CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kay Fenton, Paul Ibbetson, Raymond Becket, Ridley Scott
Cast
Go Full Cast PageAlien (1979) | පරණ වුනත් රජ බඩුවක්…
අවුරුද්ද දිහා බලලා චිත්‍රපටි මනින එක වැරදියි කියලා කියන්න හොඳ උදාහරණයක් අරගෙන තමා මම අද ආවේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් හා තවත් සම්මාන 12 ක් දිනා තවත් නිර්දේශ වීම් 18 ලබා IMDB චිත්‍රපට ශ්‍රේණීගත කිරීම් වල 8.5/10 ක් සමඟින් ලොව හොඳම චිත්‍රපට 250 අතර 41 වෙනි ස්ථානයේ පසුවෙන තවත් අමුතුම චිත්‍රපටියක්. දැන් තරම් තාක්ෂණික උපක්‍රම දියුණු නැති යුගයක නිපදවුණු නිසාම මේ චිත්‍රපටිය බොහොම විශිෂ්ට එකක් කියලා අවිවාදයෙන්ම කියන්න පුළුවනි.
මම කතාව පොඩ්ඩක් කියන්නම්. කතාව පටන් ගන්නේ ශිශිරතාරක නින්දේ පසුවෙන සත් දෙනෙකුගෙන් යුතු කාර්යය මණ්ඩලයක් සමඟ Thedus නම් ග්‍රහලොවේ සිට ඛණිජමය පාෂාණ රැගෙන පෘතුවිය කරා එන යානාවක් සමඟිනුයි. එහෙත් යානයේ පරිගණකය මඟින් මෙම ශිශිරතාරක නින්ද් පසුවෙන කාර්යමණ්ඩලය හදිසියේම අවදිකරනු ලබනවා. ඒ නොදන්නා ග්‍රහකය සිට එන පණිවුඩ ග්‍රහණය වීමක් හේතුවෙනුයි. ඉතින් මේක කුමක්ද කියලා බලන්න මෙම යානාවේ කට්ටිය එම ග්‍රහකයට ගමන් කරනවා. ඒත් අවාසනාවකට ගොඩ බෑමේදී යානයට යම් තරමක හානියක් සිදුවෙනවා. ඉතින් මේ යානයේ අලුත් වැඩියාවන් සිදුවෙන අතරතුර කණ්ඩායමක් මෙම පණිවිඩ මූලාශ්‍රය සෙවීමේදී එය අත්හැර දමන ලද පිටසක්වල යානයකින් නිකුත් වූවක් බව හොයාගන්නවා. ඉතින් ඊට පස්සේ…..
එක්කෝ ඉතුරු ටික ඉතින් බාගෙනම බලමු නේද? මේ පණිවිඩය මොකක්ද? යානය අත් හැරලා තියෙන්නේ මොකක් හින්දද? කට්ටියටම පණපිටින් ආපහු යාවිද? අවසානය දක්වාම, මම කියන්නේ අනිතිම අවසානය දක්වාම බලන්න වටින චිත්‍රපටියක් තමා මේක. මොකද ඉවර වෙන්න ටිකකට කලින් ඉවරයි කියලා හිතුවත් ඒක ඉවරම නොවෙන්න පුලුවන්. ඒ නිසා හොඳට බලන්න. කමෙන්ට් එකකුත් දාලම යන්න.











