CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1266 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 24, 2024South Korea108 Min.
Your rating: 0
9.7 6 votes
Harbin (2024) | කොරියානු නිදහස වෙනුවෙන් සටන
අද සබ් අරගෙන ආවේ බොක්ස් ඔෆිස් වාර්තා තියපු ගින්දර ෆිලුමකට. නම තමා Harbin. මන් නම් පෞද්ගලිකවම මේක එනකම් ඇගිලි ගැන ගැන ඉදියේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 24 වෙනිදා තමා Harbin තිරගත වුනේ. ඒත් OTT රිලීස් වුනේ නම් මේ සතියේ. ඩොලර් මිලියන 33.5ක සාර්ථක ආදායමක් ලබාගෙන ගිය අවුරුද්දේ කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 6වෙනි ස්ථානයටත්, මේ අවුරුද්දේ කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 2වෙනි ස්ථානයටත් එන්න Harbin සමත් වෙනවා. Action, Historical, Crime, War ගනයන්ට අයිති වෙන Harbin පැයයි මිනිත්තු 48ක් පුරාවට ගලාගෙන යනවා. Inside Men, The Drug King, The Man Standing Next වගේ සුපිරි චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Woo Min Ho තමා Harbin එකේ තිර රචනය වගේම අධ්‍යක්ෂණය කරන්නේ.
එහෙනම් දැන් කාස්ට් එක පැත්තට යමු. ආයේ ඉතින් කාස්ට් එක නම් නෙක්ස්ට් ලෙවල්. Hyun Bin, Park Jeong Min, Jo Woo Jin, Jeon Yeo Been, Lee Dong Wook, Park Hoon, Yoo Jae Myung වගේ ක්ෂේත්‍රයේ ඉන්න සුපිරිම නළු නිළියෝ සෙට් එකක් තමා මේකේ ඉන්නේ. මන් පෞද්ගලිකවම කැමතිම නළු නිළියෝ සෙට් එකක් තමා මේකේ ඉන්නේ. Cinematography, Action, Performance හැම අතින්ම Top Notch වැඩක් තමා මේක. අනිවාරෙන් එක තත්පරයක් නෑර කුතුහලෙන් බලන්න පුළුවන්.
           
      CAST – රංගන දායකත්වය》 
• Hyun Bin – අන් ජුන්ග් ගුන්
• Park Jeong Min – වූ දොක් සුන්
• Jo Woo Jin – කිම් සන්ග් හ්යුන්
• Jeon Yeo Been – මිස් ගොන්ග්
• Lee Dong Wook – ලී චන්ග් සොප්
• Park Hoon – මොරි ටට්සුඕ
• Yoo Jae Myung – චෝයි ජේ හ්යුන්ග්
     
             《Summary – සාරාංශය》 
අන් ජුන්ග් ගුන්.. කොරියානු චිත්‍රපටි බලන කෙනෙක්ට නම් සමහරවිට මේ නම හුරු ඇති. කොරියානු ඉතිහාසය ගැන කියද්දි අමතක කරන්නම බැරි චරිතයක් තමා මෙයා. කොරියානු නිදහස් සටන්වල සුවිශේෂී සන්ධිස්ථානයක් වෙන 1909 දී ජපන් අගමැති ඉටෝ හිරොබුමිව ඝාතනය කරන්නේ මේ අන් ජුන්ග් ගුන්. ඉටෝ හිරොබුමි කියන්නේ ඒකාලේ මුළු නැගෙනහිර ආසියාවටම හිසේ රුදාවක් වුන කෙනෙක්. ඔන්න ඔය කාරණේ හින්දා අන් ජුන්ග් ගුන් කියන්නේ ජාතික වීරයෙක් විදියට කොරියාවේ තාමත් ගෞරවයට පාත්‍ර වෙන චරිතයක්. එයාට උපහාර විදියට මෙහෙම චිත්‍රපටි හැදෙන එකෙන්ම ඒක තේරෙනවා ඇතිනේ. ඉතින් මේ ෆිලුම ගලාගෙන යන්නේ අන් ජුන්ග් ගුන්ගේ ජීවන කතාවේ අන්තිම පරිච්ඡේදයේ කිව්වොත් හරි. මේ පල්ලෙහා රූපේ තියෙන්නේ අන් ජුන්ග් ගුන්ගේ සැබෑ ඡායාරූපයක්.
            
එහෙනම් දැන් ෆිලුම පැත්තට යමුකෝ. 1905දී ඒකාලේ ජපන් අගමැති වුන ඉටෝ හිරොබුමි, උල්සා ගිවිසුම ගෙනල්ලා කොරියාව ජපානයට ඈදා ගන්නවා. ජපන් ආරක්ෂාව ලබා දෙනවා කියලා ගෙනාපු ගිවිසුමෙන් වුනේ කොරියාව ජපානයේ යටත් විජිතයක් වුන එක. මෙන්න මේ කාලේ කොරියාවේ නිදහස වෙනුවෙන් සටන් පටන් ගන්නවා. ඔන්න ඔහොම නිදහස වෙනුවෙන් සටන් වැදුනු කොරියානු නිදහස් හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයෙක් අන් ජුන්ග් ගුන් කියන්නේ.
     
1909දි ඉටො උල්සා ගිවිසුම අත්සන් කරන්න කොරියාවට එනවා. ඔන්න ඔය අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන අන් ජුන්ග් ගුන් ඉටෝව මරන්න සැලසුම් කරනවා. ඒ කොරියානු නිදහස් හමුදාවේ සගයින්ගේ උදව් ඇතුව. රුසියානු පාලනය යටතේ තියෙන හාර්බින් වලදි තමා ඝාතනය කරන්න සැලසුම් කරන්නේ. කුතුහලය නැති වෙන හින්දා මන් තව කතාව කියන්න යන්නේ නෑ. එහෙනම් හැමෝම ෆිලුම බලලම ඉන්නකෝ.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නයන බුද්ධික (Baiscopelk)
IMDb 6.4 /10 552 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Woo Min-ho
Director

Cast

Hyun Bin isAhn Jung-geun
Ahn Jung-geun
Park Jeong-min isWoo Duk-soon
Woo Duk-soon
Jo Woo-jin isKim Sang-hyun
Kim Sang-hyun
Lee Dong-wook isLee Chang-sup
Lee Chang-sup
Park Hoon isMori Tatsuo
Mori Tatsuo
Yoo Jae-myung isChoi Jae-hyung
Choi Jae-hyung
Lily Franky isItō Hirobumi
Itō Hirobumi
Jung Woo-sung isPark Jum-chool
Park Jum-chool
Kim Zio isOhtani
Ohtani

Similar titles

Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judaa Hoke Bhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deepwater Horizon (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Azaad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Epic Tails (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tashan (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sniper: The White Raven (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Point Men (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Heart of Stone (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rajakili (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Airlift (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published