EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAKA (2023) | ත්‍රස්තවාදයේ සංක්ෂිප්තය..
Jason Bourne, Extraction ටයිප් එකේ චිත්‍රපටියක් බලන්න කැමතිද ?
හැබැයි තාත්වික ක්‍රියාදාම තියෙන. අද මම ගෙනාවෙ අන්න ඒ වගේ ප්‍රංශ ක්‍රියාදාම චිත්‍රපටියක්..
ත්‍රස්තවාදය පිළිබදව සංක්ෂිප්තයක් හරිම ලස්සනට ඔබ ඉදිරියේ දිග හරින නිර්මානයක්. කෙටියෙන් කිව්වොත්
තිත්ත ඇත්ත මේකයි කියල තට්ටුවක් දාල පෙන්නන නිර්මානයක්.
ඇඩම් ෆ්‍රැන්කෝ (Alban Lenoir), බුද්ධි නිළධාරියකු වන කෲගර් (Thibault de Montalembert) යටතේ ප්‍රංශ රජය වෙනුවෙන් වැඩ කරන රහසිගත විශේෂ මෙහෙයුම් නියෝජිතයෙකි. ටියුනීසියාවේදී සිදුවන මෙහෙයුමක් අවසානයේ ප්‍රංශයට කැදවන ෆ්‍රැන්කෝ හට ප්‍රංශ අමාත්‍යයවරයකු වන මාර්කොනට්ගේ මග පෙන්වීම යටතේ කෲගර් විසින් ප්‍රංශය තුල සැගව සිටින සුඩාන් යුධ නායකයකු වන මොක්තාර් අල් තයීබ් (Kevin Layne) සොයා ඝාතනය කිරීමේ වගකීම පවරයි. ඔහුගේ ඉලක්කයට සමීප වීමේ පහසුව තකා ෆ්‍රැන්කෝ, ප්‍රංශ මැර කල්ලි ප්‍රධානියකු වන “වික්ටර් පැස්ටෝර්” (Eric Cantona)ගේ මැර කල්ලියට එකතුවේ. වික්ටර් පැස්ටෝර්ගේ කල්ලිය හා ඇමට්ගේ කල්ලිය අතර ඇතිවන දරුණු සටන් හමුවේ තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන ෆ්‍රැන්කෝ හට විකටර්ගේ සිත දිනාගැනීමට හැකිවේවිදි ? වික්ටර්ගේ උදව්වෙන් ෆ්‍රැන්කෝ හට ත්‍රස්ත නායක මොක්තාර් අල් තයීබ් හසුකර ගැනීමට හැකිවේවිද ? කෲගර්, මාර්කොනට් හා අල් තයීබ් අතර ඇති රහසිගත ගනුදෙනුව කුමක්ද ?
Alban Lenoir ගේ විශිෂ්ඨ ක්‍රියාදාමවලින් පරිපූර්ණ වූ AKA(2023) IMDB 6.6 අගයක් ලබා ගැනීමට සමත්වී ඇත. අධ්‍යක්ෂනය හා තිර රචනය Morgan S. Dalibert විසින්. Alban Lenoir,Eric Cantona,Thibault de Montalembert,Kevin Layne රංගනයෙන් දායක වන වසරේ විශිෂ්ඨතම ක්‍රියාදාම චිත්‍රපටයක් වන AKA(2023) මග නොහැර නරඹන්න. චිත්‍රපටය තුල වැඩිහිටියන්ට සුදුසු දර්ශන අඩංගුවේ.




