයක් ඔහු තුල හටගන්නවා. රාණි මුලින් මෙයට අකමැති වුණත් නමුත් රාජාගේ ආකර්ශනීය බව ක්‍රමයෙන් ඇය කෙරෙහි බලපානවා. රාජා ඇයට තම ආදරය ප්‍රකාශ කිරීමට ඇයව සන්සෙට් පොයින්ට් නම් සුන්දර දර්ශනයක් සහිත බිහිසුණු ප්‍රපාතයක් ලඟට එන්න කියනවා. එය වැසි සහිත දිනයක් වන නිසා රාණි කුණාටුවකට හසුවෙනවා. යශ් අහම්බයෙන් සිය මෝටර් රථයෙන් එතැනින් මාර්ගයේ යද්දී රාණි ඔහුගෙන් ඉල්ලනවා තමන්ව සන්සෙට් පොයින්ට් වෙත ඇරලවන ලෙස. ඇයගේ සුන්දරත්වය දකින යශ් ඇය කෙරෙහි ආදරයෙන් බැඳෙනවා. යෂ්ගේ ලේන්සුවෙන් සිය ශරීරයේ තෙත පිසදමන රාණි ඒ ලේන්සුව නැවත ඔහු වෙත ලබාදෙනවා. එය ඔහුට ආදරයේ සිහිවටනයක් වෙනවා. කෙසේ හෝ ඔහු ඇයව සන්සෙට් පොයින්ට් වෙත ඇරලවනවා. ඔහු ඇයට එහි කතා කළේ මන්දැයි සොයා ගැනීමට ඇය රාජා හමුවීමට දිව යනවා. රාජා ඇයට තම ආදරය ප්‍රකාශ කරනවා, එහෙත් ඇය ඔහුව ප්‍රතික්ෂේප කරනවා. රාජාට නොසලකා හරින ලද බවක් දැනෙන අතර ඇය කෙරෙහි ඇති ඔහුගේ ආදරය ඔප්පු කිරීම සඳහා, ඇයගේ ප්‍රතිචාරය බැලීමට පර්වතයේ අද්දර සිට පසුපසට යාමට උත්සාහ කරමින් ඔහු සියදිවි නසා ගැනීමට උත්සාහ කරනවා. රාණි ඔහු වෙනුවෙන් ඉතා පහසුවෙන් තම ජීවිතය දීමට ඇති කැමැත්ත දකින අතර ඔහුගේ ආදරය සැබවින්ම සැබෑ විය යුතු බව වටහා ගන්නවා. අවසාන මොහොතේ රාජා පර්වතයෙන් වැටීම වළක්වා ගැනීමෙන් පසු, ඔවුන් එකිනෙකා කෙරෙහි ඇති හැඟීම් ප්‍රකාශ කරනවා. 
 
මේ අතර යශ් විවිධ හේතු යොදාගනිමින් රාණි හමුවීමට නිවසට යන අතර සිය මිත්තණියගේද ආධාරයෙන් රාණිව විවාහ කරගන්නට සැලසුම් කරනවා. යශ්ගේ ආදරවන්තියත් රාජාගේ ආදරවන්තියත් එකිනෙකා හඳුන්වා දීමට යශ් සහ රාජා තීරණය කරමින් ඔවුන් දෙදෙනා සිය පෙම්වතියන් ද සමඟ සන්සෙට් පොයින්ට් වෙත පැමිණීමට එකඟ වෙනවා. රාජා රාණි සමඟ පැමිණෙන අතර එතැනට පැමිණෙන යශ් ඔවුන් එකට සිටිනු දැක කම්පනයට පත් වෙනවා. පසුව රාජා යශ් හමුවීමට ප්‍රපාතය අද්දරට යනවා. එහෙත් යශ්ගේ පෙම්වතිය තමන් ආදරය කරන පෙම්වතියම බව රාජා දන්නේ නැහැ; යශ් තමන්ට ආදරය කරන බව රාණි දන්නෙත් නැහැ. එතැනදී ඇතිවන සංවාදයෙන් පසුව රාජා පර්වතය අද්දරදී සිය මිත්‍රයා කෙරෙහි ඇති විශ්වාසය පෙන්වීමට යෂ්ගේ අත අල්ලාගෙන ප්‍රපාතයට නැඹුරු වෙනවා. මෙය අවස්ථාවක් කරගන්නා යශ් සිය පෙම්වතිය රාජා ආදරය කරන රාණිම බව පවසමින් රාජාගේ අත අතහැර ඔහුව ප්‍රපාතයට වැටෙන්න සලස්වනවා. මෙය දකින රාණි එතැනට දුව එන විටත් සියල්ල සිදුවී අවසානයි. මේ වෙලාවේ රාණි මොකක්ද කරන්නේ? යශ්ට කෝපයෙන් බැණවදිමින් සත්‍ය ආදරය වෙනුවෙන් තමන් දෙදෙනා යළි ඉපදෙන බව පවසමින් ප්‍රපාතයට පැන දිවිනසා ගන්නවා. යශ්ට ඇයව නතර කරගන්නට නොහැකි වෙනවා. සිනමාපටයේ ඉතුරු කොටසේ තියෙන්නේ ඔවුන් දෙදෙනාගේ ඊළඟ ආත්මයේ කතාව. වසර ගණනාවකට පසුව, රේෂ්මා නමින් යළි උපදින රාණි නළඟනක් ලෙස රැකියාවේ යෙදෙන අතර අහම්බෙන් සඟරාවක පළ වුණු ඇයගේ රුව, මැදිවියේ සිටින යශ්ගේ නෙත ගැටෙනවා. ඔහු ඇය වෙත ලඟා වීමට උත්සහ කරනවා. ඔහුගේ උත්සාහය සාර්ථක වෙයිද? රේෂ්මා යශ්ට කැමති වෙයිද? මේ අතර රාජා දැන් ඉපදී සිටින්නේ කොහෙද? රාජාගේ නැවත ඉපදීමට රේෂ්මා සමඟින් එකතු වන්නට හැකි වෙයිද? මේ දේවල් සිනමාපටය බලලම දැනගන්න.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 5.1 /10 754 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sanjay Gupta
Director

Cast

Saif Ali Khan isRaja/Raju
Raja/Raju
Kajol isRani Sharma/Reshma
Rani Sharma/Reshma
Aditya Pancholi isYash Vardhan
Yash Vardhan
Kader Khan isRaju's Chacha
Raju's Chacha
Satyendra Kapoor isReshma's Father
Reshma's Father
Milind Gunaji isPolice Inspector
Police Inspector

Similar titles

Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veera (2011) Sinhala Subtitles | හිත හොඳ වීරයා… [සිංහල උපසිරැසි සමඟ]
Vaashi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
One Friday Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Visfot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
127 Hours (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chef (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nannu Dochukunduvate (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Edge of the World (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oshana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jo and Jo (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published