CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
937 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 15, 2001India182 Min.
Your rating: 0
1 1 vote
Gadar: Ek Prem Katha (2001) | බිහිසුණු කෝලහාලයක් මැද එක් ආදර කතාවක්…

 

1947 ඉන්දියානු බෙදීමේ ප්‍රචණ්ඩකාරී අවධියේදී, සංක්‍රමණික ජනගහනය ඉන්දියාවේ සහ පාකිස්තානයේ අලුතින් පිහිටුවන ලද දේශසීමා වෙනුවෙන් ගැටුම් ඇතිවෙනවා.  මෙහිදී හින්දු මුස්ලිම් ගැටුම් නිසා දේශසීමා ඔස්සේ බලහත්කාරයෙන් යවනු ලැබූ සංක්‍රමණිකයන් ගමන් කළ දුම්රිය වලට විවිධ කල්ලි වල ප්‍රහාර එල්ල වී ජීවිත විනාශ වීම් සිදුකරනවා. මේ කෝලහාල මධ්‍යයේ අශ්රොෆ් අලී නම් මුස්ලිම් ව්‍යාපාර හිමියාටත් සිය පවුල සමඟින් ලාහෝරයට යන්නට සිදුවෙනවා. එහිදී දුම්රියට ගොඩ වීමේදී ඔවුන්ට සිය දියණිය සකීණා මඟහැරෙනවා. ජීවිත බේරාගනිමින් පලා යන මුස්ලිම්වරුන්ට පෑගීමෙන් ඇයට තුවාල සිදුවෙනවා. දුම්රිය ස්ථානයේ ඇද වැටී සිටින ඇයව, මුස්ලිම්වරුන් ඝාතනය කිරීමට සහභාගී වූ ඉන්දියානු සික් ජාතික තාරා සිංට හමුවන්නේ මේ කෝලහාල සහගත තත්වයන් අතරමඟදී. ඔවුන්ගේ විද්‍යාල අවධියේ හිතවත්කම නිසා ඔහු ඇයව හඳුනාගෙන, ඔහු ඇයව සතුරු මැර පිරිසකින් ආරක්ෂා කරගන්නවා. ඇයව ආරක්ෂා කිරීම සඳහා, ඔහු ඇගේ නළලට ලේ ආලේප කර, සංකේතාත්මකව ඇයව තම සික් බිරිඳ ලෙස ප්‍රකාශ කරනවා. මේකෙන් පස්සේ චිත්‍රපටය ගමන් කරන්නේ එයාලා දෙන්නගේ පාසල් කාලයේ මතකයන් දක්වා. විද්‍යාලයට සැපයුම් බෙදා හරින ට්‍රක් රථ රියදුරෙක් වන තාරා, ගායනය සඳහා ආශාවක් ඇති අයෙක්. මුලදී, සකිනාගේ මිතුරියන්, ඔහුගේ කම්කරු පසුබිම නිසා, ඔහුව රවටමින් විහිලුවට ලක් කරනවා. පස්සේ ඔහුගේ ගායනයක් අහලා ඔහුගේ දක්ෂතාවය ඔවුන් හඳුනා ගන්නා අතර ඔහුගේ ගායනයෙන් ඔවුන්ව විශ්මයට පත් කරනවා. ඔහුගේ දක්ෂතාවය ගැන පැහැදෙන සකීණා, ඔහුගෙන් සමාව ඉල්ලා, විද්‍යාල බලධාරීන් හමුවේ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වී, විද්‍යාල උත්සවයකදී ඔහුට ගයන්නට අවස්ථාවක් ලබා දෙනවා. ඒ මේ සිනමා පටයේ තියෙන හරිම උද්යෝගීමත්, ලස්සනම ගීතයක්.

“මං පිටත් වුණා, මගේ රථය අරගෙන….

ගමනේදී, අතර මඟදී, එක හන්දියක් ආවා,

මා එහි හදවත හැර දමා ආවා!”

මේ අනුව ඔවුන් අතර සමීප සම්බන්ධතාවයක් ඇති වෙනවා වගේම තාරා විද්‍යාලයේ තවත් ජනප්‍රිය වෙනවා. සකිනාගේ විද්‍යාල උපාධිය ලැබීමෙන් පසු, තාරා ඇයට වෙන්වීමේදී ත්‍යාගයක් ලෙසින් කුඩා ටජ්මහල් අනුරුවක් ලබාදෙනවා. ඒ තමයි අතීත කතාව.

ඉන්දියාව බෙදීමේ භීෂණය ඉක්මනින්ම තාරාගේ පවුල ගිල ගන්නවා. සංක්‍රමණය වීමට උත්සාහ කරන ඔහුගේ දෙමව්පියන් සහ සහෝදරියන් මුස්ලිම් පිරිසක් විසින් පහර දෙන ලද දුම්රියකදී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබෙනවා. තාරා මෙම සංහාරය දකින අතර, ඔහුගේ පළිගැනීමේ ක්‍රියාවන්ට ඉන්ධන සපයනවා. කෝපයට පත් අනෙකුත් හින්දු සහ සික්වරුන් සමඟ, ඔහු පාකිස්තානයට පලා යන මුස්ලිම්වරුන්ට එරෙහිව සමූලඝාතනවලට සහභාගී වෙනවා. හදිසියේ සිය අතීත ප්‍රේමය වන සකීණා හමුවීමෙන් පසුව ඔවුන් දෙදෙනා එක්ව ජීවත් වන්නට තීරණය කරන්නේ සික් ජාතික අසල්වැසියන් සහ හිතවතුන්ගේ විරෝධය මධ්‍යයේදීයි. ඇගේ පවුලේ සියලු දෙනා මරා දැමුණු බව ආරංචි වී සකීණා තාරාගේ ජීවිතයට ඒකාබද්ධ වෙනවා. ඇගේ ආගමික පසුබිම නිසා සමාජ පීඩනයට මුහුණ දෙමින්, ඇය සරණාගත කඳවුරකට යාමට තීරණය කරනවා. කෙසේ වෙතත්, තාරා කෙරෙහි ඇති ඇගේ ආදරය අවබෝධ කරගත් ඔවුන් විවාහ වෙනවා. කෙසේ හෝ තාරාගේ ඥාතීන් ඇයව පිළිගන්නවා. 

“උද්‍යාන වල එකම පැද්දිල්ලකි, ඉදී බරවුණු අඹ පල….

මේ කෙටිම කෙටි ජීවිතයේ, රාත්‍රීන් දිගයි… දිගයි…

ගෙදර එනු මැන විදේශිකයාණෙනි,

ඔබෙත් මගෙත් ජීවිත එකක් වෙලා.”

කාලයත් සමඟ ඔවුන් ජීට් නම් පුතෙකු ලබනවා. මේ අතර හදිසියේ සකීණා දැනගන්නවා තමන්ගේ පියා, අශ්රෝෆ් අලී ජීවතුන් අතර ඉන්නා බව. ඒ වෙද්දී ඔහු ලාහෝරයේ නගරාධිපතිවරයෙක්. දුරකථනයෙන් ඔවුන්ට අමතන ඇය පිළිගැනීමට අශ්රොෆ් අලී ගුවන් යානයක් එවනවා. එහෙත් වීසා සම්බන්ධ ප්‍රශ්නයක් නිසා පුතාට ගුවන් යානයට යන්නට නොහැකි වීම නිසා සකීණා පමණක් ගුවන් යානයෙන් යවන්නේ, වීසා ප්‍රශ්නය විසඳා ගත් පසුව තාරා සිය පුතා ද සමඟින් යළි එන බව කියමින්. ප්‍රශ්නය ආරම්භ වෙන්නේ පවුල සමඟ එක්වන සකීණා වෙනත් මුස්ලිම් මිනිසෙක්ට විවාහ කරවීමට අශ්රොෆ් අලී උත්සාහ කිරීමත් සමඟයි. වීසා ලබාගැනීමට පැමිණෙන තාරා දැනගන්නවා දරුවාගේ වීසා පමණක් නොව තමන්ගේ විසා ද අවලංගු කෙරී ඇති බව.

“අප වෙන් වී ගියෙමු, මං මුලා වී සිටිමු…

එහෙත් අප හමු වුණොත්, අප හමුවේවි..

මෙය මතකයේ තබා ගනු මැන,

මා වෙනුවෙන් රැඳි සිටිනු මැන.”

 සකීණා ඉන්දියාවේදී බලහත්කාරකමින් තබාගෙන සිටි බවට අශ්රොෆ් ව්‍යාජ පුවත් යවමින් තාරාට අපහස කරනවා. මේ සියල්ල මැද, නෛතිකව පාකිස්ථානයට යන්නට අයිතිය නිර්දය ලෙස අහිමි කිරීමෙන් පසුව තාරා සිං යළිත් සිය බිරිඳ සොයා සිය පුතු චිරංජිත් සමඟින් අනීතිකව පැමිණෙන්නට තීරණය කරනවා. ඒ ගමන අතරතුර ඔවුන් කුමන අත්දැකීම් වලට මුහුණ දෙනු ඇතිද? ඔවුන්ට සකීණා හමුවෙනු ඇතිද? 

 

සකීණාගේ ඉරණම කවුරුන් සමඟ විසඳෙනු ඇතිද? ප්‍රේමයේ සහ මානව බැඳීම් වල අගයත්, වර්ගවාදී ඝට්ටනයන්ගේ අනිසි ඵලයන් ද විදහා දක්වන මේ සුන්දර සිනමා පටය නරඹලා කතාවේ ඉතුරු ටික සිංහල උපසිරැසි සමඟින් දැනගන්න එහෙනම්. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 7.3 /10 16,023 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

A. Shital
Director

Cast

Sunny Deol isTara Singh
Tara Singh
Amrish Puri isAshraf Ali
Ashraf Ali
Vivek Shauq isDarmiyaan
Darmiyaan
Utkarsh Sharma isCharanjeet
Charanjeet
Pramod Moutho isTara's Father (Gurdeep)
Tara's Father (Gurdeep)
Mushtaq Khan isGul Khan
Gul Khan

Similar titles

Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Croods (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Flew Over the Cuckoo’s Nest (1975) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mura (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kirik Party (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Queen of the Ring (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detective Chinatown (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boyka: Undisputed 4 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Semma Botha Aagatha (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published