EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Ad Vitam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageAd Vitam (2025) | “ජීවිතය වෙනුවෙන්”
Ad vitam එහෙම නැත්තම් “ජීවිතය වෙනුවෙන්” කියන්නෙ 2025 දි Netflix මගින් රිලීස් කරපු ප්‍රංශ භාෂා ක්‍රියාදාම චිත්‍රපටයක් , මේ ෆිල්ම් එකට Rodolphe Lauga විසින් අධ්‍යක්ෂණයෙන් හා Guillaume Canet ප්‍රධාන චරිතයෙන් දායක උනා.Action/Crime/Thriller/Drama/Mystery කැටගරි වලට වැටෙන මේ ෆිල්ම් එකට IMDB දර්ශකයේ 6/10ක අගයක් හා Rotten Tomatoes දර්ශකයේ 42%ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි ෆ්‍රෑන්ක් ලසරව්.එයයි එයාගෙ බිරිඳ ලියෝයි ගොඩක් ලස්සන සතුටින් ජීවත් වෙන පවුලක්.මේ දෙන්නම හිටපු GIGN නිළධාරී වරු.GIGN කියන්නෙ ප්‍රංශ පොලිස් ඒකකයක්,ඒක ත්‍රස්තවාදයට එරෙහි වීම, ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම සහ අනෙකුත් අධි අවදානම් මෙහෙයුම් සඳහා විශේෂීකරණය උන කණ්ඩායකම්.ෆ්‍රෑන්ක්ගෙ බිරිද ප්‍රෙග්නට්.
දවසක් මේ දෙන්න ගෙදර ඉදිද්දි මූනු ආවරණය කරගත්තු කණ්ඩායමක් මෙයාලගෙ ගෙදරට කඩා වැදිලා ලියෝව පැහැරගෙන යනවා..කප්පම විදිහට ඉල්ලන්නෙ ෆ්‍රෑන්ක්ගෙ GIGN එකේ බැජ් එක.මොකක්ද මේ බැජ් එක.බැජ් එකක එ තරම් වැදගත් කම මොකක්ද.ෆ්‍රෑන්ක්ට ලියෝව බේරගන්න පුළුවන් වෙයිද.ඒක දැනගන්න සම්පූර්ණ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා…












