CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Arthur the King (2024) | ජයග්‍රහණය, පක්ෂපාතිත්වය සහ මිත්‍රත්වය

අද අරගෙන ආවේ සුපිරි ඇඩ්වෙන්චර් ෆැමිලි ගනයට අයත් මූවි එකක්.

Arther the King කියන්නේ 2024 මාර්තු 15 රිලීස් උන ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

ජයග්‍රහණය කරන්න අවසන් අවස්ථාවක් ලබා ගනිමින් මංමුලා සහගතව ඉන්න මයිකල් ලයිට් කියන ධාවන ශූරයා, ඩොමිනිකන් ජනරජයේ පැවැත්වෙන වික්‍රමාන්විත ධාවන ලෝක ශූරතාවලියට යන්න සූදානම් වෙනවා…ඉතින් ඔහුගේ කන්ඩායමට අනුග්‍රාහකයෙක් හොයාගන්න ගොඩක් අමාරුවෙනවා..

කොහොමහරි අඩු මුදලකින් තරගය පටන් අරන් කණ්ඩායම විඳදරාගැනීමේ බාහිර සීමාවන්ට තල්ලු වෙද්දී, ආතර් කියන බල්ලෙක් මුල ඉදන්ම මනුස්සයෙක්ටවත් යාගන්න අමාරු මේ සවාරියට එකතු වෙන්නේ කවුරුත් හිතපුවත් නැති වෙලාවක…ඔහුත් එක්ක මේ තරගට දිනන්න මයිකල් ඇතුලු මේ අයට පුලුවන් වෙයිද? , ජයග්‍රහණය, පක්ෂපාතිත්වය සහ මිත්‍රත්වය කියලා ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද කියලා ඔයාලාට කතාව බලද්දී තේරෙයි…එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

Comments

May 18, 2024

Good