EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඅධිකරණ වෛද්‍ය නිලධාරියෙක් අල්ලේ නටවන අපරාධකාරයෙක්
මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ තෙළිගු ෆිල්ම් එකක්. අධිකරන වෛද්‍ය නිලධාරියෙක්, එහෙම නැත්තන් Forensic Officer කෙනෙක්ව බ්ලැක්මේල් කරලා, කෙනෙක් එයාව පාවිච්චි කරන සිද්දියක් ගැන තමයි කෙටියෙන්ම කිව්වොත් මේ ෆිල්ම් එකේ තියෙන්නේ.
වැඩි කතා නැතුව කතාවට බැස්සොත්, අර්ජුන් කියලා කියන්නේ දක්ෂ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්. එයාට පුංචි හෝඩුවාවක් වුනත් ඇති අපරාධයක් විසදන්න. කොහොමහරි එක අපරාධයක් සිද්ද වෙච්ච තැනකදි මෙයාට ගෑණු ළමයෙක් මුණ ගැහෙනවා. ඒ වෙලාවෙම අර්ජුන්ට එයා ගැන ආදරයක් ඇති වෙනවා. කොහොමහරි දෙන්නා යාළු වෙනවා.
දවසක් මේ ගෑණු ළමයා අර්ජුන්ට කතා කරනවා, එයාගේ වැඩ වලින් ටිකක් අයින් වෙලා දවස් 10 කට කොහේ හරි ට්‍රිප් එකක් යමු කියලා. ඉතින් දෙන්නත් එක්ක මේ ගමන යනවා. මේ අතරේ ඉතින් මෙයාලගේ හැගීම් දුර දිග ගිහිල්ලා මෙයාලා Sex එහෙමත් කරනවා. කොහොමහරි දවස් 10 ගත කරලා මෙයාලා ආයෙත් යන්න පිටත් වෙනවා.
ඒ අතරේ අර්ජුන්ගේ ගෑණු ළමයගේ ෆෝන් එකට කෙනෙක් වීඩියෝ එකක් එවලා. බලද්දි මේ දෙන්නා රූම් එකේ කරපු දේවල් කවුරුහරි කෙනෙක් වීඩියෝ කරලා. ඉතින් දෙන්නා හොදටම බය වෙනවා. මෙතනින් තමයි වැඩේ පටන් ගන්නේ. කොහොමහරි මේ බ්ලැක්මේල් කරන කෙනා අර්ජුන් කවුද කියන එකත් හොදටම දන්නවා. ඒ නිසා, සල්ලි වලට එහා ගිය තව දේවල් වගයක් මේ කෙනාට කරගන්න අවශ්‍ය වෙනවා.
එහෙනම් බලන්නකෝ මේ කෙනා කවුද, ඒ කෙනාගේ අරමුණ මොකක්ද කියලා.


