CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4857 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Blue Is the Warmest Colour (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Blue Is the Warmest Colour (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Oct. 09, 2013France180 Min.
Your rating: 0
8 22 votes
Blue Is the Warmest Color (2013) | සම්මත සමාජයෙ අසම්මත ප්‍රේම වෘතාන්තය… (18+)

කස්ටියට බලන්න මේ පාර අරගෙන ආවෙ ප්‍රංශ චිත්‍රපටයක්. ඒකත් නිකම්ම එකක් නෙමෙයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.9 හිමිකරගිමින් 2013 වසරේ ප්‍රංශයේ පැවති කාන් සිනමා උළෙලේ වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් සුපිරි සලරැවක්. බයිස්කෝප් ගැන හොදට දන්න කස්ටියනම් මේ සලරැවගැන විස්තර දන්නවා ඇති. මොකද සම්මානයට පාත්‍රවුන කාලයෙ ලංකාවෙ පුවත්පත්වලයි ගොසිප් වෙබ්අ ඩවිවලයි මේ ගැන විස්තර පලවුනේ හිටු කියලා. ඊට කලින් කියන්න ඕනෙ උඩ 18+ කියලා දාලා තිබුනට මේක 21+ චිත්‍රපටයක්ඒ කියන්නෙ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.

මෙහි කතාව දිවයන්නෙ දහඅට හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්වන ඇඩෙල් කියන ගෑණුළමයා වටා. මේ ඇඩෙල් තමන්ගෙ පාසලේම ඉන්න තෝමස් කියලා පිරිමිළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගන්නවා. හැබැයි තෝමස් තමන්ගෙ අවශ්‍යතාවයන් ඉටුකරගත්තට පස්සෙ ඇඩෙල්ව අතාරිනවා .තමන්ට හැමදෙයක්ම නැතිවුනා කියලා ඇඩෙල් දුක්වෙනවා. මේ අතරතුරේ ඇඩෙල්ට අහම්බෙන් වගේ එමා කියන ගෑණුළමයව හම්බෙනවා. එමා ටිකක් අමුතු කෙනෙක්. කෙල්ලෙක් උනාට වැඩකරන්නෙ හරියට කොල්ලෙක් වගේ. ඉතින් කාලයක් යනකොට ඇඩෙල් සහ එමා හොද මිතුරියන් බවට පත්වෙනවා. ඒ යාළුකම කෙමෙන් කෙමෙන් ආදරයකට හැරෙනවා.මෙන්න මෙතන ඉදන් එමා සහ ඇඩෙල්ගෙ අසම්මත ආදර කතාව තමයි ඉදිරියට ඇදෙන්නෙ. කෙටියෙන් කියනවනම් මේක ඇවිල්ලා ආදරය, වෛරය, විරහව, කාමය, යුතුකම් සහ වගකීම් ගැන කියවෙන නුතන සමාජයට ගැලපෙන විචිත්‍රවත් සලරැවක් විදිහට හදුන්වන්න පුලුවන්.

අපේ සහෝදරයෙක් උපසිරැසි ලබාදුන්න Fatal Attraction සලරැවට එක්තරා පුද්ගලයෙක් චෝදනාකරලා තිබුනා බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය මගින් අසභ්‍ය චිත්‍රපට ලබාදීලා ලාංකීය ජනසමාජය නරක් කරනවා කියලා. ඇත්තටම ලංකාවෙ සමාජය අලුතින් නරක් කරන්න දෙයක් තියනවද? කොළඹ ජනප්‍රිය බාළිකා පාසල්වල සහ කොක්ගල, කටුනායක, බියගම යන වෙළෙද කලාපවල මේ අසම්මත කතාව බරට නැගලා යනදෙයක්. ඒ විතරක් නෙමෙයි හමුදාවෙ සෙබලියන් දෙදෙනෙකු අතරද අසම්මත සබදතාවයක් පවත්වගෙන ගිහිල්ලා ඒක අන්තිමට කෙලවරවුනේ මිණීමැරැමකින්. ඒ වගේම පහුගියදා රාගම ප්‍රදේශයේ පාසල් සිසුවියක් දුම්රියට පැන සියදිවිනසාගන්න හේතුවුනේද ගුරිවරියන් දෙදෙනෙකුගෙ අසම්මත සබදතාවයක්. මේ කිව්වෙ මාධ්‍ය ඇසට හසුවූ සිදුවීම් පමණයි. බටහිර රටවල්වල අසම්මත සබදතා නිසා පවුල් සංස්ථා බිදවැටුනට මිණීමරාගන්න සියදිවිනසාගන්න තරම් පහත් තත්වය ඒ රටවල් ඇදවැටුනෙ නැහැ. මේකට ප්‍රධාන හේතුවවෙලා තියෙන්නෙ නොදැනුවත්කම. ඕනම මනුස්සයෙකුට හැගීම් කියලා දෙයක් තියනවා. ඒ හැගීම තමන්ට විරැද්ධ ලිංගිකයෙකුට වගේම සමාන ලිංගිකයෙකුටද ඇතිවෙන්න පුලුවන්. ඒක තමයි මිනිස් ස්වභාවය. නමුත් ලංකාවෙ මිනිස්සු බහුතරයක් ඒ සත්‍ය තේරැම් අරගෙන නැහැ. ආගමින් සහ සංස්කෘතියෙන් ඒ සත්‍ය බැහැරකරලා. ඒක නිසා තමයි බටහිර රටවලට වඩා ලංකාවෙ සමාජය පරිහානියට පත්වෙලා තියෙන්නෙ. ලිංගිකත්වය ගැන කියවෙන චිත්‍රපටයක්, ටෙලිනාට්‍යයක් එළි දැක්වුවහම හැමෝම දොස් කියනවා. ඕවා අපේ රටට, සංස්කෘතියට ගැලපෙන දේවල් නෙමෙයි කියලා. නමුත් ඊට වැඩිය දරැණු දේවල් හැංගිහොරා මේ ලංකාවෙ වෙනවා කියලා ඒ අය දන්නෙ නැහැ. සිනමාවෙ ප්‍රමුඛ අරමුණක් තමයි රසවින්දනය සමඟ දැනුමට යමක් ලබාදීම. ඒ වගේම සමාජය ගොඩනැගීම. මගේ මතය නම් හැමදාම බලන ෆැන්ටසි චිත්‍රපටය පොඩ්ඩකට පැත්තකින් තියලා මේ වගේ චිත්‍රපටත් බලන්න ඕනෙ කියනඑක. මොකද ලංකාවෙ මිනිස්සු සමාජ සම්බන්ධතා ගොඩනගාගන්න ආකාරය වගේම පවත්වගෙන යනආකාරය හරිම දුර්වලයි. මේ වගේ චිත්‍රපටවලින් නරක්වෙලා තියන සමාජය පොඩ්ඩක් හරි හොද අතට ගන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලක්ෂාන් නිලංක ජයසූරිය (Baiscopelk)
IMDb 7.7 /10 168,141 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Arcadian (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Striking Rescue (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saroj Ka Rishta (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Diamond (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Caught In Time (2020) Sinhala Subtitles
Padmaavat (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Secret Superstar (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Princess Switch: Switched Again (2020) With Sinhala Subtitles
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Radhe Shyam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Monica, O My Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • sandyyyyy April 4, 2025 Reply

    was searching for this. great.

  • Sampath April 10, 2025 Reply

    අන්තිමට දාලා තියෙන කතාවට නම් එකගයි… මිනිස්සු හැමදෙයක්ම තෙරැම් ගන්නෙ වැරදියට,🙂

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published